IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ජොන්ස්ටන්ගේ නඩුව වාර්තා කිරීම තහනම් කරයි

පුෂ්පකුමාර ජයරත්න

 

හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුව වාර්තා කිරිම සඳහා කිසිදු මාධ්‍යවේදීයකුට මහාධිකරණයට ඇතුළු වීම තහනම් කරමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (11) නියෝගයක් නිකුත් කළාය.

ලංකා සතොස සමාගමට අයත් කුරුණෑගල යන්තම්පලාව ශාඛාවෙන් භාණ්ඩ තොගයක් ගෙන ඊට අදාළ ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවට අදාළ නඩුව අද (11) කුරුණෑගල මහාධිකරණයේ දී කැඳවිණි.

එම නියෝගයට අනුව පැමිණ සිටි මාධ්‍යවේදීන්ට මහාධිකරණයට යාමට ප්‍රධාන ගේට්ටුවෙන් කුරුණෑගල අධිකරණ පරිශ්‍රයටවත් ඇතුළු වීමට ආරක්ෂාව යොදවා සිටි පොලිස් නිලධාරිහු ඉඩ නොදුන්හ.

කුරුණෑගල ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට කුරුණෑගල අධිකරණයේ විභාගවන නඩුවක් වාර්තා කිරිම තහනම් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය වේ.

හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු ඔහුගේ පෞද්ගලික ලේකම්වරයකු වු මොහොමඩ් හකීර් සහ සතොස  හිටපු සභාපතිවරයකු වු නලීන් ප්‍රනාන්දු යන තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබේ.

නඩුව අද (11) දින සිට අඛණ්ඩව විභාගයට ගැනීමට නියමිතය.

 



අදහස් (24)

ජොන්ස්ටන්ගේ නඩුව වාර්තා කිරීම තහනම් කරයි

sam Tuesday, 11 September 2018 07:07 AM

උසාවියේදී ඇත්ත එලිවෙනවට ලැජ්ජා නම් හොරකම් නොකර ඉන්න ඕනෑ. නඩු විභාගය වසන් කලාට දෙන දඬුවම නම් වසන් කරන්න ටිකක් අමාරුයි .

:       27       272

suranga Tuesday, 11 September 2018 07:10 AM

ඉතා වැදගත් එඩිතර තින්දුවක්

:       237       160

Bamunuarachchi Tuesday, 11 September 2018 07:13 AM

මහා බැංකු කොල්ල නඩුවට පෙර හුරුවක්.

:       159       222

Hafeel Tuesday, 11 September 2018 07:21 AM

මාධ්‍යට තහනම් කලයි කියලා, නඩු තීන්දුව හංගන්න බැහැනේ.

:       0       10

Bamunuarachchi Tuesday, 11 September 2018 07:21 AM

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමවත් ප්‍රයෝජනයට ගෙන ජනතාවට නියම තොරතුරු දැනගන්න බැරිද.

:       0       8

KANDEPOLA Tuesday, 11 September 2018 07:25 AM

මොකක්ද අධිකරණයේ පරමාර්ථය. ජනතාවගෙන් කරුණු වසන් කිරීමේ අරමුණ කුමක්ද. අධිකරණය මේ ආරක්ෂා කරන්න හදන්නේ කාවද ? අධිකරණයට එසේ කරන ලෙස උපදෙස් දුන්නේ කවුද ?

:       0       9

sirimal Tuesday, 11 September 2018 07:39 AM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ වත්ද? කොහොම වෙතත් ඒ කාලයේ කුරුණෑගල නඟරය වැහෙන්න දැවැන්ත කටවුට් ගහල මේගොල්ලෝ විනාශ කරපු සල්ලි අපරාදේ වෙන්න බැහැ. මොකද ඊළඟ වතාවේ බලය ලැබුනොත් පොලියත් එක්කම ආපහු හම්බ වෙනවානේ. ඊයේ කිවේ ඔය විශේෂ අධිකරණ වලට ගෙනෙන නඩු අහල අහවරක් කරන්න ඉතුරුවෙලා තියෙන කාල සීමාව හොඳටම මඳි කියලනේ.ඉතින් මක්කටෙයි අපි බය වෙන්නේ?

:       1       86

පුබුදු Tuesday, 11 September 2018 07:50 AM

මේ වගෙ තීරණ ගන්න අධිකරණයේ සුරදුතයින් මොනවගේ තීන්දු දෙයිද කියල කොයි දෙයියන්ටද කියන්න පුළුවන්?

:       2       113

gunarathna Tuesday, 11 September 2018 08:02 AM

මාධ්‍ය නිදහස, සහජීවනය, යහපාලනය ?????????????

