IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


‘ජනපති ගැන බොරු ප්‍රචාර’

ජනාධිපතිතුමා අසනීප වී බෙහෙත් ගන්නට ඇමෙරිකා ගිය බවට විවිධ කතා ෆේස් බුක් මගින් ද ප්‍රචාරය කරමින්  විපක්ෂය කාලකන්නි සතුටක් ලබතියි ආපදා කළමණාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා හුන්ගමදී පැවසීය.

‘ජනාධිපති තුමා ඉතාමත් නිරෝගීයි.එතුමා තව කළක් මේ රටේ පාලනය ගෙන යන බව කියන්නට කැමැතියි.ජනාධිපතිතුමා ඇමෙරිකා ගියේ පෞද්ගලික සංචාරයක් සඳහා.සමහරුන් ඒ ගැන මඩ ප්‍රහාර එල්ල කරනවා.‘

 

 



අදහස් (0)

‘ජනපති ගැන බොරු ප්‍රචාර’

එමානුවෙල් Sunday, 31 August 2014 07:46 AM

එතුමා කොහේ ගියාම කාටවත් මොකෝ? (නි)

:       0       0

තාරුක Monday, 01 September 2014 07:29 AM

ලෙඩක් දුකක් තියෙනවා නම් සුවපත් වේවා. (නදී)

:       0       0

රන්ජිත් Sunday, 31 August 2014 08:01 AM

කෙසේ නමුත් එතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු පතමු. (නි)

:       0       0

නිමන්ත Sunday, 31 August 2014 08:15 AM

දන්නේ නැති නිසා අහන්නේ අයුබෝවන්ඩ, ඔය රටවල් අපිට හතුරුකම් කරනවා කිය කියා කෑ ගහන ගමන් ඕවගේ යන්නේ මොකටද ? සමහරවිට මගේ හිතේ පෞද්ගලික මට්ටමින් තරහක් නැතුව ඇති. එ්කනේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් යන්නේ නැතුව පෞද්ගලික මට්ටමින් යන්නේ.(නදී)

:       0       0

අපොන්සු Sunday, 31 August 2014 08:25 AM

අපි දන්නවනේ, මේක ගිනි නැතුව දුම් නගින කාලයක්නේ. (නදී)

:       0       0

රුවන් Sunday, 31 August 2014 08:32 AM

ඉතින් මොකෝ මේ ඇමති තුමා කලබල වෙලා ? ජනපතිතුමාවත් එහෙම මොනවත් ප්‍රසිද්ධියේ කිව්වේ නැහැනේ. මේ වතුර හිඟ නියන් කාලේදී ඔබතුමාගේ ආපදා කළමනාකරණය මිසක් ෆේස් බුක් කළමනාකරණය අවශ්‍ය නැහැ නේද ? (නදී)

:       0       0

සීල Sunday, 31 August 2014 08:38 AM

සදාචාරාත්මක අනුව රටක ප්‍රථම පුරවැසියාගේ ආගිය කටයුතු ගැන මහජනතාව දැනුවත් කළයුතු වන්නේය. (නි)

:       0       0

අනිල් Sunday, 31 August 2014 08:44 AM

ඔය විදියට කෑගහන එකෙන්ම තේරෙනවා මට නම් යමක් (නි)

:       0       0

නසාර් Sunday, 31 August 2014 08:57 AM

බොරුව ටික කාලයයි (නි)

:       0       0

අනෝමා Sunday, 31 August 2014 09:03 AM

කවුරුත් ලෙඩවෙනවා තමයි (නි)

:       0       0

තිලංක Sunday, 31 August 2014 09:12 AM

මේවා කරලා කාටවත් සෙතක් වෙන්නේ නැහැනේ (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Sunday, 31 August 2014 09:22 AM

