IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජනපති හදිසියේ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ ප්‍රකාශයක් කරයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් 4ක් වත් වියදම් කර නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවසීය.

අතුරු අය වැය පිළිබඳ විවාදය පැවැත්වෙමින් තිබියදී හදිසියේ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි ජනාධිපතිවරයා මෙම ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

මා පැහැදිලි කිරීමක් කළ යුතුයි .හිටපු ජනාධිපති වෙනුවෙන් ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් හතරක් වත් වියදම් කර නැහැ. ඒත් හිටපු ජනාධිපතිවරුන්  වෙනුවෙන් හා ඒ අයගේ වැන්දඹුවන් වෙනුවෙන් ගෙවල් දී ඒ අය බලාගන්න රජයට යුතු කමක් තිබෙනවා"යනුවෙන් ද ජනාධිපතිවරයා පැවැසීය.



අදහස් (10)

ජනපති හදිසියේ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ ප්‍රකාශයක් කරයි

sena Wednesday, 31 August 2022 12:30 PM

අනේ මන්දා, ජනාධිපති උතුමා කතාකරනවා විතරයි. රට එක අඟලක්වත් ඉස්සරහට ගෙනාවේ නැහැ.

:       51       31

pradeep Wednesday, 31 August 2022 12:40 PM

ඒ මොකටද? ඔවුන් ඉන්නකන් හොරාකාපුවා මදිවටද? කාටවත් නිකන් කන්න දෙන්න බෑ කිව්වා නේද?

:       20       42

Nihal Wednesday, 31 August 2022 01:14 PM

කවුද ඇහුවේ...?

:       23       9

siri Wednesday, 31 August 2022 01:20 PM

එතකොට එයාට මේ විදිහට යන්න එන්න කොහෙන්ද මෙතරම් මුදල් සම්බාරයක්...?

:       17       22

fairoos Wednesday, 31 August 2022 01:47 PM

අනේ ඔබතුමාගේ කතා.. නන්දසේන සිංගප්පූරු යන ටිකට් එකට විතරක් ලක්ෂ 60ක් ගෙවලා තියෙනවද? අනිත් එක වීසා ලබාගන්න ආණ්ඩුව සෘජුව මැදිහත් වෙලා තියෙනවද? ඕවා කාගෙ සල්ලිද?

:       25       16

C.K.Lankaputhra Wednesday, 31 August 2022 01:52 PM

මොකද මේ යූඇන්පී කාරයා පොහොට්ටු කාරයෙකුගේ කුණු හෝදන්නේ, ජනාධිපතිකම එයාට අරන් දීලා පලච්චි නිසාද? අනේ මෙහෙම අවස්තාවාදීන්.

:       23       10

ලුම්බිණි Wednesday, 31 August 2022 02:07 PM

ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් 4ක් වත් වියදම් කර නැති එක ඇත්ත... ඒත් දැන් වෙන්කරලා තියෙනවා කියන එකනේ කියන්නේ... මොනවද මේ කියවන්නේ?

:       18       15

de silva Wednesday, 31 August 2022 07:41 PM

මිලියන 400 දුන්නා නම් ඒක හරියට තියෙන බඩුටික හොරකම් කරගෙන පැනලා ගිය හොරාට බස් එකේ යන්න කීයක් හරි සාක්කුවේ දැම්මා වගේ වැඩක්...

:       0       0

de silva Wednesday, 31 August 2022 08:57 PM

රාජපක්ෂලාව බේරගන්න ඉස්සර තිරය පසුපස සිට උදව් කළ රනිල්, දැන් සියලු වැඩ පසෙකලා තකහනියේම පාර්ලිමේන්තු ඇවිත් එළිපිට රාජපක්ෂලාව ආරක්ෂා කරනවා. යහපාලන ආණ්ඩුව වැටුණේ මොකද කියලා දැන් සියලු දෙනාටම පැහැදිලියි නේද?

:       0       0

විපරමා Thursday, 01 September 2022 02:24 AM

ගෝඨාභයට පින් සිද්ද වෙන්න පින් ජනපති වුණා. දැන් ගෝඨාව රැකගන්න හදනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 418 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site