(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා මෙම 14 වැනිදා චීනය බලා පිටත්ව යාමට නියමිතය.
ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී චීන රජය සමග සාකච්ඡා වටයක් පැවැත්වීමට ද නියමිත ය.
මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ චීන ජනාධිපති ෂී ජින් පින් මහත්වරුන් අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිත බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
ශ්‍රී ලංකාවෙි වැඩිම ණය හිමියා වන්නේද චීනයයි.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති චීනෙ යයි
විපරමා Tuesday, 10 October 2023 05:09 PM
පින් ජනපතියා රට සවාරි යනවා මිසක් රටට කරපු වැඩක් නැහැ...
monaragala Tuesday, 10 October 2023 05:25 PM
යා යුතුම ගමන මෙයයි. සකල ආකාරයෙන්ම සාර්ථක වේවා. ඊළඟට රුසියාවට. ගෞරවාන්විත රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ඉටුවේවා...! කරට කර... ඉන්දියාවේ ලෙස හාමු, ගෝල නොවේවා. භවතු සබ්බ මංගලම්....!
රටවැසියා Tuesday, 10 October 2023 06:02 PM
ගියාට කමක් නැහැ... මාධ්‍ය සාකච්ඡාවලට එහෙම යනවා නෙවෙයි... බැරීම නං ගියා කියමුකෝ...! හැබැයි මම "ගේම් කාරයෙක්" කියලා එහෙම කියනවා නොවෙයි...!
ගමේ එකාලා Tuesday, 10 October 2023 07:11 PM
ලංකාව හිඟාකන ජාතියක් බවට පත් කෙරුවේ දූෂිත, බලලෝභී, බඩගෝස්තරවාදි කාලකන්නි දේශපාලුවන්... දැන් ඉතින් හිඟමනේ යනවා මිසක් වෙන කරන්න දෙයක් නැහැ..
Rata Perata Tuesday, 10 October 2023 08:23 PM
ටෝක් දාලා තමයි යන්නේ... රටට කැළලක් වෙන දෙයක් ඇරෙන්න කිසිම වැඩක් වෙන්නේ නෑ. බොරුනම් බලන්න. වටේ ඉන්න අයට සවාරියක් දාන්න අවස්ථාවක් ලැබෙයි. එච්චරයි.
චන්දිම Tuesday, 10 October 2023 08:25 PM
අනේ අම්මපා රටේ මිනිස්සුන්ගෙන් හුරලා බදු ගහනවා. වෘත්තිකයින්ට රස්සාවෙන් ලැබෙන පඩියත් බද්දට හූරාගන්නවා. මහා ලොකුවට කතාව ඩිජිටල් කරණය. එහෙමනම් ඔය සාකච්ඡා මාර්ගස්ථ ක්‍රමවලින් කරගන්න බැරිද? අත දිගඇරලා වියදම් කරකර රට සවාරි ගහලා මොකක් හරි කියවලා කා එක්ක හරි ඉඳලා පින්තුර ගහලා මම තමයි ලොක්කා අනිත් අයට මෙහෙම කරන්න බැහැ කියලා පෙන්නාගෙන ඇවිත් ආයෙත් තව කොහේහරි යනවා එනවා මෙලෝ වැඩක් රටට වෙන්නේ නැහැ...
chandima Tuesday, 10 October 2023 08:40 PM
නැට්ට ගිනිගත්තු හනුමා වගේ දුවනවා. කිසි තැනකින් ගණන් ගන්නේ නැහැ. මොකද ජනතා කැමැත්තකින් පත්වුණු කෙනෙක් නෙවෙයිනේ... අපේ රටට ගරුකරන නිසා ඒ තැන්වලින් ප්ලේන්ටියක් දීලා එවනවා. එක එක්කෙනාගේ ඕනෑ එපාකම් පිරිමහන්න රට විනාශ කරපු එකේ පව තමයි ඔය ගෙවන්නේ...!
අරවින්ද මොනරවිල Tuesday, 10 October 2023 09:52 PM
රටේ මිනිස්සු බෙහෙත් නැතුව, ආහාර නැතුව දුක්විඳින අතරේ මහජන මුදල් කාබාසිනියා කරමින් ආතල් ගන්න රටට සත පහක වැඩක් කෙරුවේ නැති පිං ජනපතියා...
Perera Tuesday, 10 October 2023 10:59 PM
නවසීලන්තය පැත්තේ දෙන්නම් ඔබට සාදර පිළිගැනීමක්.
චන්දන Wednesday, 11 October 2023 10:08 AM
ආයේ මේ වගේ පිං චාන්ස් එන්නේ නැති නිසා ලෝකෝත්තරයා ලෝකෙ වටේ රවුම් ගහනවා. හමීඩ්ගේ රෙකෝඩ් එක කඩන්න. අහිංසක මිනිස්සුන්ගේ රීරි මාංසෙ හූරාගෙන මේ යන සවාරි සහ ගහනවා.
ranjith Wednesday, 11 October 2023 01:00 PM
ඉදකින් විතරක්