IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජනපති කොමිසමට මහින්දගෙන් මූලික විරෝධයක්

බරපතල අපරාධ හා වංචා විමර්ශන පිළිබඳ ජනාධිපති කොමිසමට මහාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමේ බලයක් ජනපතිට නැති හෙයින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති එම කොමිසමට කැඳවීමට බලයක් නැතැයිද කොමිසම නීති විරෝධී යැයිද හිටපු ජනපතිගේ නීතිඥ ගාමිණී මාරපන මහතා අද (15) මූලික විරෝධතාවයක් මතු කළේය.

කොමිසමේ කිසිම කටයුත්තක් නීතියට එකඟ නැති බවත් හිටපු ජනපතිවරයා කැඳවූ ස්වාධීන රූපවාහිනී දැන්වීම් සිද්ධියේ කෙළවරක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සිටින බවත් ඔහු කියා සිටියේය.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා පිළිතුරු දෙමින් කියා සිටියේ කොමිෂන් සභා පනත යටතේ විනිසුරුවරුන් පත් කිරීමේ බලය ජනපතිවරයාට ඇති හෙයින් මාරපන මහතාගේ මූලික විරෝධය ප්‍රතික්ෂේප කළ යුතු බවයි.

කොමිසමේ සභාපති මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු පංච පුද්ගල කොමිසම අද හිටපු ජනපති කොමිසම හමුවට කැඳවිණි. මාරපන මහතාගේ මූලික විරෝධතාවය පිළිබඳ තීන්දුව මිනිත්තු 20කින් පමණ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හා ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සමග කොමිසමේ නිලධරයකුගේ කාර්යාලයේ තේ බොමින් සිටිනු දක්නට ලැබිණි.



අදහස් (0)

ජනපති කොමිසමට මහින්දගෙන් මූලික විරෝධයක්

ප්‍රසාද් Thursday, 15 October 2015 05:51 AM

මහින්ද මහත්තයාගේ නීතිඥවරුන් කොමිසමේ නිලධාරීන් සමඟ තේ බිව්වට කමක් නැහැ. ආප්ප කෑවේ එහෙම නැහැ නේද? (නි)

:       0       0

කවින්ද Thursday, 15 October 2015 06:10 AM

අපි කවදත් මහින්ද මහත්තයා සමඟයි (නි)

:       0       0

හේවා සරත් Thursday, 15 October 2015 06:17 AM

බලය තිබුණත් නැතත් අපි කවදත් මහින්දට (නි)

:       0       0

ඩයස් Thursday, 15 October 2015 06:19 AM

මහින්ද මහත්තයත් මිනිහෙක් නිසා වැරදි වෙන්න ඇති. බලයට ඇති ආශාවත් මිනිස්කම නිසයි. (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 15 October 2015 06:26 AM

මිනිසෙක් වූ පමණින් රාජ්‍යය නායකයකු වැරදි කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි. මහින්ද හිටපු ජනපතිතුමාගේ මුලික විරෝධය ප්‍රබල තර්කයක් බව සිතේ. (බ)

:       0       0

පෙරේරා Thursday, 15 October 2015 07:14 AM

මිනිසුන්ව රවටන සෙප්පඩ විජ්ජා නම් තවත් අපිට එපා (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Thursday, 15 October 2015 07:50 AM

මහින්ද මහත්තයා උගත් නිතිකඥවරයෙක්. සිදුවිය යුතු දේ ගැන හොඳ වැටහීමක් ඇතිනේ. (ර)

:       0       0

දුමින්ද Thursday, 15 October 2015 08:15 AM

අලුත් මෙවලම් අත්හදා බැලීමේ දෝෂ ඇතිබව පෙනේ. (ර)

:       0       0

රණේ Thursday, 15 October 2015 10:03 AM

අපි කවදත් රට බේරා ගත් මහින්ද සමගයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site