IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ජිනීවා සමුළුවට කලින් ඇම්නෙස්ටිය කට අරී

කොටි සංවිධානයට එරෙහිව රජය හිමිකැරගත් හමුදා ජයග‍්‍රහණය ගැන පැවැත්වූ පරීක්ෂණය හැම මට්ටමකින්ම දෝෂ සහගත යැයි ද අන්තර්ජාතික මට්ටමින් යුද අපරාධ සෝදිසියක් වෙනුවෙන් ශ්‍රී ලංකාව කිසිම ආදේශයක් ඉදිරිපත් කැර නැතැයි ද ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය කීය. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් කමිටුව ඉදිරියේ ශ්‍රී ලංකාවේ ප‍්‍රශ්නය මතුවීමට සතියකට කලින් පිටු 69ක වාර්තාවක් ඉදිරිපත් කරන මෙම සංවිධානය උගත් පාඩම් හා සංහිඳියා කොමිසම දැඩි විවේචනයට ලක් කරයි. 2009 මැයි මාසයේ පැවැති අවසන් යුද්ධයේ දී අඩු ගණනේ දසදහසක් මරා දමන්නට ඇතැයි උතුරේ සේවය කළ සහන සේවකයන් හා ඇසින් දුටුවන්ගේ සාක්කිද ඉදිරිපත් කරමින් ”ක්ෂමා සංවිධානය” කියනුයේ සාමාන්‍ය වැසියන් විශාල වශයෙන් රැුස්වී සිටි ප‍්‍රදේශවලට යුද හමුදාව දැන දැනම ෂෙල් ප‍්‍රහාර එල්ල කළ බවයි. සටනට සම්බන්ධ නැති සාමාන්‍ය වැසියන් මිනිස් පළිහක් ලෙස යොදා ගත්තැයි එම සංවිධානය කොටි සංවිධානයට ද දොස් කියයි. ”යුක්තිය ඉටුවන්නේ කවදාද” යනුවෙන් නම් කැර ඇති මේ වාර්තාවෙන් එම සංවිධානය කියනුයේ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ අධිකාරිය, සංයුතිය හා කළ කී දෑ සියල්ල හැම මට්ටමකින්ම දෝෂ සහගත බවයි. එම කොමිසමේ සිටින රජයේ සේවකයන් ගණන උලූප්පා පෙන්වන වාර්තාව සඳහන් කරනුයේ හිතාමතා නීතිය කඩකිරීම, නීති විරෝධී ඝාතන හා බලයෙන් සිදුකළ අතුරුදන් කිරීම් ගැන සෙවීමට එම කොමිසම අපොහොසත් වී ඇති බවයි. අන්තර්ජාතික පරීක්ෂණයක් කරනු වෙනුවට උගත් පාඩම් හා සංහිඳියා කොමිසම ලවා පරීක්ෂණයක් කිරීමෙන් ශ්‍රී ලංකා රජය අන්තර්ජාතික ප‍්‍රජාව නොරැුවටිය යුතු බව ද මෙයින් සිදුවනුයේ යුද අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ අභියෝගයට ලක් නොවීම යැයි ද එම සංවිධානයේ ආසියා ක්ෂාන්තිකර අධ්‍යක්ෂ සෑම් සරිපි කියයි. ශ්‍රී ලංකා රජය කියනුයේ ආරක්ෂක හමුදා අතින් එකම සාමාන්‍ය වැසියකුවත් මිය නොගිය බවයි. එහෙත් පසුගිය අපේ‍්‍රල් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බෑන් කී මූන් විසින් පත් කරන ලද කමිටුව කියා සිටියේ ශ්‍රී ලංකාවේ දෙපාර්ශ්වයම යුද අපරාධ කළ බවට ”විශ්වාස කළ හැකි චෝදනා” ඇති බවයි.



අදහස් (0)

ජිනීවා සමුළුවට කලින් ඇම්නෙස්ටිය කට අරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site