IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජනපති වැය ශීර්ෂය සම්මතයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී  අද (22) පස්වරුවේ වැඩි ඡන්ද 59කින් සම්මත විය.

වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 62ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද තුනක් පමණි.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බව කතානායකවරයාට දැන්වීය. ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.

අයවැයෙන් හිටපු ජනාධිපතිවරුන් සදහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයෙන් මුදල් වෙන් කිරීමට විරෝධය පළ කරමින් අනුර දිසානායක මහතා මෙලෙස ඡන්දයක් ඉල්ලා සිටියේය.

වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනා පමණි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ නොසිටියහ.

ජනාධිපති, අගමැති කාර්යාලය, උපරිමාධිකරණවල විනිශ්චකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය, අධිකරණ සේවා කොමිෂන් සභාව , ජාතික පොලිස් කොමිෂන් සභාව, පාර්ලිමේන්තුව ඇතුළු ආයතන 25 ක වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ(22) දවස පුරා විවාදයට ගැනිණ.

 



අදහස් (3)

ජනපති වැය ශීර්ෂය සම්මතයි

Ruwan Thursday, 23 November 2023 12:53 AM

සජිත්ව නම් විශ්වාස කරන්න බෑ... ඡන්දෙ විමසන වෙලාවේ මගහැරලා ගියා...

:       0       0

Achini Thursday, 23 November 2023 05:40 AM

ඔවුන් ඔක්කෝම යාළුවෝ සෙට් එක, හොරාට හොර support

:       0       0

අබිලින් Thursday, 23 November 2023 07:51 AM

ආයතන විසිපහක වැයශීර්ෂ දවසපුරා සාකච්ඡා විය එක් වැයශීර්ෂයක් සදහා විනාඩි කීයක් දුන්නාද එම කාලයේ මංත්‍රීලා කීදෙනෙක් අදහස් දක්වා තිබේද බැලුවම මෙහෙම සාකච්ඡා කිසිම තේරුමක් නැති ජනතා මුදල් නාස්ති වෙන වැඩක් කියලා හිතෙනවා ඇත්තටම එක් එක් යෝජනා අඅදාල අමාත්‍යාංශයේ සකසා එවන දේවල් නේද මටනම් හිතන්නේ මෙහෙම සම්මත කරන විසර්ජන පනත ගැන මාස හයකින් නැවත සාකච්ඡා කර ප්‍රගතිය ගැන ඡන්ද විමසීමක් කලොත් හොදයි කියලා එමගින් අදාල ඇමතිවරයා ගේ ක්‍රියාකාරිත්වයේ සාර්ථක අසාර්ථක බව වුනත් බලන්න පුළුවන් වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site