අජිත් මාන්නප්පෙරුම ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ දකුණු පාදයේ වළලුකරට අඟල් තුනක් පමණ උඩින් කපා දමා ඇති අතර අනෙක් පාදයට ද තරමක් හානි සිදු වී ඇතැයි වෛද්‍යවරු කියති.
ඔහු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
මාන්නප්පෙරුම මහතාගේ සුවදුක් කෙසේදැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ බිරිය දොස්තර මොනිකා මාන්නප්පෙරුම මහත්මියගෙන් කරුණු වීමැසීය.
අවශ්‍ය යමක් වේ නම් දැනුම් දෙන ලෙස ජනාධිපතිවරයා ඇයට දන්වා තිබේ.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද මාන්නප්පෙරුම මහතා බැලීමට රෝහලට ගියේය.
ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්
කිසිදු බාධාවකින් තොරව කෘතීම බුද්ධියේ ආයෝජනය කිරීම සඳහා මාර්ගය සකසා ගැනීමේ අරමුණින් සේවකයන් 6000 ක් ඉවත්කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ තීරණය කර ඇතැයි පැව
කැනඩාවේ ඉදිකර ඇති එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකයට විරෝධය දැක්වීමට වර්තමාන ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හ
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ’ඉමියුනෝ
මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව
දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජනපති එජාප මන්ත්‍රී සුව දුක් විමසයි
සමන් Monday, 08 September 2014 02:30 PM
අපරාදේ රටට සේවයක් කරන්න හිටපු විද්වතෙක් නිකන් ජරා දේශපාලනේට සම්බන්ධවෙලා අමාරුවේ වැටුනා. (නදී)
ලක්මාල් Tuesday, 09 September 2014 05:09 PM
අපි ඔබට ඉක්මන් සුවය පතමු. ඔබට දිරිය ශක්තියෙන් ඉදිරියට යාමට තෙරුවන් ගුණ බලය හා සතර මහා දෙවිවරුන්ගේ ශක්තිය ආශිර්වාදය ලැබේවා! (නි)
සුගුනවති Monday, 08 September 2014 02:58 PM
රුපවති, ඔයානම් අපේම ගමේ කෙනෙක් වගෙයි (අ)
ධර්මකීර්ති Wednesday, 10 September 2014 08:49 AM
පොලිස් නිලධාරී මහතටත් ඉක්මන් සුවය පතමි . (ස)
ඇසළ Monday, 08 September 2014 03:07 PM
මන්ත්‍රී තුමාගේ ආරක්ෂාවට ගිය නිලධාරියගේත් දකුණු කකුල බරපතල විදියට තුවාල වෙලා කියල ආරංචියි. ඒ මනුස්යට කොහොමද කියල කිසිම තැනක සදහනක් නැහැ. ඒ මිනිහ මලත් එච්චර තමයි. කොහොම වුණත් දෙන්නටම ඉක්මනින් සනීප වේවා කියල ප්‍රර්ථනා කරමු. (අ)
ඒබ්‍රහම් සීයා Monday, 08 September 2014 03:22 PM
සාමාන්‍ය මිනුස්සු කි දාහක් ඔය තත්වයට පත් වෙනවද, කෝ ඒ ය ගැන හඩක්. දැඩි සත්කාර ඒකකය කෙසේ වෙතත් නිදා ගන්න ඇඳක් දුප්පතාට ලැබුනොත් ඒක ලොකු වාසනාවක් (අ)
කල්ප Tuesday, 09 September 2014 09:34 AM
ඔබට ඉක්මන් සුවය ලැබේවා (නදී)
තරිඳු Monday, 08 September 2014 03:43 PM
රූපවතී කිව්වා වගේ ඔය මැති ඇමැතින් හැමෝගෙම කකුල් කැපුනොත් අනිත් අයගේ දුක ටිකක් හරි දැනේවි. ඔය පක්ෂ භේදත් දේශපාලුවෝ අතර නැහැ. ඒ කට්ටිය එකමුතු වෙනවා මිනිස්සු රවටන්න. පස්සෙන් යන ගොන් රැල තමයි මිනි මරා ගන්නේ. (නදී)
