IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජනපි‍්‍රයත්වය මට ලැබුණේ අපේ පවුලෙන්මයි

සම්මාන උළෙල දෙකකදීම පිට පිට ජනප‍්‍රිය නළුවාට හිමි සම්මානය යමෙකුට ලැබෙන්නේ කලාතුරකිනි. ඒ අවස්ථාව හිමි කරගැනීමට පුංචි තිරයේ ආදරණීය පෙම්වතා ලෙස නම් දැරූ සාරංග දිසාසේකරට හැකි වුණා. පසුගිය වසරේ සුමති ටෙලි සම්මාන උළෙලේ දී ජනප‍්‍රියම නළුවා වූ සාරංග මෙවර රයිගම් ටෙලී උළෙලේ දී ද ජනප‍්‍රිය නළුවාට හිමි සම්මානය ලබා ගත්තේය. අද අප සඳැල්ල කතාබහට ආරාධනා කළේ ඒ ජනප‍්‍රියම නළු සාරංග දිසාසේකරටයි. සාරංග නැවතත් පුංචි තිරයේ ජනප‍්‍රියම නළුවා සම්මානය ඔබට කොහොමද දැනෙන හැඟීම? මෙවැනි සිහිනයක් ඔබට තිබුණ ද? ක්ෂේත‍්‍රයට ආ දවසේ ඉඳලම ජනප‍්‍රිය බව කියන දේ දැනෙන්න ගත්තා. කාලය ගත වෙද්දී විවිධ චරිත ඔස්සේ පේ‍්‍රක්ෂයින් අතරට යන විට එය ටික ටික වැඩි වන බව මට දැනෙන්න ගත්තා. මුලින්ම ජනප‍්‍රිය සම්මානය ලැබුණේ ගිය වර සුමති සම්මාන උළෙලේදීයි. රයිගම් උළෙලේ දී මෙවර ඒ සම්මානය ලැබුණා. ටෙලි සම්මාන උළෙල දෙකක දී එක පිට ජනප‍්‍රිය සම්මානය ලබා ගැනීම විශේෂත්වයක් ලෙස මට හැඟෙනවා. ඒ නිසා පුද්ගලිකව මට මේ සම්මානය ඇත්තටම සුවිශේෂයි.   මේ ගැන ඔබ හැර වඩාත් සතුටු වෙන ඊළඟ කෙනා කවු ද? කතා දෙකක් නැහැ. ඒ මගේ ආදරණීය අම්මා. ප‍්‍රවීණ නිවේදිකා තිලකා රණසිංහයි. මේ උළෙලේ නිවේදන කටයුතු කළෙත් මම. සම්මානය මට ලැබුණු වෙලාවෙ එය ගෙනිහින් අම්මා අතටයි දුන්නේ. ඇත්තටම මේ සම්මානයේ ප‍්‍රධාන කොටස්කාරිය ඇයයි. අද මම යම්කිසි දක්ෂතාවක් පෙන්වනවා නම්, අම්මගෙ මග පෙන්වීම ඊට බලපාන්න ඇති. ඒ වගේම ජනප‍්‍රිය කියන සම්මානයට බලපාන්නේ රංගන දක්ෂතාව සහ නිවේදන කටුයුතු විතරක්ම නෙවෙයි. පුද්ගලික ජීවිතයේ ඇවතුම් පැවතුම් රටාව ගැනත් ජනතාව උනන්දු වන බව මගේ හැඟීමයි.   ජනප‍්‍රිය කියන මේ සංවිධානය හමුවේ නිළි පාර්ශ්වයෙන් ඔබට වඩාත් උණුසුම් ප‍්‍රතිචාරය ලැබුණෙ කාගෙන් ද? මේ දක්වා මගෙත් එක්ක රංගනයෙන් දායක වූ බොහෝ දෙනා මට සුබ පැතුවා. ඒ වගේම ප‍්‍රවීණයින් බොහෝ දෙනෙක් සුබ පතමින් මට කිව්වෙ මේ සම්මානය ලැබෙන්න තිබුණෙ මීට පෙර කියලයි.   අම්මත් හැර තවත් සමීපතම කෙනෙක් මේ නිසා වඩාත් සතුටු වුනා නේද? ඒ මගේ පෙම්වතියයි.   පෙම්වතිය ගැන මෙතෙක් ඔබ ප‍්‍රකාශ කළේ නැහැ. ජනප‍්‍රිය සම්මානයෙන් පසුව නේද ඒ ගැන පළමු වරට ප‍්‍රකාශ කරන්නේ? පේ‍්‍රමය ජනප‍්‍රියත්වයට බාධාවක් කියන තැන මම කවදාවත් හිටියේ නැති කෙනෙක්. එහෙම නම් මම පෙම්වතියක් නැහැ කියලා කෙළින්ම කියනවනෙ. මම එහෙම කරලා නැහැ. ඒ ඇරත් ජනප‍්‍රිය කියන දේ මහා ලොකුවට මට කා වැදුණු දේකුත් නෙවෙයි. අපේ පවුලෙන්ම මට එය ලැබුණු දෙයක්.   