ඉපදීම, මහලුවීම, ලෙඩවීම සහ මරණය මේ රටවල නම් සළකන්නේ සාමාන්‍ය දෙයක් හැටියටය. ඉතාලියේ ධනවත්ම පුද්ගලයාව සිටි ෆියට් ආයතනයේ අයිතිකරු ජෝවන්නි අනියෙල්ලි මහතාට පිළිකාවක් වැළදී ඇති බව දැනගත් විට ඔහු මාධ්‍යයට කිවුවේ ඔහු සහ ඔහුගේ ලෙඩේ ගැන සංවේදී කතා නොලියා පිළිකාවෙන් ලෝවැසියා ගළවාගන්න බෙහෙතක් සොයන්න උදව් කරන ලෙසයි. (නි)

:       0       0

ප්‍රියාන් Sunday, 31 August 2014 09:23 AM

අයියෝ! මේ මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද ඇත්තටම? ඉතින් බෙහෙත් ගන්න ගියා කියමු. ඉතින් මොකද්ද තියෙන වැරැද්ද? ඕක ෆේස් බුක් වල දාන්න දෙයක්ද? (නි)

:       0       0

අබේපාල Sunday, 31 August 2014 09:34 AM

අනේ ඇත්තට මෙහෙමත් වැඩ? (නි)

:       0       0

ධම්ම Sunday, 31 August 2014 09:38 AM

ඉතින් ගියේ බෙහෙත් ගන්නම කියමුකෝ. මොකක්ද මිනිසුන්ට තියෙන රුදාව. එතුමාත් මනුස්සයෙක්නේ. (නදී)

:       0       0

අප්පුහාමි Sunday, 31 August 2014 11:06 AM

බොරු ප්‍රචාර වලින් ලැබෙන්නේ කුමක්ද? (නි)

:       0       0

රොනල්ඩ් ස්ටෝක් Sunday, 31 August 2014 11:19 AM

ඔය කිසිම කෙනෙකුට කිසිම අසනීපයක් නැහැ, අපිට තමයි සල්ලිත් නැහැ සනීපත් නැහැ (නදී)

:       0       0

සමන් Sunday, 31 August 2014 11:24 AM

ඇමතිතුමෝ, ජනාධිපතිතුමා ප්‍රතිකාර ගන්න ගිය රෝහලත් අපි දන්නවා. ඉතින් කෙනෙකුට අසනීප වෙනවා කියන්නේ ස්වබාවික දෙයක්නේ. ඕක ඔබතුමා හංගන්න හැදුවට හංගන්න දෙයක් නොවේ. එතුමට නිරෝගී සුව. (නදී)

:       0       0

මානගේ Sunday, 31 August 2014 11:57 AM

පෞද්ගලිකව ප්‍රතිකාරයකට යාම පෞද්ගලික සංචාරයක් නේන්නම්. (නදී)

:       0       0

ඩයස් Sunday, 31 August 2014 12:02 PM

අනේ මන්දා, සංචාරේ යන්නෙත් ඇමරිකාවේ, බනින්නෙත් ඇමරිකාවට. (නදී)

:       0       0

මාලක සිල්වා Sunday, 31 August 2014 12:03 PM

පව්ලේ හැම දෙනාම ඇමරිකන් පුරවැසියෝ. ඔවුන් යනවා එනවා (නදී)

:       0       0

රනිල් Sunday, 31 August 2014 12:09 PM

තව කලක් පාලනය කරන්න. හිනෙන් තමයි. (නදී)

:       0       0

තරිඳු පෙරේරා Monday, 01 September 2014 03:43 AM

මෙලොව හැම මිනිසාම අසනීප වෙනවා. ඒ මත සතුටුවන එක වැරදියි. එතුමාට දීර්ඝායු! අපි අද මෙසේ බියක් නැතුව ජීවත්වන්නේ එතුමා නිසා. (නි)

:       0       0

අශෝක Monday, 01 September 2014 12:05 PM

ජනාධිපති තුමාටත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් නීරෝගී සැප පතමි. (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Sunday, 31 August 2014 01:35 PM

ගොබෙල්ස් නමින් දාලා තියන අදහස හරි ,ඇත්ත තත්වය අපි දන්නවා.(අ)