සදුන් Tuesday, 09 September 2014 09:51 AM
තාම අදිවේගී මාර්ගය හදපු එකට වරදක් කීව නැති එක පුදුමයි. මොකද අපේ අය බලන් ඉන්නේ වරදක් වෙනකන් තව කාලයක් ගිහින් කීයයි පාරේ ඇදයක් තිබුන කීයලා. මොක උනත් ඔබට ඉක්මන් සුවය ලැබේවා ! (නදී)
කුමාරි Monday, 08 September 2014 04:10 PM
කරගෙන හිටිය රක්ෂාව කෙතරම් හොඳද නුතන දේශපාලනයට වඩා . අද එහෙනම් කකුල් දෙකම තියනවා . මේ දේශපාලනය උගතුන්ට හරියන්නේ නැහැ (අ)
ජැස්මින් Saturday, 13 September 2014 12:12 PM
ඉක්මන් සුව ලැබේවා ඔබ සියලු දෙනාට (නදී)
ඒබ්‍රහම් සීයා Monday, 08 September 2014 04:30 PM
මැති ඇමැතින් හැමෝගෙම කකුල් කැපුවත් උන්ගේ මුදල් හොරෙන් හම්බ කිරීමේ ආසාව නැතිවෙන්නේ නැහැ. එක්කෙනෙක් පිට රටකදී වැටිලා කකුල කඩා ගත්තා නේද? (අ)
සුරන්ජිත් ලාල් Monday, 08 September 2014 04:44 PM
නිල් පාට කෙනෙකුට ඔහොම වුණා නම් රුපවති ඔය කතාව ඔහොම කියන්නේ නැහැ මොකද රුපවතිගේ කතාවෙන් පේනවා මොන පටද කියල (අ)
ධම්ම Monday, 08 September 2014 05:15 PM
රියදුරු වෘත්තියේ වගකීම කියා කියන්නේ අනුන් කියන කියන විදියට පාගලා යන එක නොවෙයි මාලි. කෝ දැන් රස්සාව ආරක්ෂා වුණාද? (නි)
හේරත් Monday, 08 September 2014 08:50 PM
විපතේදී පිහිටවීම අපි සතු උතුම් ගුණාංගයක් (නි)
බමුණු ආරච්චි Monday, 08 September 2014 09:23 PM
පොලිස් නිලධාරියෙක් වගකීම පෙන්වා දෙන්න ගියා නම් ඔහුගේ තත්වය මොකක්ද? එම නිසා මේ සිදුවීම ගැන වැඩිය හිතන්න යන්න එපා ,අපේ අය. (නි)
බමුණු ආරච්චි Monday, 08 September 2014 09:29 PM
අර එක්කෙනෙකුට වේගය ගැන කියාදෙන්න ගිය පොලිස් නිලධාරියෙකුට වුණ දේ ගැන අපි පත්තර වලින් කියෙවුවා. එමනිසා මෙතනදී පොලිස් නිලධාරියෙක් ඉදිරිපත් නොවීම ගැන මම බොහොම සතුටුවෙනවා. (නි)
බමුණු ආරච්චි Monday, 08 September 2014 09:29 PM
දේශපාලුවන් වෙනුවෙන් දුක්වීම මා හට නම් කළ නොහැකි දෙයකි. (නි)
සත්‍යයා Tuesday, 09 September 2014 12:04 AM
සුවදුක් විමසුවා කියන්නේ අපේ හෙළ සිරිතේ එන යහපත් ගුණාංගයක්. හැබැයි රටේ අනතුරු වැළැක්වීමේ පියවරකට අත ගහන එකත් සිදුවිය යුතුයි. (නි)
රෙජි-සිඩ්නි Tuesday, 09 September 2014 12:24 AM
කෙනෙකුට අනතුරක්, කරදරයක්, සිදුවූ විට ඔහුගේ තරාතිරම බලා "හොඳ වැඩේ ඔහොම වුණ එක"කියන එක වැරදියි.මන්ද ඒ වගේ දෙයක් ඔබට සිදුවුණොත් ඔබ කැමතිද වෙන අයෙක් ඒ විදියට ඔබට කියනවට. නැහැ නේද? (නි)
අශෝක Tuesday, 09 September 2014 01:37 AM
ඉතින් පාඨකයන් අනෙක් රිය අනතුරු වලටත් මෙතන අනේ අපොයි කියලා කියනවා නේ. ලොක්කන්ගේ කරදර වලට විතරක් පාඨක භවතුන් කම්පා වෙනවා කියන චෝදනාව වැරදියි. එහෙම කියන්නේ ඉඳල හිටලා පුවත් කියවලා කාගේ හරි ප්‍රතිචාරයක් දැකලා කුලප්පු වෙන උදවිය. මේ පත්තරේ කාගේ හරි විපතක් ගැන සඳහනක් වුනොත් කුහකයන් එක්කෙනක් දෙන්නෙක් ඇරෙන්න අනෙක් හැමෝම ඒ ගැන සංවේදියි. (නදී)
