එක්සත් ජාතින්ගේ සංවිධානයේ 70 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සවස 4.05 ට කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේ ය.
ජනාධිපතිවරයා රැගත් එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 654 දරණ ගුවන් යානය ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයට පැමිණි මොහොතේ ඔහු පිළි ගැනීමට පැමිණි ජනතාව ප්‍රීති ඝෝෂා නැගූහ.
ජනාධිපතිවරයා පිළිගැනීමට හත්දහසකට ආසන්න ජනතාවක් කටුනායක නයිකන්දේ සහ ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තය පාර දෙපසට පැමිණ සිටියහ.
සිනහමුසු මුහුණින් ගුවන් යානයෙන් බිමට බට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහු පිළිගැනීමට පැමිණි මැති ඇමතිවරුන්ට ආචාර කිරීමෙන් අනතුරුව ජනතාවට අතරට ගියේය.
එහිදී පැමිණි පිරිස් රට යුධ අපරාධ චෝදනාවලින් ගලවා ගැනීම පිළිබඳව ස්තුතිය ජනාධිපතිවරයට පුද කරමින් ප්‍රීතා ඝෝෂා කළහ.
මෙම අවස්ථාවට චම්පික රණවක, අර්ජුන රණතුංග, එස්.බී දිසානායක, ලසන්ත අලගියවන්න, තිලංග සුමතිපාල ඇතුළු මැති ඇමතිවරුන් රැසක් පැමිණ සිටියහ.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති එයි
වීරසිරි Friday, 02 October 2015 04:51 PM
මයිනෝ නැත්තේ කොහෙද..? හොඳට ඉන්න ජනාධිපති තුමාව අන්දවන්නේ අපේ පාට ගාගත්තු ජනතාවම තමයි . (අ)
තිලාන් Friday, 02 October 2015 10:17 PM
බුදු සරණයි ඔබට! (නි)
සතිෂ් Friday, 02 October 2015 11:56 PM
ඔබ සාදරයෙන් පිළිගන්නවා (නි)
මහානාම කඳාන Friday, 02 October 2015 12:03 PM
දැන් ඔබතුමා හෙමිගිට පහුගිය කාලයේ රට ට විරුද්ධව, පක්ෂව වුන දේවල් අධ්‍යයනය කර බලන්න . එකත් හැටි, මේ දෙකම එකම කාලේ වුනේ ශ්‍රී ලංකාවේ අවාසනාවට තමා . (ස)
අජිත් Saturday, 03 October 2015 12:58 AM
ශ්‍රී ලංකාව ලැබූ හොඳ ජයග්‍රහණයක්. මෙහි ප්‍රතිඵල බඩු මිල අඩුකර ජනතාවටත් බෙදා දෙන්න (නි)
කපිල Saturday, 03 October 2015 02:07 AM
ඔබ රටට වාසනාවන්! (නි)
කිත්සිරි Friday, 02 October 2015 01:31 PM
ජය වේවා! (නි)
මාගලි ෆොන්සේකා Friday, 02 October 2015 04:00 PM
අනික් කට්ටිය ගියානම් යන්නේ ඔහොම පිට ගුවන් සේවාවල නෙමේ හොදේ. අපේම ශ්‍රීලන්කන් එකක සේරම දාගෙන නේද, සල්ලි ගියත් සොබනේ පෙන්වන්න ඕනිනේ ඇමරිකාවට. (ර)