:       59       116

Nandalal DE SILVA - France Tuesday, 11 September 2018 08:12 AM

ජොන්ස්ටන්ගේ පක්ෂයෙන්ද මේ තීරණය ඉල්ලා සිටියේ ? ලැජ්ජා හිතිලා වෙන්න ඇති ගහපු ගැහිලි එළිවෙන නිසා ! රටේ ජනතාවගේ මුදල් හොරකම් කරන්න හොඳයි, නමුත් ඒ සෙල්ලම් දොට්ට යනවාට, ලැජ්ජයි, බයයි ! මේ උසාවි තීරණය ප්‍රජාතන්ත්‍රවාදයටත්, මාධ්‍ය නිදහසටත් මරු පහරක්. රජයේ පාර්ශවයෙන් මේ තීරණය හකුලා ගැනීමට සියලු කටයුතු කල යුතුය.

:       8       211

gunarathnaTuesday, 11 September 2018 10:44 AM

ඔබතුමා කොහොමද දන්නේ ජොන්ස්ටන්ගේ ඉල්ලීමක් කියලා උසාවියෙන් දෙනුම් දීමක් කෙරුවද. නිකම් හිතලු වලට ප්‍රතිචාර දක්වන්න එපා... මේක උසාවියේ තීන්දුවක් වෙන්ට බැරිද?

:       0       89

rohana Tuesday, 11 September 2018 09:35 AM

ඔය තීන්දුව මෙයාට විතරක් නෙවෙයි සහෝදර සමාගමටත් දෙන්න ඕන.

:       24       50

BamunuarachchiTuesday, 11 September 2018 11:05 AM

හැබැයි ඔය තීන්දුව බැංකු කොල්ල කරුවන්ට දෙන්න එපා එළිපිට නඩු අහන්න.

:       1       40

dias Tuesday, 11 September 2018 10:10 AM

මේක ඒකාබද්දේ ඉල්ලීමක් වගේ.

:       38       4

ජයතුංග Tuesday, 11 September 2018 10:20 AM

මේක හොද තීන්දුවක්. රටට වැදගත්, රටට අභිමානයක් වන ජනතා නායකයෙකු ගැන ජනතාව අතර අපකීර්තියක් ඇති වීම වැලැක්විය යුතුයි. ඔහුන් රට ආරක්ෂා කලා මෙන්ම, අපද ඔවුන්ව ආරක්ෂා කල යුතුය.

:       1002       145

ලුම්බිණි Tuesday, 11 September 2018 10:58 AM

බලන කොට ජොන්ස්ටන් ප්‍රනාන්දුලට තවමත් දේවල් කල හැකියි.

:       0       7

Bamunuarachchi Tuesday, 11 September 2018 11:08 AM

මේවගේ අය තියා ගන්න ලැජ්ජයි නේද ? පන්නා දමන්න.

:       0       17

RNG Tuesday, 11 September 2018 11:46 AM

හැමදේකටම ඒකාබද්ධ ගාවගන්න එපා ඩයස්. අධිකරණය ස්වාධීන නම් ඒකාබද්ධය ට වඩා බලයක් අධිකරණයට තියෙනවනේ ..

:       3       22

රවින් Tuesday, 11 September 2018 12:09 PM

ගරු අධිකරණයේ ස්වාධිනත්වයට වගේම මාධ්‍ය ස්වාධිනත්වයත් වැදගත්. මෙම වීධානය ව්‍යවස්ථාවට පටහැනිද කියන කාරණය සලකා බැලිය යුත්තක්.

:       0       0

de silva Tuesday, 11 September 2018 04:37 PM

අපටත් තිබෙනවද මේ වගේ වරප්‍රසාද?

:       0       1

Bamunuarachchi Tuesday, 11 September 2018 04:43 PM

ජයතුංග මේ කා ගැනද කියන්නේ?

:       0       34

පුබුදුTuesday, 11 September 2018 11:51 PM

කසිප්පු විස්කි කරන කෙනෙක් ගැනද? !

:       0       0

Mahee Wednesday, 12 September 2018 02:51 AM

දියුණු රටවලත් විත්තිකාරයාගේ නම ප්‍රසිද්ධ කරන එක මාධ්‍යයට තහනම් කරනවා. හැබැයි, එහෙම කරන්නේ චුදිතයන්ට අගතියක් ඇති නොවීම සඳහා. මේ සිද්ධියේදී මුළු රටම දන්නා පුද්ගලයන් තිදෙනෙකුට එරෙහිවයි නඩුව. මෙතන මොකක්ද හංගන්න තියෙන්නේ. මේ තීරණය ජනතාවගේ අයිතියක් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් හැටියටයි මම නම් දකින්නේ.

:       0       0

OMG Wednesday, 12 September 2018 05:08 AM

හොර, මැරකම් කරලා උසාවියට මුහුණු වහගෙන යන එකේ ඕක මොකක්ද? ජනතාව දන්නවා සත්‍ය මොකක්ද කියලා. ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31577 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13936 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11081 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 166 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1094 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site