:       0       0

මැක්ස් Sunday, 31 August 2014 01:43 PM

ජනාදිපතිතුමාට ජයවේවා ලෙඩක් දුකක් තියෙනවානම් සුවපත් වේවා. (අ)

:       0       0

සඳුනි Sunday, 31 August 2014 03:40 PM

මේ ජනාධිපති තුමාට විපතක් වෙලා යයි සිතා සතුටක් විදින අයත් ඉන්නවා. (අ)

:       0       0

නිශාන්ත Sunday, 31 August 2014 03:38 PM

මීට කලිනුත් ඔය විධියටම ප්‍රචාරයක් අරගෙන ගියා.මේ කථා වලින් වෙන්නෙ පරාජය කරන්න බැරි නිසා අසනීප කියලවත් හිත හදාගන්න විපක්‍ෂය අන්ත අසරන වෙලා කියලා මිනිස්සු හිතන එක. (අ)

:       0       0

දිල්ශාන් Sunday, 31 August 2014 03:47 PM

ඔය කට කතාව ඇත්තක් නම් මැති ඇමතිලාට කුමක් වෙයිද? (අ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 31 August 2014 04:25 PM

ගොබෙල්ස් ඔබේ අදහසට මම සියයට සීයක්ම එකගයි (නදී) ගොබෙල්ස්.ඔබගේ අදහසට මමත් 100% ම එකගයි. .

:       0       0

ජගත් ලියනගේ Sunday, 31 August 2014 04:28 PM

බැන බැන අැමරිකාවටමයි රිංගන්නේ. (නදී)

:       0       0

සාලිය ප්‍රභාත් Sunday, 31 August 2014 04:33 PM

හැමදාම කියන කතා කියලා ජනතාව රවටන්න බැහැ (නදී)

:       0       0

ශිරානි ධම්මිකා Tuesday, 02 September 2014 06:41 AM

අපි සැම ලෙඩ වෙනවා. බුදුන් පවා ලෙඩ වු බැව් කියැවෙනවා. එතුමාට අසනීපයක් නම් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.එතුමා දිගු කලක් ජීවත්විය යුතුයි. (නි)

:       0       0

ලුම්බිණි Sunday, 31 August 2014 06:46 AM

පෞද්ගලික සංචාරයක් කිව්වේ?(අ)

:       0       0

බංඩාර Monday, 01 September 2014 06:01 AM

එතුමා නැත්නම් අපිට මෙහෙම නිදහසේ ඉන්න ලැබෙන්නේ නෑ කියනදේ බොහෝ දෙනාට අමතක වෙලා. අසනීපයක් ඇත්නම් එතුමාට ඉක්මන් සුවය ලැබේවා. ඔබට ජය ජනපති තුමනි (නදී)

:       0       0

සුනිල් මාපලගම Sunday, 31 August 2014 05:37 PM

රට කොටින්ගෙන් බේරාදුන් අපේ ජනාධිපතිතුමා අපේ ආයුෂත් අරගෙන තවත් දිගු කාලයක් මේ රට පාලනය කරන්න කියා මම පතනවා! (නි)

:       0       0

චන්දිමා Monday, 01 September 2014 06:28 AM

ජනපති තුමා සංචාරය කරයි. රටත් සංවර්දනය වෙමින් පවතිනවා.අපි තාම එතනමයි.ජනපති තුමා අපි ගැනත් බැලුවොත් හොඳ නැද්ද ඡන්දෙට ඉස්සෙල්ලා. (ස)

:       0       0

ගොබෙල්ස් Sunday, 31 August 2014 07:22 AM

"බොහෝ දෙනෙකුව ටික කලක්ද, ටික දෙනෙකුව බොහෝ කලක්ද රැවටිය හැකි මුත් බොහෝ දෙනෙකුව් බොහෝ කලක් රැවටිය නොහැකිය".(අ)

:       0       0

චමල් Sunday, 31 August 2014 07:42 AM

බොරුවෙන් රවටන්න පුළුවන් ටික කාලයයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 274 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 440 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 322 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 608 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1265 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 604 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1300 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1547 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site