IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘ජිනීවා යෝජනාවලට ජනමත විචාරණයක් ඕනෑ‘

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් සම්මතවූ යෝජනාව අනුව අධිකරණයක් පිහිටුවන්නේ නම් ඊට පෙර ඒ පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටුවීමේදී විදේශීය නීතිඥවරු විනිසුරුවරුන් සහභාගී වන බවත් මානව හිමිකම් කොමසාරිස් කළ ප්‍රකාශයෙන් පැහැදිලි වන බව කී වීරවංශ මහතා පක්ෂ පාට බේද නොසලකා එයට විරුද්ධ වන ලෙස ජනතා නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින බවද කීවේය.

DSC_0355



අදහස් (0)

‘ජිනීවා යෝජනාවලට ජනමත විචාරණයක් ඕනෑ‘

විජිත් Friday, 02 October 2015 10:20 AM

හොඳයි ජනමත විචාරණයෙන් රටේ ජනතාව 50% ට වැඩියෙන් ' නැහැ ' කිවොත් බලවත් රටවල් ඒක අසාවිද..?ඒගොල්ලෝ කරන්නේ ඒ අයට ඕන එක මිසක් අපිට ඕන එක නොවෙයි. (ර)

:       0       0

ලුම්බිණි Friday, 02 October 2015 10:33 AM

කියන්නෙම මේවගේ වැඩක් නැති කතා. දැන්වත් ටිකක් කට පියා ගෙන ඉන්නකෝ . (අ)

:       0       0

බටන්ගල්ල Friday, 02 October 2015 11:28 AM

මේකට හේතුව ඉතින් මේක ලංකාවේදී ජනමතයෙන් පරාජය කළේ මම තමයි කියන්න මිසක් මේකෙන් ලැබෙන තර්කානුකුල ප්‍රතිපලයක් නැහැ. අනිත් එක තමයි මේ ජනමත විතාරණ වලට සල්ලි හොයන්නේ කවුද කියන එක. අන්තිමට පැරදුණාම එකටත් ලංකාවේ සිංහලයන්ටම බනීවි භයානක කම තේරුනේ නැහැ එකෙන් රට බාල්දු වුණා කියල.(අ)

:       0       0

විපුල Friday, 02 October 2015 12:26 PM

ජනමත විචාරණයක් තිබිය යුතුයි. (ර)

:       0       0

තිලක් Friday, 02 October 2015 01:01 PM

තර්කානුකූලව කතාකරන්න. කොකාකෝලා, ගූගල් ගැන කතා නොකර, මහින්දගේ කාලේ වගේ නැතුව, හොඳ ප්‍රායෝගික විකල්ප වැඩපිළිවෙලක් යෝජනා කරන්න. (නි)

:       0       0

පරාක්‍රම Friday, 02 October 2015 01:41 PM

මෙයාල කවදත් දැන දැන උගුරට හොරා බෙහෙත් කන, නැහැ බැහැ, විරුද්ධයි කියාගෙන, මේ ලෝකේ නැති කුමන්ත්‍රණ මවාපාමින්, මහජනතාව නොමග යැවීමට උත්සහ කරන, විහිලු කථා කියාගෙන බෙරිහන් දෙන අනුන්ගේ පහනෙන් එලිය " පෙන්වන" අය නේ. රැවටිලා , වැරදිලා මේ ගොල්ලන්ට ඡන්දය දීපු අයට හිතෙනවා ඇති කරගත්තු ගොන්කමක් කියලා. තව දවස් 1782 නේ , ඊට පස්සේ ෂුවර් එකට ගෙදර. අර හැඳුනුම් පත්, විදේශ ගමන් බලපත් හුටපටය යට ගහන්න බැරි වුණොත් ඊටත් කලින් ගෙදර තමයි. එතකොටවත් කනක් ඇහිලා ඉන්න පලුවන් වෙයි. (අ)

:       0       0

පරාක්‍රම Friday, 02 October 2015 01:50 PM

දැන් ඔය ජනමත විචාරණය පවත්වන්න කියන්නේ කාගේ මුදල් වලින්ද? (නි)

:       0       0

සිල්වි Friday, 02 October 2015 02:29 PM

අපි වෙනුවෙන් කතාකරලා ඔය යෝජනාවල වැරදි පෙන්නන්න විපක්ෂයක් නැති නිසා ජනමත විචාරණයක් තියන්න . අපිට අපේ මතේ කියන්න. ඔය එල්ලුම් ගහටත් ජනමත විචාරණයක් තිබිය යුතුයි. (ර)

:       0       0

පුජිත Friday, 02 October 2015 02:32 PM

ජනමත විචාරනෙට ගෙවන්නේ කවුද? (ර)

:       0       0

චලුන් Friday, 02 October 2015 03:14 PM

මේ වගේ අය, නමුත් මෙයා ඡන්දයේ 01, ඉතින් රටේ ඊට වඩා මෝඩයන් ඉන්නවා (අ)

:       0       0

නන්දලාල් ප්‍රංශය Friday, 02 October 2015 03:42 PM

විමල් සහෝදරයාගේ වැසිලා තිබුන හොරනවා, නැත්නම් යකඩ කට ඇරගන්න හොඳ "ටොපික්" එකක් එයාට ලැබුණා වගෙයි.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site