මේ සම්මානය ලබන මොහොතේ පෙම්වතියත් පැමිණ සිටිය ද? ඇය වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස්ගත වෙලා සිටින්නෙ. ඇත්තටම දැන් මේක රහසක් නෙවෙයි. ක්ෂේත‍්‍රයේ දන්න අය දන්නවා.   ඇය ක්ෂේත‍්‍රයේ කෙනෙක් ද? මොන අංශයේ ද නිරත වන්නේ? උසස් අධ්‍යාපනයෙන් පසුව ඇය මනෝවිද්‍යා අංශයේ නිරත වේවි. ඊට අමතරව නර්තනය, රංගනය යන පැති ගැන ඇය අධ්‍යයනයක යෙදෙනවා. ටිකෙන් ටික ඇය ගැන මම කියලා තියෙනවා. ඔක්කොම විස්තර ළඟදීම කියන්නත් බලාපොරොත්තු වෙනවා.   මේ එක්කම අහන දෙයක්නෙ විවාහය කවද ද කියලා? දැනටමත් අපට මාපිය ආශිර්වාදය ලැබිලා තියෙන්නෙ. ඒ නිසා විවාහය වෙනුවෙන් කටයුතු සකස් කරගෙන යනවා.   ඇයගෙ පවුලේ විස්තර කිව්වොත්? අම්මා, තාත්තා සහ මල්ලී.   මෙය පේ‍්‍රම සම්බන්ධයක් ද? ඔව්, ඒත් අපේ පවුල්වල ජ්‍යොතිෂයටත් තැනක් දුන්නා. මොන දේ කරන්නත් ඇයගෙ උපාධිය හමාර කරන්න  ඕනෑ. ඒ වගේම මගේ පුද්ගලික ජීවිතේ තව වැඩ කටයුතු ටිකක් සැලසුම් කරන්න තියෙනවා.   ඔබ වැඩිදුර අධ්‍යාපනය කළේ පරිගණක ක්ෂේත‍්‍රයේ? දැන් එයින් ඉවත් වෙලා ද? මගේ අධ්‍යාපන කටයුතු සහ ඒ ඔස්සේ කරන රැකියාව අත් හැරලා තියෙන්නෙ. නමුත් ඉදිරියේ දී ඒ අධ්‍යාපන කටයුතුත් වැඩිදුරට කරගෙන යන්න හිතනවා. රංගනය සහ අධ්‍යක්ෂණය යන අංශයෙන් විදෙස් අධ්‍යයනය හෝ ලබාගෙන මේ ක්ෂේත‍්‍රයට යමක් කිරීම තමයි ප‍්‍රධාන අරමුණ.   කෙසේ හෝ ඔබ ඔය ඉඟි කරන්නේ විවාහයෙන් පසුව රඟපෑමෙන් ඉවත් වන බව ද? පෙම්වතා කියන චරිතයෙන් ඈත් වන බව ද? පවුල් ජීවිතයට අනිවාර්යයෙන්ම මුල් තැන දේවි. ඒ හැරත් රඟපෑම කොහොම කළත්, මම රැකියාවක් කළ යුතුමයි. නමුත් දක්ෂතාව වැඩිපුර තිබෙන්නෙ කලා අංශයෙන් නිසා ඒ ගැන තමයි වැඩිපුර හිතන්නෙ. මෙහෙම කියන සාරංග රඟපාන රන් සමනළයෝ ටෙලි නිර්මාණය මෙන්ම සුපර් සික්ස් දැවැන්ත චිත‍්‍රපටයක් බවට මේ දිනවල නරඹන්න පුළුවනි. ඊට අමතරව සාරංග මේ දිනවල සූදානම් වන්නේ රණවිරු ස්ටාර් අවසන් මහා ප‍්‍රසංගයේ නිවේදන කටයුතු මෙහෙයවීම සඳහායි.

සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ / හැඩගැන්වීම - ඉන්දික උදාර ලංකා



අදහස් (0)

ජනපි‍්‍රයත්වය මට ලැබුණේ අපේ පවුලෙන්මයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 254 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site