IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජනපති නාරා නැව දියත් කරයි

ජාතික ජලජ සම්පත් හා පර්යේෂණායතනයේ ප්‍රථම පර්යේෂණ නෞකාව මහින්ද රාජපක්ෂ  ජනපති හම්බන්තොට වරායෙන් අද දියත් කෙළේය. නැවට හා නැවේ පර්යේෂණ උපකරණ වලට වැයවූ මුදල රුපියල් තිස් කෝටියකි. ශ්‍රී ලංකාව අවට මුහුදේ මේ නැව පර්යේෂණ කරනු ඇත.



අදහස් (0)

ජනපති නාරා නැව දියත් කරයි

ලලිත් සෞදි Saturday, 20 October 2012 01:43 AM

මේක නැවක්ද? මිනිස්සු මාලාවෙ දාන වැඩ.. මාල දිවයිනේ මීට වඩා ලොකු බෝට්ටු තියෙනවා.. ඒවා විවෘත කරන්න කවුරුවත් යන්නෙ නැහැ.. අපේ අයට මේවා හරි ලොකු වැඩ..!(නු)

:       0       0

නිශාන්ත Tuesday, 23 October 2012 03:22 AM

අපේ අය තවමත් සුදු සිංහල ඇදුමට රැවටෙනවද? (නි)

:       0       0

ලලිත් Saturday, 20 October 2012 01:37 AM

කට්ටියට සතුටු ඇති නේද ?(ස)

:       0       0

ලලිත් සෞදි Saturday, 20 October 2012 01:46 AM

තාත්ලාට පුතාලට සතුටු ඇති..!(නු)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 20 October 2012 02:18 AM

ගොඩක් සතුටු වෙනවා....ගරු ජනාධිපති තුමාට ජයවේවා...!!(ස)

:       0       0

සුදත් Saturday, 20 October 2012 02:55 PM

අනේ කමලා , ඔයත් කටාර් ඉඳගෙන මොනවද ඔය කියන්නේ ,,,, අහසේ මුහුදේ ඉන්න ඕනේ නැහැ , රටක් වසයෙන් අපි දියුණු වෙනවනම් අපිටම ගොඩක් සතුටුයි .. ඔය දැක්කේ නැද්ද කටාර් වල ඉඳගෙන මේ රටේ දියුණුව , බොරුවට හැමදේම කියවන්න එපා නොදැන , අපේ රටේ දේ අගය කරන්න පුරුදු වෙන්න ,,,,,,,(ස)

:       0       0

අශාන් Saturday, 20 October 2012 02:53 AM

මේවා හොද වැඩ. හැබැයි මේ සියල්ලටම කලින් වැටුප් වැඩිකරලා ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවිය යුතුයි. (නි)

:       0       0

ෂම්මි Saturday, 20 October 2012 03:16 PM

නියමයි (ස)

:       0       0

චාමර Saturday, 20 October 2012 05:14 PM

මේක බහුදින යාත්‍රාවක්..................(නු)

:       0       0

සිහින Saturday, 20 October 2012 06:12 AM

බණ්ඩාර ඔබට මම එකගයි.. මේක නැවක් නම් නැවට මොකද්ද කියන්නේ..?(නු)

:       0       0

බණ්ඩාර Sunday, 21 October 2012 11:03 AM

සුදත්, අපේ රට දියුණු වෙනවානම් අපිත් සතුටුයි තමයි. එහෙත් මෙවැනි දෙකට කෝටි තිහක් වියදම් කිරීමටත්, අභ්‍යවකාශ මධ්‍යස්ථාන වලට තවත් කෝටි ගණනක් වියදම් කිරීමටත් පෙර කළයුතු සංවර්ධන වැඩ ඇත්තෙම නැත්ද? උදාහරණයක් කියනවා නම්, දකුණේ ලොකුම රෝහලට යන්න තියෙන පාරවල් තුනම බස් රථ දෙකකට මාරු වෙන්න අමාරු පටු පාරවල්. ඇම්බියුලන්ස් එකක ලෙඩෙක් ගේනකොට අවට ගෙවතු වලට වාහන අයින් කරන්න වෙන දවසුත් තියෙනවා. (නි)

:       0       0

සුමිත්‍ර Saturday, 20 October 2012 05:24 PM

කොහෙම උනත් ජය වේවා..!(නු)

:       0       0

සම්පත් Saturday, 20 October 2012 05:24 PM

දැං හැමදේටම නා.රා.( නාමල් රාජපක්ෂ) නේද?(නු)

