(නිමන්ති රණසිංහ)
ජනාධිපති මන්දිරයට බලෙන් ඇතුළු වී එහි ජනෙල් තිර රෙදි එල්ලීම සදහා බිත්තිවල සවිකර තිබූ රත්‍රන් පැහැති පිත්තල බෝල 40ක් සොරකම්කරන ලදැයි වැලිකඩ පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගා රගත කරනු ලැබුවේ රාජගිරිය ඔබේසේකරපුර පදිංචි මුත්තයියා මහේෂ් කුමාර්, මුත්තයියා විජේකුමාර් සහ මුත්තයියා දොරේ සාමි ඉන්ද්‍රකුමාර යන අයවලුන්ය.
මෙම සැකකරුවන් ඉකුත් ජුලි මස 09 වැනිදායින් පසු දිනෙක ජනාධිපති මන්දිරයට අනවසරයෙන් ඇතුලු වී එහි තිබූ ජනේල් තිර රෙදි එල්ලීම සදහා බිත්තිවල සවිකර තිබූ රත්‍රං පැහැති පිත්තල බෝල 40ක් සොරකම් කර ඇති බවත් පසුව ඒවා පෞරාණීක භාණ්ඩ ලෙස සදහන් කරමින් විකිණීමට සුදානම් කර තිබියදී පොලීසියට ලද තොරතුරකට අනුව අත්අඩංග-ුවට ගත් බවත් කොටුව පොලිසිය අධිකරණයට කරණු ඉදිරිපත් කළේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබිය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ජනපති මන්දිරයෙන් පිත්තල බෝල ඉස්සූ තිදෙනා රිමාන්ඩ්
පුරවැසියා Monday, 25 July 2022 07:10 PM
එහෙනම්, මහ බැංකුව කඩපු කෙනාට මාර දඬුවමක් දෙයි.
නීතියේ සහය Monday, 25 July 2022 07:43 PM
සජිත් උතුමාණෙනි, අපි ඔබෙන් අර නීතිවේදී 200යේ නීතියේ සහාය පතමු..!
Bamunuarachchi Tuesday, 26 July 2022 06:50 AM
අනේ ඇයි මේ අහිංසක අරගල කාරයින්ට කරදර කරන්නේ? අංතරේ ගොයියාට එන්න කියාපිය. මේවාට උත්තර දෙන්න කියාපිය...