IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


ජිනීවා යෝජනාව ඒකමතිකව සම්මත වෙයි

ශ්‍රී ලංකාවේ හා ඇමරිකාව ඇතුළු රටවල් 25 ක සහායෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ජිනීවා නුවරදී ඉදිරිපත් කළ යෝජනාව අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.10ට පමණ සම්මත විය.

ඡන්ද විමසීමක් අවශ්‍යදැයි සභාපතිවරයා විමසූ විට සභාව නිහඬවී සිටියේය.

යෝජනාව පිළිබඳව එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා යෝජනාව සම්මතවීමට පෙර කථාකරමින් පැවසූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැනුම හා උදව් ඇතිව ශ්‍රී ලංකාව මෙම දේශීය පරීක්ෂණය ඉටු කරන බවයි. සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයාට ශ්‍රී ලංකාවේ ජීවත්වීම සඳහාවන සංහිඳියාව, යුක්තිය හා සාධාරණය ඉෂ්ට කරන බවත් ඔහු කීවේය.

දකුණු අප්‍රිකා නියෝජිතයා කථා කරමින් ශ්‍රී ලංකාව ස්වයං විවේචනයක යෙදෙමින් අතීත සිද්ධි ගැන පරීක්ෂණයක් කිරීමට එකඟවීම අගය කරන බවත් එවැනි දේ ගැන බොහෝ අත්දැකීම් ඇති දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට හැම සහායක්ම දෙන බවත් පැවසීය. 13 වැනි සංශෝධනය අර්ථවත් ලෙස පනවා බලය විමධ්‍යගත කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ දෙමළ ඩයස්පෝරාවේ හඬද මේ ප්‍රශ්නය විසඳීමේදී වැදගත් සාධකයක් බවත් දකුණු අප්‍රිකාව කියා සිටියේය.

ඝානා නියෝජිතයා කියා සිටියේ පසුගිය මාස 9 දී ශ්‍රී ලංකාවේ නව රජය ගත් ක්‍රියාමාර්ග පැසසුම් කළ යුතු බවයි. 



අදහස් (0)

ජිනීවා යෝජනාව ඒකමතිකව සම්මත වෙයි

අජිත් Thursday, 01 October 2015 06:36 PM

මෙය 1815 උඩරට ගිවිසුමක් නොවේවා! එතිහාසික වැරදි නැවත සිදුවීමක් සිදු නොවෙයි කියා ප්‍රර්ථනා කරමි! (ර)

:       0       0

කුමාර Thursday, 01 October 2015 08:21 PM

රටට අවැඩක් නොවෙන ඕනෑමදේකට අපි කැමතියි (නි)

:       0       0

දුමින්ද Friday, 02 October 2015 01:56 AM

තිත්ත ඇත්ත! (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Friday, 02 October 2015 04:39 AM

රනිල් ,මෛත්‍රී කොන්දක් නැති නායකයින් බව මින් පැහැදිලි වේ ?මේවට වගකියන්න ඕන මහින්ද මහත්තය,ඒ වැරදි නිසා නිවටයින් රජවුණා (බ)

:       0       0

රසික Friday, 02 October 2015 05:40 AM

ඉතා විශිෂ්ට ජයග්‍රහණයක්. යම් වරදක් කළ අය සිටිනම් සොයාබලා සුදුසු දඩුවම් දී රටේ කීර්ති නාමය රැකගැනීමට මේ අවස්ථාවේදිවත් පියවර ගත්තොත් රටේ නිර්දෝශී භාවය අපිට චෝදනා කරන අයට පෙන්වන්න පුළුවන්. (බ)

:       0       0

රසික Friday, 02 October 2015 05:41 AM

රත්නායක, ඔයා කියන්නෙ සම්පූර්ණ ඇත්ත. මහින්ද මහත්තය බැන්කී මූන් එක්ක පරීක්ෂණයක් කරන බවට අත්සන් කරල ඒක නොකරපු නිසා තමයි මේ ප්‍රශ්නෙ මෙච්චර දුර ගිියේ. (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 02 October 2015 06:36 AM

නිදහස් රටක් තුළ සිදුවිය හැකි වැරදි එම රටම විසඳා ගැනීම ශිලාචාර වැඩක්. කෙසේවෙතත් වත්මන් රජය මෙම විෂය සම්බන්ධයෙන් ගත් ප්‍රවිෂ්ටය නිවැරදියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 159 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 306 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 656 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site