:       0       0

සුනෙත් Saturday, 20 October 2012 05:24 PM

නියමයි නියමයි ඔහොම යං..!(නු)

:       0       0

අමිල Saturday, 20 October 2012 06:50 AM

පර්යේෂණ නෞකාවක් කියන්නේ නිකම්ම නිකන් බෝට්ටුවක් නෙමේ හැම දෙකටම දොස් කියන එක දැන් අපිට පුරුද්දට ගිහිල්ලා ඒක නිසා ආවටගියාට අදහස් දාන්න එපා කියවල බලල හිතල බලල තේරුම් අරගන කියන දෙයක් කියන්න. පර්යේෂණ නෞකාවක් නිසා වියදම් වෙන එක සාමාන්‍ය දෙයක් අනික දියුණු වෙන රටක් වශයෙන් මේ වගේ ව්‍යාපෘති අපිට ඉතාමත් අත්‍යවශයි. තම තමන්ගේ දේශපාලන මත ඇති එත් හොදදෙයක් වෙද්දි එක අගයකරන්න බැරි නම් එක අවතක්සේරු කරන එකවත් නවත්වන්න. මේ වගේ දේවල් නිසා අනාගතේ දවසක මගේ දරුවට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කියල කියන්න පුළුවන් නම් අද මම බදු එකක් නෙමේ දහයක් හරි ගෙවන්න ලෑස්තියි. (නු)

:       0       0

චන්දන Saturday, 20 October 2012 06:54 AM

මේක ලොකුද පොඩිද කියන එක නෙමෙයි බලන්න ඕන මේකෙන් වෙන සේවය ගැනයි.!(නු)

:       0       0

දිනේෂ් Sunday, 21 October 2012 11:26 AM

නියමයි ජනපතිතුමනි. ඔබට අපේ රට නිවැරදි සංවර්ධන මාවතකට යොමුකරන්න පුලුවන්. (නි)

:       0       0

ලුම්බිණි Saturday, 20 October 2012 07:39 AM

වැදගත් දේ මොන විදියේ පර්යේෂණද මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එකයි. පර්යේෂණ කරන එක ඉතා හොඳ දෙයක්. හැබැයි අර ජපන්නු තල්මසුන් අල්ලන්නේ පර්යේෂණ වලට කියල. ඒ වගේ පර්යේෂණ නම් අවශ්‍ය නැහැ. (ස)

:       0       0

කමලා සිරිවර්ධන කටාර් Saturday, 20 October 2012 07:57 AM

අහසේ චන්ද්‍රිකා, මුහුදේ නැව්.. ගොඩබිම ඉන්දියාවට විකුණලා.. අනාගතේ මිනිසුන්ට ඉන්නවෙන්නේ උඩුගුවනෙයි මහමුහුදෙයිද?(නු)

:       0       0

ශ්‍රියාන් කළුබෝවිල Saturday, 20 October 2012 07:50 AM

මේක රුවල් නැවක් වගේ.. බරගානක් වියදම් වෙන්න ඇති..?(නු)

:       0       0

බණ්ඩාර Saturday, 20 October 2012 08:32 AM

කෝ නැව ?????????????????? (ස)

:       0       0

කෝලිත Saturday, 20 October 2012 09:01 AM

එහෙනම් ලෝකෙටම එකයි තියෙන්නේ (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 20 October 2012 09:31 AM

කෝටි ගණන් කියනවා අහලා හිත කළඹවා ගන්න එපා සහෝදරවරු. අපේ පැත්තේ දැනට හොඳින් තියෙන තාර පාරට කාපට් අතුරන්න ( වතුර ලීක් වෙන තැන් එහෙමම තිබෙත්දී ) කිලෝමීටරයට කෝටි ගණන් තමා යන්නේ. (නු)

:       0       0

සරත් Saturday, 20 October 2012 07:59 PM

කෝටි තිහක නැවක් හොදට බලාගන්න.. ආයෙ කොහවත් බලන්න වෙන්නෙ නැහැ..!(නු)

:       0       0

බාකත් Saturday, 20 October 2012 10:34 AM

ඇත්තටම කියනවානම් මේක නැවක් නෙමෙයි , ටෝලර් එකක් (ස)

:       0       0

ඉරේෂ් Saturday, 20 October 2012 11:10 AM

මේකට නැව කියනවනම් ‍‍ජෙට්ලයිනර් එකට මොකද්ද කියන්නේ (ස)

