( තිළිණි ද සිල්වා )
විදේශ සබදතා අමාත්‍යාංශයේ නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයකුට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීමත් සමග නිලධාරිනිය මීට පෙර දෙසතියක් සේවයේ නිරතව සිටි ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ කාර්ය මණ්ඩලයට ද ‘ස්වයං නිරෝධායනය’ සඳහා යොමුවීමට උපදෙස් නිකුත් කර ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය සදහන් කරයි.
ඒ අනුව ජිනීවා නුවර පිහිටි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ද සති දෙකක් වසා දමා එහි කාර්යාලය මණ්ඩලය ස්වයං නිරෝධායනයකට නිරත වීමට ද පියවර ගෙන ඇතැයි එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.
පූර්ව ආරක්ෂිත පියවරක් වශයෙන් මෙම නිලධාරිනිය සේවයට වාර්තා කළ දින තුළ මුණගැසුණු සියලුම නිලධාරීන්ටද, නිලධාරිනිය සහ පවුලේ සාමාජිකයා වාසය කරන අමාත්‍යාංශයට අයත් නිල නිවාසයන්හි වෙසෙන සියලුම නිලධාරීන් සහ එම පවුල්වල සාමාජිකයන්ටද, කාර්ය මණ්ඩලයට ද ‘ස්වයං නිරෝධායනය’ සඳහා යොමුවීමට උපදෙස් නිකුත් කළ බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.
විදේශ සබඳතා අමාත්‍යාංශයේ සේවයේ නියුතු නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයකු කොරෝනා වෛරසය (COVID -19) ආසාදිතයකු වශයෙන් හඳුනාගැනීමෙන් පසුව සහ වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම වළක්වා ගැනීම සහ අවම කිරීම සඳහා මෙම ආරක්ෂිත පියවර මාලාව ගත් බවද එම අමාත්‍යාංශය පෙන්වා දේ.
2025 නොවැම්බර් මස 17
19
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
865
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ජිනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට