
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා පැහැරගෙන බොරැල්ල සුසාන භූමියට රැගෙන ගොස් ඝාතනය කිරීමට උත්සාහ දරා ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු හමුවීම සඳහා යන බව බිරිඳට පවසමින් කුරුඳුවත්ත මල් පාර නිවසින් සභාපතිවරයා අද දහවල් පිටත්ව ගොස් තිබූ බව පොලීසිය කියයි.
ඔහුගේ බිරිඳ මද වේලාවක දී ඔහුට දුරකථන ඇමතුම් ලබා ගෙන ඇති අතර සභාපතිවරයාගේ දුරකථනය ක්‍රියා විරහිත ව තිබී ඇති අතර බිරිඳ ජංගම දුරකථනයට ඔහු බොරැල්ල සුසාන භූමිය තුළ රැඳී සිටින බවට සංඥා ලැබී ඇතැයි පොලිසිය කියයි.
වහා ක්‍රියාත්මක වූ සභාපතිවරයාගේ බිරිඳ සමාගමේ විධායක නිලධාරියකුට ඒ බව පවසා බොරැල්ල සුසාන භූමිය වෙත එවා ඇති අතර ඔහු පැමිණ කළ සොයා බැලීමේදී සභාපති වරයා පැමිණි මෝටර් රථයේ රියදුරු අසුන මත ඔහුගේ අත් දෙක ගැට ගසා ගෙලට වයරයක් දමා තිබෙන අයුරු එක තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.


2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජනශක්ති සභාපති ඝාතන තැත වරදී
sampath Thursday, 15 December 2022 09:38 PM
බොරැල්ලෙ කනත්තට අවමංගල රථ හැර වෙනත් රථ ඇතුළු කරන්න දෙන්නේ නෑ. එතකොට මේ තැනැත්තා ණය මුදලක් දෙන්න මහපාරට යන්නේ මොකටද බැංකුවෙන් හරි ගෙදරදි හරි ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එකක් කරන්න තිබුණනේ.
BempiFriday, 16 December 2022 12:24 AM
ණයක් දෙන්න නෙමෙයි....රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු හමුවීම සඳහා යන බව..... ණයක් ගත්තු එකෙක් හමුවීම සඳහා ගියබවයි මට හිතෙන්නේ.
PereraFriday, 16 December 2022 07:01 AM
දීපු ලොකු ණය මුදලක් ආපහු ගන්න වෑයමක නිරතවෙලා ඉඳලා තියෙන්නේ .කනත්තට බලයෙන් වගේ ගෙනිහින් තියෙන්නේ
arschfikaa Thursday, 15 December 2022 11:41 PM
මිනීමරු සිංහල සුරුට්ටුවන්ගේ මේවගේ දේවල් හරියට පළකරන්නෙම නෑනේ.ඕකම මුස්ලිම් හෝ දෙමල අයෙක් කෙරුවා නම් නම් ගම් ,ආපු ෆ්ලයිට් ,ආපු වෙලාව හැම මගුලම දායි .
කිරිපුතා Thursday, 15 December 2022 11:57 PM
සිද්ධිය මොකක් වුවත් ආදරණීය බිරිඳගේ සොයා බැලීම නිසයි ඔහු දිවි ගලවාගෙන ඇත්තේ වගක් වැටහෙනවා. මේක වෙනම කතාවක් නෙවෙයි නම්.
sharm warn Friday, 16 December 2022 09:58 AM
ජාතික රක්ෂණ සංස්ථාව කියලා එකක් තිබුනා ඒ කාලේ.ඒක විකිණුවා.ගත්තේ ජනශක්ති එකෙන් .ජීවිතේ හැම දෙයක්ම සල්ලි නෙමෙයි කියලා තමයි මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ .අපි යන්නේ කවදද කොහොමද කියලා අපි දන්නේ නෑ .ඒ නිසා සල්ලි වලින් උඩ පැන්නත් වැටෙන්නේ බිමට කියලා මතක තියාගෙන 2023 ට ඇතුළු වෙන්න