IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපති ඉතාලි යයි

ශ්‍රී ලංකාවට සැපත්වන ලෙස ප්‍රැන්සිස් පාප්තුමාට ඇරැයුම් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන ඔක්තෝබර් හතරවැනිදා ඉතාලියේ මිලානෝ නගරයේ සංචාරයක නිරතවන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා උතුරු ඉතාලියේ ව්‍යාපාරික ප්‍රජාව සමග පැවසීය.

  මෙම උත්සවයට වයඹ පළාත් අමාත්‍ය සනත් නිශාන්ත, ජනාධිපති මාධ්‍ය අධ්‍යෂක සුදත් දසිල්වා යන මහත්වරුද සහභාගීවූහ.

 ජනාධිපතිගේ මෙම සංචාරය සංවිධානය කරනුයේ  ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනි. මෙම උත්සවය සංවිධානය කිරීම සඳහා මීට පෙර මිලානෝ හා ඒ අවට  ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡාවට දෙකක් පැවැත්විනි. මෙහිදී තානාපතිවරයා ප්‍රකාශකර සිටියේ ජනාධිපතිතුමා  පිළිගැනීමට බෙර ගැසිමට නොහැකිබවයි.  එයට හේතුව වන්නේ ආරක්ෂක හේතුමත බෙර පලන බවයි.



අදහස් (0)

ජනපති ඉතාලි යයි

ගාමිණී Wednesday, 01 October 2014 12:51 PM

පැමිණීමට ප්‍රතිචාර දක්වල තානාපති කාර්යයාලයේ සේවකයෝත් රෝමය වැඩ නැහැ .සේවාකටයුතු වලට යන අහිංසක මිනිසුන්වත් ආපහු හරවන්නේ ඇයි. කරුණාකර සොයා බලන්න බොරුද කියා .(අ)

:       0       0

මැණික් Thursday, 02 October 2014 03:59 PM

ඔබයි අපේ ශක්තිය! (නි)

:       0       0

නයනි Wednesday, 01 October 2014 12:55 PM

රොෂාන් ඔබ හරි .දැන් දැන් වෙරෝනවලත් බස් සුදානම් කරනවා නොමිලේ යන්න මිලානෝ (අ)

:       0       0

රුවන්තක මිලානෝ Wednesday, 01 October 2014 01:18 PM

මෝදෙනා නගරයේ එක්තරා ලංකික ව්‍යාපාරිකයෙක් කොළඹ නගර අලංකරණයට මසකට රුපියල් කොටි දහයකට අධික 'ටයිල්' වර්ග සහ 'සෙරමික්' සහ ලෝහ භාණ්ඩ ලංකාවට අපනයනය කරනවා. ඔහු මේවා මෝදෙනා වරායට ගෙනයාමට බඩු දුම්රියක් පවා බදු ගෙන තිබෙනවා.(අ)

:       0       0

අබේපාල Wednesday, 01 October 2014 03:59 PM

නන්ද, කරුවලේ අතගාන්න එපා. අපි කන හැටි ළිපා දනී (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 01 October 2014 08:41 AM

ඉතාලියේ ශ්‍රී ලංකික ප්‍රජාවගේ මුල්‍ය ශක්තිය කෙසේද යත් සෑම දේශපාලකයෙක්ම දැන් දැන් මිලානෝ නගරය නොගිහින්ම බැරි නගරයක් සේ සලකති. (ස)

:       0       0

මිලානෝ රොෂාන් ජයමාන්න Wednesday, 01 October 2014 08:43 AM

නොමිලේ ජිනීවා යන්න ලැබුණු බස් වලට ටිකට් කඩා එකතු කරන ලද මුදල් වලට කුමක්ද වුනේ? මෙයට විසදුමක් දැන් වත් සොයන්න බලමු. (ස)

:       0       0

සමන් Wednesday, 01 October 2014 08:49 AM

අර පෝරිසාදයවත් අරන් යනවද දන්නැහැ මේ සැරෙත් ..? (ස)

:       0       0

මංජුල Thursday, 02 October 2014 12:13 AM

ඔබ යන ගමන සාර්ථක වේවා! (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 01 October 2014 08:51 AM

ඇති ගරු ජනාධිපති තුමන් ව උතුරු ඉතාලියේ මිලානෝ නගරයට සම්ප්‍රාප්ත කරවන්න මුල් වූ ඉතාලියේ කෝටිපති ව්‍යාපාරික කීර්තිරත්න මහතාට මම ස්තුති වන්ත වෙමි. (ස)

:       0       0

සෙහාන් අමරසිංහ Thursday, 02 October 2014 04:35 AM

රුවන්තක මිලානෝ @ මොදෙන කොහෙද වාරයක් තියෙන්නේ. හරියට එක අනුරපුරේ වාරායක් තියෙනවා කිව්වා වගේ.බොරු දැම්මට කමක් නෑ.පිළිගන්න පුළුවන් එකක් දාන්න. (අ)

:       0       0

නලින් මිලානෝ Thursday, 02 October 2014 05:21 AM

.සිංහලයෙනි, නැගිටිවු මගේ රට පවුල් දේශපාලනයේ බෙර ගනිවු . (අ)..

:       0       0

පද්මිණී Thursday, 02 October 2014 05:21 AM

දැන් ඔය ඉතාලියේ අගමැති එනකොටත් බෙර ගහල උත්සව පවත්වනවාද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 202 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site