ජනපති නිල කාලය වසර හතරකට අඩු කරන්නැයි පුලතිසිපුර නිලදරු උපහාර උළලේ දී මෛත්‍රීපාල සිරිසේන ජනපති යෝජනාවක් ඉදිරිපත් කළේය.
එම වසර පහක් කිරීම පසුව පැවති සාකච්ඡාවේ දී අනුමත විය.
දැනට ජනපති නිල කාලය වසර හයකි.
සිරිසේන මහතා වැඩ බාර ගනිමින් පැවසුවේ යළි තමා ජනපතිවරණයකට ඉදිරිපත් නොවන බවයි.
පොළොන්නරුවේ වකුගඩු රෝගීන් 1011දෙනකුට රුපියල් තුන් දහස බැගින් සහනාධාර බෙදා දීමේ උත්සවයේ දී ජනපති පැවසුවේ බහු ජාතික සමාගම්වල තීන්දු තීරණවලට හිස නොනමා පොදු යහපත වෙනුවෙන් ක්‍රියා කරන බවයි.
රජරට වකුගඩු රෝගයට හේතුව ඇතැම් බහුජාතික සමාගම්වල පොහොර සමඟ ආසනික් වැනි දැඩි හානිකර රසායන එක්වීම බව හෙළඋරුමයේ ලේකම් අතුරලියේ රතන හිමියෝ ගිය රජයට සාධක සහිතව කරුණු ඉදිරිපත් කළහ. එහෙත් අහිතකර පොහොර වර්ග ඉවත් නොකැරිණි.
2025 දෙසැම්බර් මස 18
104
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති ධුර කාලය වසරකින් අඩු කරන යෝජනාවක්
ශාන සෞදි Monday, 26 January 2015 07:46 AM
මේවා අවංක අදහසින් සිදුකරන්න. ජනපතිතුමනි ඔබගේ නාමය ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලිය වේවි. මෙතුවකට රටේ ජනතාවගේ හඩට කන් නොදී තමන්ගේ අත්තනෝමතිකව පාලනය ගෙනගිය අයට තමන්ගේ වගකීම මෙය තුලින් වැටහ ගැනීමට හැකිවනු ඇත. ඔබට තුති ! (ර)
සරත් පියසේන පොතුපිටිය Monday, 26 January 2015 08:04 AM
බලතල අගමැතිට දීලා අගමැති කමට ඉල්ලනවා ,(හේ)
දමින්ද Monday, 26 January 2015 08:50 AM
කාල සීමාව අඩු කර බලතලද අඩු කළ යුතුයි.(හේ)
සත්‍යපාල Monday, 26 January 2015 09:36 AM
ජනාධිපතිධුර කාලය විතරක් නොවෙයි පාර්ලිමේන්තුවේ කාලයත් වසර හතර දක්වා අඩුකර ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය එකට පැවැත්වීමට කටයුතු කලයුතු අතර එවිට ඡන්ද පැවැත්වීමට යන වියදම් අඩුකර ගත හැකිවන අතර මෙමගින් වංචා දුෂණ ප්‍රමාණය අඩුකර ගැනීමටද හැකිවනු ඇති බව අපගේ විශ්වාසය.(බ)
සංජය Monday, 26 January 2015 10:27 AM
තවද ඉතා සුළු කාලයකින් විශ්‍රාම වැටුපකට හිමිකම් නැති කළ යුතුයි (බ)
ක්‍රිෂාන් Monday, 26 January 2015 11:09 AM
ඒකත් හොදයි.(හේ)
නිමල් Monday, 26 January 2015 07:09 AM
මේ පොහොර ප්‍රශ්නයට ඉක්මන් විසදුමක් අවශ්‍යයි. එසේ නොමැති වුවොත් මුළු ලංකාවම ලෙඩ වේ.(හේ)
මොහාන් Monday, 26 January 2015 07:14 AM
මේවා අවංක අදහසින් කෙරෙන දේවල් නම්,,ජනපතිතුමනි ඔබගේ නාමය ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලිය වේවි.(හේ)
සමන් කුමාර Monday, 26 January 2015 07:14 AM
පාර්ලිමේන්තු නිල කාලය සහ ජනාධිපති නිල කාලය යන දෙකම වසර පහකට සීමා කළ යුතුයි. එසේම නියමිත කාලයට පෙර හෝ පසුව මැතිවරණ පැවැත්වීම අහෝසි කළ යුතුයි.(හේ)
වයිකෝ Monday, 26 January 2015 07:25 AM
ජනාදිපතිගේ විදායක බලතල ඉවත් කරනවා නම් නිල කාලය අඩු කිරීමේ තේරුම කුමක්ද? (නදී)
කල්හාරී Monday, 26 January 2015 07:30 AM
එතකොට පොරොන්දු වූ පරිදි ජනපතිකම නැති කරන්නේ නෑ? (නදී)
වයිකෝ Monday, 26 January 2015 07:31 AM
ඉදිරියේදී ජනාධිපති පත්කරන්නේ අගමැතිද? නැතිනම් මහජන ඡන්දෙන්ද? (නදී)
නන්දනී Monday, 26 January 2015 07:34 AM
බලයේ සිටින අය ඡන්දය ඉල්ලනවා නම් තනතුරින් අයින් වෙලා ඡන්දය ඉල්ලන්න නීති හදන්න ඕනේ (නදී)
වයිකෝ Monday, 26 January 2015 07:36 AM
දොඩම් ගොඩක් බදාගන්න එපා. එකක්වත් ලැබෙනේ නැහැ. එක එක ගත්තොත් මුළු ගොඩම ගත්ත හැකියි.(නදී)