:       0       0

අනුර Friday, 19 October 2012 06:57 PM

සුභ අනාගතයක් වේවා ජනාධිතිතුමනි..!(නු)

:       0       0

රොෂාන් Saturday, 20 October 2012 11:06 AM

මීට වඩා ලොකු නැවක් තිබුණොත් ඒකට මොකද කියන්නේ (ස)

:       0       0

සුමනා මානවඩුව Friday, 19 October 2012 07:30 PM

අපරාදෙ වරාය හදන්න ගිය මහජන මුදල්...!(නු)

:       0       0

කුරේ නාවලගේ ජූඩ් යොහාන් Friday, 19 October 2012 07:46 PM

අල්ලපු රටේ සීමාවට යන්න එපා..!(නු)

:       0       0

හර්ෂණ Saturday, 20 October 2012 12:23 PM

එහෙනම් අර බේරුවල පැත්තේ හදන ට්‍රෝලර් යාත්‍රාත් දියත් කරන්න මෙහෙම උත්සව තියයි නේද? (නි)

:       0       0

කුමාර Friday, 19 October 2012 07:52 PM

මරු නැව..!(නු)

:       0       0

අමල් Saturday, 20 October 2012 12:28 PM

මහජනතාව ගාණට ඇන්දෙනවා (ස)

:       0       0

හේමන්ත Friday, 19 October 2012 08:57 PM

නැව් දැකලා නැද්ද? මේක තෙප්පලමක් විතරවත් ලොකු නැහැනේ..!(නු)

:       0       0

දුමින්ද Saturday, 20 October 2012 12:50 PM

සුබ පැතුම් ...වැදගත් වැඩක් (ස)

:       0       0

සම්පත් Friday, 19 October 2012 09:38 PM

නැවක්ද? බෝට්ටුවක්ද?(නු)

:       0       0

සමන් Saturday, 20 October 2012 01:20 PM

අපේ රටේ අය නැව් දැකලා නෑ..පව් (ස)

:       0       0

කේ.ඒ.සංජීව Friday, 19 October 2012 09:46 PM

නැව කන්න ඉඩ දෙන්න..!(නු)

:       0       0

ප්‍රදීප් ජයකොඩි Friday, 19 October 2012 09:50 PM

මේවට ගන්න ණය කවුද ගෙව්න්නේ.. කවදාදා ගෙවන්නේ..අපි තව බදු ගෙවන්න ඕන.. (නු)

:       0       0

අචිනි Saturday, 20 October 2012 01:15 PM

අනේ මන්දා කියන්න වචන නෑ (ස)

:       0       0

එම්.ජී. නිශාන්ත Friday, 19 October 2012 10:05 PM

හදවතට එකගව ගොඩක් සතුටු වෙනවා.. මට ජනාධිපතිතුමා විශ්වාසයි.. (නු)

:       0       0

ලාල් ගලබොඩ Friday, 19 October 2012 10:07 PM

නැවේ පර්යේෂණ උපකරණ වලට 30 කෝටියක් නම්,නැවට ගිය ගණනත් එක්ක ගිලපු ගණන හිතා ගමු.(නු)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 20 October 2012 01:31 PM

මේක නැවක් මෝඩයිනේ....(ස)

:       0       0

සතිශ් Friday, 19 October 2012 11:03 PM

මේක බෝට්ටුවක්නෙ නැවක් නෙමෙයිනේ...?(නු)

:       0       0

මුතුකුඩ Friday, 19 October 2012 11:37 PM

මේ දවස්වල මුහුදු කොල්ලකරුවන් පිරිලා කෝකටත් නැව පරිස්සම් කරගන්න..!(නු)

:       0       0

බණ්ඩාර සහ අපෝන්සු දෙබාන. Saturday, 20 October 2012 12:25 AM

මේකට නැවක් කියල කියනවනම් .... නැවකට මොකද්ද කියන්නේ ? ගන්දර වැල්ලේ තිබිච්ච බෝට්ටුවක් පේන්ට් කරලා කෝටි 30 වියදම් උනා කියනවා වගේ.... අපිත් ඉතින් මේවා ඇත්ත.. , අපිට ගහන්න ඕන උන් හිටි තැන් අමතක වෙන්න. (නු)

:       0       0

කුමාර් Sunday, 21 October 2012 02:25 AM

මේකත් නැවක්ද?(නු)

:       0       0

රුවන් Saturday, 20 October 2012 01:30 AM

අරමුණ පැත්තෙන් ගත්තහම නම් සුභ අනාගතයක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site