IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජනපති- ප්‍රංශ ජනපති හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

COP28 සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා (Emmanuel Macron) අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (02) පැවැත්විණි.

දෙරට අතර සමීප සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන් සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවේ හරිත ආර්ථික පරිවර්තනය පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි. ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමය (IORA) සමග ප්‍රංශයේ සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි ද නායක දෙපළ සාකච්ඡා කළහ.

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා දැනුවත් කළ අතර එම කටයුතු සමඟ එක්වන ලෙසද ප්‍රංශ ජනාධිපතිවරයා වෙත ආරාධනා කළේය.

 



අදහස් (5)

ජනපති- ප්‍රංශ ජනපති හමු වෙයි

Marikkar Saturday, 02 December 2023 08:01 PM

දේශගුණික විපර්යාස නාමයෙන් අප හිස් ගෝනියට කීයක් හරි දාන්න ජනාධිපතිතුමනි, යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතාගෙන් ඉල්ලීමක් කරන විට ඵකක් ජනාධිපති රනිල් මතක තියාගත යුතුයි... ලංකාවේ බහුතර මහජනතාව හිඟාකන්නෝ නොවේ...

:       0       0

chandima Sunday, 03 December 2023 02:45 AM

අර නායක හාමුදුරුවෝ සංඝ සම්මේලනයට ගියා වගේ තමයි. මේ තරම් වැලේ වැල් නැතිව රටම හිඟපැත්තට වැටිලා ඉඳියි... අඩු තරමින් මල්පෝච්චියක් අපනයනය කරන්නවත් පුළුවන්ද කියලා අහලා බලලා නැහැ. ජාත්‍යන්තර විශ්ව විද්‍යාල හදන්න තමයි කතාකරලා තියෙන්නේ... අම්මපා වෙන පඹයෙක් නැතිස මේ තනතුරට...?

:       0       0

chandima Sunday, 03 December 2023 02:47 AM

අන්න මහා ශිෂ්‍ය බල මණ්ඩලේ බලන් ඉන්නවා ශාඛාවක් පිහිටුවන්න.

:       0       0

Lal Sunday, 03 December 2023 06:22 AM

ගොඩයින්ට වඩා 1000ක් වටිනා ජනපති...

:       1       1

Rata Perata Sunday, 03 December 2023 02:43 PM

මොන්ටිසෝරියක ඉන්න පොඩි එකෙක් වගේ. ලෝකෙවටේ ඇවිද ඇවිද පින්තූර ගහගන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site