යසන්ත Tuesday, 09 September 2014 11:22 AM
මිත්‍රය, ඔබට ඉක්මන් සුවය! (නි)
සන්ධ්‍යා Tuesday, 09 September 2014 11:36 AM
ඔබට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඩයස් Tuesday, 09 September 2014 02:42 AM
දේශපාලනය මොන පක්ෂයේ උනත් අපි දන්නා විදිහට මාන්ප්පෙරුම මහතා වැදගත් කෙනෙක්. වෘතියෙන් ඉංජිනේරුවරයෙක්. බොරු කියන මිනිහෙක් නොවේ. එතුමාට පාදය අහිමි උවත් තව චිරාත් කාලයක් අප අතර ජීවත් වී සමාජයට සේවයක් කිරීමට ඉඩ කඩ ලැබේවා. දෙදෙනාටම ඉක්මන් සුවය පතමි. (නදී)
මාලි Tuesday, 09 September 2014 03:30 AM
ධම්ම ඉන්නෙ ලංකාවෙද ලංකාවෙ නීතිය ක්‍රියාත්මක වන හැටි දන්නවාද? රියදුරු වෘත්තියේ වගකීම ඉටුකරන්න ගිහිල්ල අස්කලාම ඔය රස්සාවල් දෙනවද? රූපවතී බමුණු ආරච්චි ඒබ්‍රහම් සීයා ලංකාවෙ දේශපාලනය ගැන හරියට දන්නවා (නදී)
ධම්ම Tuesday, 09 September 2014 04:28 AM
මාලි දැන් ඒ රියදුරු මහත්තයාට නැවත රස්සාව දෙන්නේ ඔබද? (නදී)
කුමුදිනි වත්සලා Tuesday, 09 September 2014 04:35 AM
මිනිස්සු කොච්චර දේශපාලකයෝ පිළිකුල් කරනවද කියන එක මේ පාඨක අදහස් වලින් පේනවා. මෙවැනි හදිසි අනතුරක් පිළිබඳව ඔවුන් දාලා තියෙන අදහස් වලින් (නදී)
රෝහිත වීරසිංහ Tuesday, 09 September 2014 04:45 AM
අජිත් ඔබට සියලු දෙවි පිහිටෙන් සහ තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා. (නදී)
සුනිල් කොබෙවට්ටි Tuesday, 09 September 2014 05:05 AM
තෙරුවන් සරණින් ඔබට ඉක්මන් සුවය ලැබේවා(දිල්)
සේනාරත්න Tuesday, 09 September 2014 05:09 AM
එතුමාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.(දිල්) .
කුමාර Tuesday, 09 September 2014 05:43 AM
අනතුරයි දේශපාලනයයි අතර සම්බන්ධතාවය කුමක්ද? මේවා සිදුවන්නේ අප කරන ලද කුසල් මත. මෙතුමා මීට පෙර ආත්මයක කරන අකුසලයක් ගෙවෙන්න ඇති. කකුලක් අහිමි උනා කියල අදයිර්ය නොවී තව දුරටත් මේ රටට සේවය කරන්න ඉක්මන් සුවය පතමි. (නදී)
ලලිත් Sunday, 14 September 2014 12:02 PM
ඔබට ඉක්මන් සුවය ලබා යලි ජනතා සේවයට එකතු වීමට ලැබේවා! කියා පතමි. (නදී)
කපිල Tuesday, 09 September 2014 06:27 AM
ඔහු හොද මනුස්සයෙක් (නදී)
රූපවකී Wednesday, 10 September 2014 06:50 AM
සුරන්ජිත් ලාල්, මම මැරිලා ඉපදුනු කෙනෙක්වත් බත් පතට, බීම විදුරකට, ජාතියක් රටක්, සිදු වීම අමතක කරන්න පුළුවන් කෙනෙක් නොවෙයි. පාට අපිට කෙසේවත් අදාළ නොවන අතර බහුතරයක් වශයෙන් අපේ රටට ජන ජීවිත අපේ අනාගත දරු පැටවුන්ට විදින්න සිදු වූ කාලකන්නි ඉරණම විසදන්න කල්පයක් ගියත් මේ දේශයට බැරි වග පෙනෙනකොට ශ්‍රී ලාංකිකයෙක් හැටියට හිතට වාවන්නේ නැහැ. ඒ දුක දරා ගන්න බැරි නිසයි මේ වගේ සිතුවිලි හදවත ඇතුළාන්තයට ගලා ගෙනවිත් ඇගිලි තුඩෙන් පිට වෙන්නේ (නදී)
