IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනපති අරමුදල ඉරිදා මධ්‍යම පළාතට යයි

(අංජුල මහික වීරරත්න)

2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයින් ඇගයීම සඳහා ජනාධිපති අරමුදල ක්‍රියාත්මක කරන වැඩසටහනේ මීළඟ පියවර මධ්‍යම පළාතේ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කර තිබේ.

ඒ අනුව ජනාධිපති අරමුදලේ මධ්‍යම පළාත් වැඩසටහන ලබන ඉරිදා(14)අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත් වේ.

මෙහිදී මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි 2023 සහ 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ ඉහළ ප්‍රතිඵල ලබා ගත් සිසුන් 10 දෙනකු බැගින්, සිසුන් 360 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් ප්‍රදානය කෙරෙන අතර මේ සඳහා ජනාධිපති අරමුදල වැය කරන මුදල රුපියල් මිලියන 36කි.

මේ අතර, මහනුවර මහයියාව ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති පවුල්වල පාසල් දරුදැරියන් වෙනුවෙන් ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහනක්ද ඉරිදා(14) පස්වරු  1.30ට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

එමෙන්ම, ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමට අදාලව මධ්‍යම පළාතේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය බාර නිලධාරීන් සඳහා විශේෂ එක්දින පුහුණු වැඩමුළුවක්ද  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී හෙට (13)

පැවැත්වේ.

මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරන විෂය නිලධාරීන් දැනුවත් කිරීම එහිදී සිදු කෙරෙන අතර මධ්‍යම පළාතේ ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභීන් ප්‍රමාණය වැඩි කිරීම, ප්‍රතිලාභීන් වෙත ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීම, නවීකරණය වූ මාර්ගගත ක්‍රමවේද හදුන්වා දීම සහ වඩාත් කඩිනම් සේවා සැපයීම පිණිස අවශ්‍ය දැනුම සහ පුහුණුව ලබා දීම මෙම වැඩසටහන මගින් අපේක්ෂා කෙරේ.



අදහස් (0)

ජනපති අරමුදල ඉරිදා මධ්‍යම පළාතට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 101 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 905 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site