
(අංජුල මහික වීරරත්න)
2024 නව වසරේ රාජකාරී ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේ දී අද (1)මැති ඇමතිවරුන් සහ කාර්ය මණ්ඩලය හමු විය.
නව වසරේ ජාතික ධජය එසවීමෙන් පසු රණවිරුවන් සිහි කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්ද පැවැත්විණි.
අනතුරුව ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දුන්හ.
කාර්ය මණ්ඩලයට සුබ පැතූ ජනාධිපතිවරයා අභියෝග නිවැරදිව අවබෝධ කර ගනිමින් 2024 රට ජයග්‍රහණයේ මාවතේ ගෙන යාමට සුබවාදී ආකල්පයන්ගෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව සියලු දෙනා එක්ව කැප විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, ෂෙහාන් සේමසිංහ, කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ආශු මාරසිංහ, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 16
51
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
846
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජනපති නව වසරේ වැඩ අරඹයි
Rohana Monday, 01 January 2024 02:35 PM
නව වසරේ වැඩ ආරම්භ කරන්නේ තව තව අළුත් බදුවර්ග හඳුන්වාදී ජනතාව බදුබරින් පීඩාවට පත්කරන්නද?
Perera Monday, 01 January 2024 07:11 PM
පිනයි, පිනාගේ සට්ටැඹි සෙට් එකයි ජනතාවගේ බොටුව මිරිකලා වැඩ අල්ලලා තියෙනවා නියමෙට...!
Amal Tuesday, 02 January 2024 09:35 AM
රාජ්‍ය සේවකයින් ලෙස සෑම වසරකම වල්බූරු ප්‍රතිඥාව දුන්නත් රාජ්‍ය සේවකයා පිළිබදව පවතින්නේ යහපත් ආකල්පයක් නොව. රාජ්‍ය සේවා ප්‍රතිඥාවට කියන්නෙ හොරකම වංචාව දූෂණය කියන තුන බව අපි හොඳින් දනිමු,