
(අංජුල මහික වීරරත්න)
මෙවර අයවැය දත්ත මත පදනම්ව විද්‍යාත්මකව හා සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (19) පැවැති සාකච්ඡාවේදීය.
ඉතිහාසයේ දී විවිධ රජයන් ණය ලබා ගැනීමේදී එම ණය ආපසු ගෙවීමේදී ආර්ථිකයට සිදු වන ගැඹුරු බලපෑම අවධානයට ලක් නොකර ණය ලබා ගෙන ඇති බවත්, තම රජය එවැනි අවිධිමත් ණය ලබා ගැනීම් හෝ අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම් සිදු නොකරන බවත්, ආර්ථික තිරසාරත්වය කෙරෙහි සිය රජයේ ඉහළම අවධානය යොමු කර ඇති බවත්, ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය.
මෙහිදී විශේෂඥ වෛද්‍ය සේවය සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීම මෙන්ම වෘත්තීය ගැටලු පිළිබඳවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානයට යොමු කළේය.

2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති විශේෂඥ වෛද්‍ය සංගමය හමුවෙයි
kavinda Wednesday, 19 March 2025 06:08 PM
අනුර හමුවීම් දෙන්නේ දොස්තරලා විතරයි. හැබැයි දොස්තරම ඔලුව උඩ තියන් හිටියාට රට ඉස්සරහට ගෙනියන්න බෑ. ඒකට ආර්තිකයට සෘජුව දායක වෙන පිරිසුත් රට තුළ රඳවා ගන්න ඕනෑ. ආචාර්ය, මහාචාර්යවරු, ඉංජිනේරුවෝ, කෘෂි තාක්ෂණ ක්ෂේත්‍රයේ අය, විද්‍යාඥයින් වගේ රටකට අත්‍යවශ්‍ය වෘත්තිකයෝ බුරුතු පිටින් රට අත්හැරලා යනවා. අනුරලාට එයාලගේ අගය තාම තෙරිලා නෑ. රටේ රඳවා ගන්න වැඩපිළිවෙලකුත් නෑ....
කපුරු හාමි Wednesday, 19 March 2025 08:53 PM
බුරුතු පිටින් දූෂිත පවුල් පාලන ආණ්ඩුව තිබුණු කාලෙත් රට ගියා, සුදුවෑන් ඝාතන අතුරුදහන්වලට බයේ?