ජනාධිපති අපේක්ෂකයකු ලෙස සිටියදී මෛත්‍රිපාල සිරිසේන මහතා මීට වසරකට පෙර ලංකා විදුලිබල මණ්ඩලයේ මෑන්පවර් සේවකයන්ට ලබාදුන් පොරොන්දුවක් ඉටුකරමින් සේවකයන් 2344 දෙනෙකුට අද (17දා) ස්ථිර පත්වීම් ලබා දුන්නේය.
2014 වසරේ දෙසැම්බර් 17 වැනි දා මැතිවරණයට පෙර ජනතාවට ලිඛිතව හා වාචිකව දුන් සියලු පොරොන්දු ආණ්ඩුවේ නිල කාලය වන අවරුදු පහ තුළ ඉටුකර දිම තම ප්‍රධානතම ඉලක්කය හා බලාපොරොත්තුව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
මේ වන විට පොරොන්දු රැසක් ඉටුකර අවසන් බවත් දැනටමත් ආණ්ඩුව පිහිටුවා වසරක් ගත වී නැතත් දේශපාලන ප්‍රතිවාදින් සෑම දෙනාම ආණ්ඩුව විවේචනය කරන්නේ අවුරුදු දහයක් පමණ බලයේ සිටි ලෙස සිතාගෙන යැයි ද සිරිසේන මහතා කීවේය.
මේ පිරිස ආණ්ඩුව කඩා වැටෙන තුරු බලා සිටිති පැවසු ජනපති පරාජිත සමහරු තම කේන්දරය ලබාගෙන මැරෙන දවස බලමින් සිටින බවද සැලවෙතියි ප්‍රකාශ කළේය.
පැලවත්ත ජී.එච්. බුද්ධදාස ක්‍රීඩාංගණයේ පැවැති උත්සවයකදී සේවකයන් පිරිසකට ස්ථිර පත්වීම් ලිපි ලබාදෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවසුවේය.
(ජායාරූප හා විඩීයෝ - ශාන්ත රත්නායක)
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති මෑන් පවර් ප්රශ්නය විසදයි
සමන්ති Thursday, 17 December 2015 10:52 PM
ජනප්‍රිය සතිඅන්ත පත්තරයක් ගත්තොත් රැකියා ඇබෑර්තු කොටසේ වැඩිවශයෙන්ම තියෙන්නේ මිනිස් බල සැපයුම්කරුවන්ගේ දැන්වීම්. ඒවායේ පිහිටි ස්ථානයක්වත් දමා නැති අතර තිබෙන්නේ ජංගම දුරකථන අංක පමණි. විවිධ (වරාය, බිස්කට් වැනි )ආයතන වලට මිනිසුන් කොන්ත්‍රාත් ක්‍රමයට සපයා මුදල් කපාගනිති. (නි)
සිරා Thursday, 17 December 2015 11:33 AM
විසදුවා කිව්වට තවම අපිව නම් ස්ථීර කරලා නෑ. (ර)
කල්ප Friday, 18 December 2015 02:58 AM
හරිම සතුටුයි (නි)
කමල් Thursday, 17 December 2015 12:11 PM
ශ්‍රී ලංකා ටෙලිකෝම් මෑන් පවර් ප්‍රශ්නයට තවම විසදුම් නැත (අ)
මුතුමිණ Thursday, 17 December 2015 01:07 PM
භාරකාර අරමුදලේ හිටපු අය නම් 11/2015 මාසෙන් පස්සෙ දොට්ට දැම්මා. ඒ අයට සාධාරණයක් නැත්තෙ උද්ඝෝෂණය නොකරපු නිසාද? (බ)
ලංකා Friday, 18 December 2015 04:48 AM
ඇයි කමල් කොහෙද හිටියේ (බ)
විපුල Thursday, 17 December 2015 02:15 PM
උද්ගෝෂණයට කලින් විසදපු එ්ක හොදයි. (බ)
සුමිත්‍ර බස්නායක Thursday, 17 December 2015 03:09 PM
සිරා, කමල්, හදිස්සි වෙන්න එපා. ඊළගට දෙන්නේ ඔයාලට. (අ)
චන්දි Friday, 18 December 2015 05:45 AM
"සෑම දෙනාම ආණ්ඩුව විවේචනය කරන්නේ අවුරුදු දහයක් පමණ බලයේ සිටි ලෙස සිතාගෙන", නමුත් අවුරුද්දක්වත් නැතුව රටේ ගොඩක් අයට මේ ක්‍රමය එපාවෙලා වගේ... (ම)
රුචිර Thursday, 17 December 2015 03:39 PM
බොහොම හොඳයි (නි)
විජිත් Thursday, 17 December 2015 04:29 PM
මට නම් දිනෙන් දින ප්‍රශ්න එකතුවෙනවා මිසක් ප්‍රශ්න අඩුවෙන බවක් නම් තවමත් පෙනෙන්න නැහැ. (නි)