IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ජනවාරි 22 දා උසාවි එන්නැයි ජනපතිට - අගමැතිට නොතීසි

(මනෝප්‍රිය ගුණසේකර)    

                        
මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූට ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්කිදීම සඳහා ලබන වසරේ ජනවාරි මස 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අද (9) සිතාසි නිකුත් කළේය.                  

       
මෙම නඩුවේ සාක්කිදීම සඳහා අධිකරණයට පැමිණෙන ලෙස දැනුම් දෙමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට මෙලෙස සිතාසි නිකුත් කරන ලද්දේ පස්වැනි වතාවටය.                                           
මෙම නඩුව විභාග කිරීම සඳහා කැදවනු ලැබු අවස්ථාවේදී මෙම නඩුවේ විත්තිකාර එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අධිකරණයේ පෙනී සිටිමුත් එම නඩුවේ සාක්කිකරුවන් ලෙස නම් කර සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හෝ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.        

 
2014 දෙසැම්බර් මස 31 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූට ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීම මඟින් දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බව නීතිපතිවරයා විසින් චෝදනා නඟා ඇත.                                     
 
විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා තුන දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ සහ සිවිල් හා දේශපාලනඥයින් අතර ජාත්‍යයන්තර සම්මුති පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් සිදු කර ඇති බවද නඩු ගොනුවේ සඳහන් වේ.



අදහස් (9)

ජනවාරි 22 දා උසාවි එන්නැයි ජනපතිට - අගමැතිට නොතීසි

dasun Wednesday, 10 October 2018 03:52 AM

අපිට බෑ උසාවි යන්න. ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී. ඒ නිසා අපි පිටරටම යනවා,

:       0       45

rama Wednesday, 10 October 2018 04:16 AM

අදිකරණයට වාර්තා නොකිරීම අදිකරණයට අපහස කිරීමකි රනිල්ට නඩු දන්නා ඕනෙ

:       1       66

HafeelWednesday, 10 October 2018 07:49 AM

හොරාගේ අම්මගෙන් පේන ඉල්ලනවා සමානයි . දැක්ක නේද විජයක කළාට ලැබුණු වරප්‍රාසාද.

:       0       0

OMG Wednesday, 10 October 2018 04:38 AM

ඉර පායයිද?

:       0       20

Neel Perera Wednesday, 10 October 2018 05:19 AM

එතකොට මේ මුල්ම පුරවැසියන් දෙදෙනා කරන්නෙ අධිකරණයට අපහාස කිරීමක් නොවේද ? මෙපමණ කාලයක් ඉදිරියට තබා දැනුම්දීමේදීත් එයාලට දින වෙන් කරගැනීමට නොහැකි තරමට අවිවේකීද ?

:       0       107

gunarathna Wednesday, 10 October 2018 06:09 AM

මම නම් හිතන්නේ වරෙන්තු කෙරුවනම් හරි කියල.ගියොත් නඩුවෙන් පරදිනවා.

:       0       2

savanth Wednesday, 10 October 2018 07:11 AM

යන්නේ නැත්තේ හොරෙ අහුවෙන නිසා වෙන්න ඇති... ඥානසාර හාමුදුරුවෝ උසාවියට අපහාස කළාට හිරේ දානවානම් මේ වගේ පස්වරක් දැනුම් දුන්නත් යන්නේ නැති එකට මොකද කරන්නේ? ලොක්කා නම් දැන් පත්තරෙන් දැක්කා කියාවි...

:       0       0

Hafeel Wednesday, 10 October 2018 07:54 AM

19 වෙනි ආණ්ඩුක්‍රම පනත සම්මත වුණු සතුටෙන් මේ මෛත්‍රීපාල ජනාධිපතිම කිව්වේ මටත් ඉදිරියේ අධිකරණයට ඉදිරිපත් වෙන්න වෙනවා බව. කෝ ඉතින්? මේ නඩුව වෙනුවෙනුත් මහජන මුදල් නේද නාස්ති වෙන්නේ.

:       0       0

Ranga Wednesday, 10 October 2018 09:04 AM

"මට සිතාසි දීල කියලා මං දැන ගත්තේ පත්තරෙන්" කියල කියන්නේ නැත්තේ මේ දවස් වල පත්තර බලන්නේ නැතුව ඇති, වැඩේ පාඩු නිසා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site