
(අංජුල මහික වීරරත්න)
කිසිවෙක් අත්හැරෙන්න දෙන්න එපා” තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීම සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනේ අයදුම්පත් කැඳවීම අද (28) දිනයෙන් අවසන් බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.
රාජ්‍ය සුබසාධක ප්‍රතිලාභ බලාපොරොත්තු වන මිලියන 2.4 ක අයදුම්කරුවන් මේ වන විට සුබසාධක ප්‍රතිලාභ දත්ත පද්ධතියේ ලියාපදිංචි වී සිටින බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
ඉලක්කගත ප්‍රජාවෙන් 70%ක පමණ තොරතුරු මේ වන විට පද්ධතිගත කර ඇති අතර ඉතිරි 30%ක අයදුම්පත් ප්‍රමාණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ගොනුගත වී ඇති බවත් තවත් මිලියන 1.5ක දත්ත ප්‍රමාණයක් කඩිනමින් පද්ධතිගත කිරීමට සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් කටයුතු කරමින් සිටින බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය.
වැඩසටහනේ දෙවන අදියර වශයෙන් අයදුම්කරුවන්ගේ නිවාස වෙත ගොස් තොරතුරු සංගණනය සිදු කෙරන අතර, එම කටයුතු නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දන්වා සිටී.
2025 දෙසැම්බර් මස 18
234
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති කාර්යාලයෙන් ප්‍රතිලාභ ගන්න ලියාපදිංචි ගාන ප්‍රකාශයට
nimal Friday, 28 October 2022 05:39 PM
වැඩසටහනේ දෙවන අදියර වශයෙන් අයැදුම් කරුවන්ගේ නිවාස වෙත ගොස් තොරතුරු සංගණනය කර ලබාදී තිබෙන්නා වූ තොරතුරු සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගත යුතුවේ...
මොහොඩයා Friday, 28 October 2022 06:26 PM
මෙතන පිනට කන්න ආසාවේ අයදුම්පත් දාපු කී දෙනෙක් ඇතිද?