ශාන්ත Tuesday, 09 September 2014 07:19 AM
ගමනක් යනවිට කට වරද්දගන්න හොද නැත. අදිවේගී මාර්ගය හදපු එකට විරුද්දව කතාකරලද ? (නදී)
දිනුෂා ගයනි Tuesday, 09 September 2014 07:23 AM
ඉක්මන් සුවය ලැබේවා!!(දිල්)
ධම්ම Monday, 08 September 2014 12:08 PM
බලන්න රියදුරු වෘත්තියේ වගකීම නොදත් මිනිසෙකු නිසා සිදුවී ඇති අපරාධය.(නදී)
අජිත් මදුරප්පෙරුම Tuesday, 09 September 2014 07:40 AM
ඉක්මන් සුවය ලබා ජනතා සේවයට හැකි ඉක්මනින් එන්නට ලැබේවා. (නදී)
මිලානො ජයන්ත Monday, 08 September 2014 12:17 PM
හරිම කනගාටුයි. නොසැලිකිලිමත් රිය දාවනය නිසා වෙච්ච හරියක්. (නදී)
භානු Monday, 08 September 2014 12:47 PM
නපුරු කලට සත හට පැමිණේ විපත කිව්වාලු. මේ දවස් වල අහන හැම දෙයක්ම කාට හරි රිය අනතුරක් මරණයක් කරදරයක් නේද ? මෙතුමාට ඉක්මන් සුවය පතමි. (නදී)
සරත් විමලසිරි Monday, 08 September 2014 01:25 PM
කෙනෙකුගේ දුකකදී ජාති' ආගම් , පක්ෂ වලින් තොරව පිහිටවන ජාතියක උපන් අපි. ඔබට ඉක්මන් සුවය ලැබේවා (නදී)
ඉසුරන්දි Monday, 08 September 2014 01:32 PM
පාදයක් කැපුවයි කියන්නේ ඉතින් කියල වැඩක්ම නැහැ ඒ ගැන. (නදී)
රූපවතී Monday, 08 September 2014 01:38 PM
මෙයාගේ ජීවිතේ බාගයක් හරි ඉතුරු උනා. යැපෙන්නේ මහජන මුදලින්, දැන් ඔය සිදු උන ඇක්සිඩන්ට් එකේ වන්දිත් එයාලට ජීවිත කාලෙටම හරියන්න අසරනයින්ගෙන් බදු මුදලින් පියවා ගනීවි. එ්ත් හිතන්න දුප්පත් මිනිහෙක්ගේ කකුල කැපුවොත් ඔය වගේ දෙයකින් කව්ද පවුල නඩත්තු කරන්නේ ? අවාසනාවන්ත විදියට දිනකට මැරෙන අසරණයෝ ගැන කිසිවෙකු හඩ නගන්නේ නැහැ , මැති ඇමැතිලාගේ ජීවිත පමණද ඉස්තරම් ජීවිත, ඔය සේරමලගේ කකුල් කැපිල යනවා නම්, එදාට හැමෝටම තේරෙයි මිනිස් ජීවිතයක වටිනාකම. (නදී)
ගාමිණී Monday, 08 September 2014 01:36 PM
මන්ත්‍රී තුමාට ඉක්මන් සුවය ලැබේවා, ජනාදිපති තුමා ඉතා සංවේදීයි. මොනරාගල මැරයෝ අදම මෙල්ල කොට ජනතාවට සාදාරනය ඉටුකර දෙන්ඩ මැති තුමනි. (නදී)
උමේෂ් Thursday, 11 September 2014 08:20 AM
මම දන්නා හැටියට මෙයා හිත හොද මනුස්සයා. අපරාදේ මෙහෙම උනේ. ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. (නදී)
අනුර Monday, 08 September 2014 01:47 PM
රනිල් මහතා ලෙඩා බලන්න ආ එක හොද දෙයක් එ්ත් යමක් දන්න මනුස්සයෙක් විදිහට කබායක් නැතිව අයි.සී.යු එකට ඇතුල් වෙන එකනම් වරදක් මෙතන ඉන්න හෙදියත් ඩොක්ටත් ලොකු වරදක් කරන්නේ (නදී)
තුසිත Monday, 08 September 2014 01:53 PM
තෙරුවන් සරණින් ඉක්මනින් සුව වේවා (නදී)
මාලි Monday, 08 September 2014 02:09 PM
ධම්ම ඔයාගෙ කතාව වැරදියි. මේ අයට ඕන විදියට වාහනේ එලෙව්වෙ නැත්නම් රස්සාව නැතිවෙනවා. කොහොමත් මේ අයට යන්න ඕන පස්සෙන් කොටි පන්නනවා වගේ. සාමාන්‍ය පාරවල්වල යනකොටවත් හෙමින් ගමනක් තියෙනවද පාරෙ තවත් මනුස්සයො යනවයි කියල හිතන්න මොලයක් තියෙනවද (නදී)