එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වැනි මහා මණ්ඩල සැසිය ඇමැතීම සඳහා ඇමෙරිකාව බලා ගිය මෛත්‍රීපාල සිරිසේන ජනපති අද පෙරවරුවේ නිව්යෝර්ක් නුවර ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය.
ජනපති නවාතැන් ගන්නා හෝටලයේ දී මංගල සමරවීර, අජිත් පී පෙරේරා යන ඇමැතිවරු ද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා, වොෂින්ටන්හි ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහත්වරුන් විසින් ජනපති පිළිගනු ලැබීය.
මෛත්‍රීපාල සිරිසේන මහතා බදාදා (21) සමුළුව ඇමැතීමට නියමිතය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ජනපති නිව්යෝර්ක් නුවරට ළඟාවෙයි
ශාන්ත Monday, 19 September 2016 10:22 AM
මහින්ද ඉතින් පැරදිලත් සහ පිරිවර සමග සක්වලේම යන්නේ (බ)
විපුල Monday, 19 September 2016 10:29 AM
අමාලි ගේ අදහස බොහොම නිවැරදි. මහින්ද කරපු දේ ගරහල නැවත එ්කම කරනවානම් වෙනසක් ඕනේ නැහැනේ (බ)
නාරියා Monday, 19 September 2016 11:38 AM
මමනම් හිතන්නේ පිළිගැනීමට ට්‍රුම්ප් අවනම් හොදයි කියල (අ)
සුසන්ත Monday, 19 September 2016 01:36 PM
දිලාන්, වැදගත් රාජ්‍ය නායකයෙක්නම් පිළිගන්න එන්නේ ඒ රටේ (ඇමෙරිකාවේ) අය, විදේශ රාජ්‍ය ලේකම්, නියෝජ්‍ය එහෙම නැත්නම් සහකාර රාජ්‍ය ලේකම්ලා. (හේ)
ප්‍රසන්න Monday, 19 September 2016 05:34 AM
දහම් පුතා ගිහින් නැද්ද? (බ)
අනිල් Monday, 19 September 2016 01:35 PM
ඉහටත් උඩින් සියලු අණ පිළි අරන් එන්නනේ ඔය යන්නේ ඉතින්. අනේ මන්ද රටක රාජ්‍ය නායකයෙක්ට ගිය කලක්! (බ)
භාතිය Monday, 19 September 2016 01:36 PM
ශ්‍රී ලංකන් වහන තැනට අද වැටිලා ඉන්නේ මොකද කියල දැන්වත් අපි තේරුම් ගමු පාට කන්නාඩි ගලවල.(බ)
ජනහිත Monday, 19 September 2016 05:57 AM
අපේ සුබ පැතුම්! (නි)
සුසන්ත Monday, 19 September 2016 06:00 AM
පිළිගන්න ඇවිල්ලා තියෙන්නේ අපේ කට්ටියම නේද? (නි)
දිලාන් Monday, 19 September 2016 05:58 AM
සුසන්ත ඔයා හිතන්නේ කවුරු අවොත් හොදයි කියලද? (හේ)
කුමාර් මෙන්ඩිස් Monday, 19 September 2016 06:39 AM
මහින්දට හොඳ නම් මුළු පවුල් පිටින්ම (ගුවන් යානයක්ම පිරෙන්න) යන්න ඇයි දහම්ට තහනම්ද, ප්‍රසන්න? (නි)
අන්වර් Monday, 19 September 2016 06:48 AM
මහින්ද සිය පවුලම සමඟ ශ්‍රී ලන්කන් යානා පිරෙන්නම ලෝකය වටේ සවාරි ගිය ඒවා මෙතන අදහස් දාන සමහරුන්ට පෙනුනේ නැද්ද දන්නෙ නැහැ (නි)
අමාලි Monday, 19 September 2016 06:56 AM
දිලාන්, කුමාර් මෙන්ඩිස්, මහින්ද කරපුදේම මෛත්‍රී මහතා ලවාත් කරගන්න ඕනෑ නම් මොකටද කෝටි ගානක් වියදම් කරලා ඡන්ද තියලා එතුමාව ගෙනාවේ. (නි)
පිටබැද්දර ජයා Monday, 19 September 2016 07:02 AM
මෙතුමා රට ගොඩදානවා යහපත් අතට. සුබ පැතුම්! (නි)
ශාන් Monday, 19 September 2016 07:10 AM
බලනකොට දෙගොල්ලන්ගෙම වෙනසක් නැහැනේ. ඒ හැමදේම මෙයාලත් කරනවා ජනතාවට ලොකු කතා කිවුවට. රට ගොඩ දානවලු. ගොඩදාන්නත් රටක් ඉතිරි වෙන්න ඕනෑනේ. (නි)
සුදේශ් Monday, 19 September 2016 09:53 AM
ජයවේවා ජනපතිතුමණි (ම)