IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජනපති දිස්ත්‍රික් ලේකම්වරුන් කැඳවයි

(අංජුල මහික වීරරත්න)

සංවර්ධන කටයුතු සඳහා රජය ලබා දෙන මුදල් නිසි ලෙස වැය කරමින් ජනතාවට එම ප්‍රතිලාභ ලබා දීමටත්, එමඟින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමටත් කැපවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

එසේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති “අස්වැසුම”  “උරුමය” සහ කෘෂි නවීකරණ වැඩසටහන මෙන්ම “කදුරට දශකය” වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් සක්‍රීයව දායකවන ලෙස ද ඉල්ලා සිටි ජනාධිපතිවරයා මෙම සියලු වැඩසටහන්වල ප්‍රතිලාභ නැවත ජාතික ආර්ථිකයට එක් වන බව ද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ රජය ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග  කොළඹ පදනම් ආයතනයේ දී පැවති  සාකච්ඡාවේදීය. 

“සවිමත් අනාගතයට පෙරවදනක් - 2024'  යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම හමුවේ දී රජය විසින් ක්‍රියාවට නංවා ඇති සංවර්ධන වැඩසටහන් සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටළු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි. 



අදහස් (5)

ජනපති දිස්ත්‍රික් ලේකම්වරුන් කැඳවයි

Rata Perata Saturday, 16 March 2024 01:55 PM

තමන්ගේ රට සවාරි වලට අයවැයෙන් වෙන්කරපු ගාණට වැඩිය ලක්ෂ 2000ක් ගත්ත කෙනෙක් බදු මුදල් වැය කරන හැටිගැන දේශනා දෙනවා ...

:       6       14

චන්දන Saturday, 16 March 2024 06:05 PM

නිකං බොරු සෝබන එපා. පාරවල්වල යන්න බැහැ. පටන් ගනිපු වැඩ ඉවර කරන්න.

:       4       6

නරලොව හොල්මන් Sunday, 17 March 2024 06:14 AM

එක වෙලාවකට බදු ගහනවා කියලා බෙරිහන් දෙනවා. ඊළඟට පාරවල් කැඩිලා හදපියව් කියලා හදපල්ලා කියනවා. ඒවා සඳහා රජයට මුදල් කොයින්ද හිතන්නේ නැහැ. තමන්ගේ ගෙදරට එන පාර අබලන් වුණත් ඒකත් රජයෙන්ම කරපං කියලා උද්ඝෝෂණ කරනවා. චන්දනයෝ පාරේ යන්න බැරි නම් ගමේ අතපය වලංගු තත්වයෙන් තියෙන කීප දෙනෙක් හරි ඉන්නවා නම් ඒ කට්ටිය එකතුවෙලා කාණුවේ ගොඩ ගැසුණු පස් හා වැලි දමා වලවල් වහල පාර හදාගනිල්ලා... දෙපස වැවුණු කැලෑ කපා ශුද්ධ පවිත්‍ර කිරීම කරලා තමන්ගේ ශ්‍රමය රුපියලේ වටිනාකමක් පමණින්වත් රට වෙනුවෙන් වැයකර රටට සේවයක් කරන්න උනන්දු වෙයල්ලා මේක අපේ රට කියලා හිතපල්ලා. චන්දනට තොත්ත බබෙක් නොවී ටිබෙට් ජාතික මහින්ද හිමි සිංහල මිනිස්සුන්ට කියූ උපදෙස් ගැන සිතන්න හැකිවේවා...!

:       2       1

චන්දන Sunday, 17 March 2024 07:25 PM

මේක නම් හොල්මනක්ම තමයි. කාපට් පාරවල් කැඩුණාම පස් දාලා හදන්නේ අප්පද...? මෙයාව මානසික වෛද්‍යවරුන්ට පෙන්වන්න. හෙට අනිද්දා මෙයා සවල් අරගෙන පාරවල් හදන්න යයි. ඡන්දය ළඟ නිසා...

:       0       2

nimal Saturday, 16 March 2024 07:28 PM

ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති “අස්වැසුම” “උරුමය” නුසුදුසු පුද්ගලයින් වෙත ලැබෙන්නේ නම් එහි වගකීම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රදේශීය ලේකම්වරුන් ගත යුතුවේ

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1002 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site