
(යොහාන් භාසුර)
‘නව්‍යකරණය තුළ විශ්වාසනීය මාධ්‍යකරණයක් උදෙසා ජනාධිපති මාධ්‍ය සම්මාන 2025’ යන තේමාව යටතේ නෙළුම් පොකුණ රඟහලේදී අද (11) පස්වරුවේ පැවැති ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේදී මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටන් පස්දෙනෙක් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යාවජීව සම්මාන ලැබූහ.
පුවත්පත් ක්ෂේත්‍රයට කළ අනගි මෙහෙවර වෙනුවෙන් ‘ලංකාදීප’ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ, මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කළ ප්‍රාමාණික මෙවෙර අගය කරමින් සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, රූපවාහිනි ක්ෂේත්‍රයට කළ සේවය වෙනුවෙන් ශාන් වික්‍රමසිංහ, ගුවන්විදුලි ක්ෂේත්‍රයට කළ සේවය වෙනුවෙන් බී.එච්. අබ්දුල් හමීඩ් යන මහත්වරු සහ රූපවාහිනි ළමා වැඩසටහන් ප්‍රවර්ධනය සඳහා කළ සේවය වෙනුවෙන් ලලිතා සිරිබද්දන මහත්මිය මෙහිදී විශේෂ සම්මාන ලැබූහ.
පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනි ආදි ක්ෂේත්‍රයන් කීපයක 2023 වසරේ පළකිරීම් සහ විකාශනයන්ට අදාලව මෙම සම්මාන ප්‍රදානය කළේය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම සම්මාන උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූවාය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්ම මහත්මීහූ ඇතුළු ආරාධිතයන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.




2025 නොවැම්බර් මස 04
578
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනමාධ්‍ය විශිෂ්ටයෝ 5 ක් යාවජීව සම්මාන ලබති