IMG-LOGO

ජනපති නිවෙසින් රට බීම ඉස්සූ අරගලකරුවා රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

අරගලය පැවති අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ඇතුළු වී විදේශ මත්පැන් බෝතල් පිටතට ගෙනා බව කියන පුද්ගලයකු හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක්  ලබන 07 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (30) නියෝග කළේය.

ජනාධිපති වරයාගේ නිවසට අයුතු ඇතුළු වීමක් සිදු කරමින් සොරකම් කළ විදේශ මත්පැන් බෝතලයක් සමග ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හරින ලද ඡායාරූප සහ තොරතුරු ආශ්‍රයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම සිද්ධියට අදාළව මින් පෙරදී අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවකු දෙන ලද ප්‍රකාශ මත මෙම සැකකරු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

 



අදහස් (0)

ජනපති නිවෙසින් රට බීම ඉස්සූ අරගලකරුවා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site