IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපති අයවැය රහසක් කියයි

(අංජුල මහික වීරරත්න)

ලෝකයේ තරඟකාරී ආර්ථිකය සමඟ ඉදිරියට යාමට  ශ්‍රී ලංකාව සූදානම් කිරීම වෙනුවෙන් ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 

ඒ සඳහා වූ සැලැස්ම ඉදිරි අයවැය කථාවේ දී රටට ඉදිරිපත් කරන බවත්, එම වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය නීති ගෙන ඒමටද බලාපොරොත්තුවන බවත් ජනාධිපතිවරයා පැවසීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ කොළඹ මොනාක් ඉම්පීරියල් හෝටලයේ පැවති “ජාතික තොරතුරු තාක්ෂණ සම්මාන උළෙල - NBQSA 2023”  අමතමිනි. 

දේශීයව පුද්ගලයින්ගේ සහ සංවිධානවල කැපී පෙනෙන තොරතුරු සන්නිවේදන තාක්ෂණ නිෂ්පාදන සහ නවෝත්පාදන සඳහා ඉහළ පිළිගැනීමක් ලබා දීම මෙන්ම ඔවුන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිෂ්පාදන සහ සේවා සඳහා අන්තර්ජාතික තලයකදී තරඟ කිරීමට වේදිකාවක් නිර්මාණය කර දෙමින් තොරතුරු තාක්ෂණ වරලත් ආයතනය වන බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ ශ්‍රි ලංකා අංශය විසින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි. 



අදහස් (6)

ජනපති අයවැය රහසක් කියයි

gamika Thursday, 26 October 2023 04:51 PM

කියන දේ නොකරන, කරන දේ නොකියන... බලය ඇතිවිට මොලය නැති... මොලය නැතිවිට බලය ඇති..., ඔය දෙකම නැතිවිට වාරු නැති... වැලටත් නැති, ගහටත් නැති, මුලටත් නැති 8 වැනි පින් ජනපති...!

:       22       39

සුන්දරම් පදුහෙට්ටිනාන් Thursday, 26 October 2023 05:09 PM

හොඳයි ජනාධිපතිතුමා, හැබැයි ICTA එක නම් ළඟකටවත් ගන්න එපා. ඔබතුමා කිව්ව විදිහට අවුරුදු 20ක් ගිහිල්ලත් ඔය ආණ්ඩුවේ කන්තෝරුවට ඵළදායි වැඩක් කරන්න බැරි වුණා. කෝටි ගණන් වියදම් කළා අපරදේ. තවමත් විද්‍යුත් හැඳුනුම්පත දී ගන්න බැරිවුණා. ඉතින් තව මොනවාටද ඕවා නඩත්තු කරන්නේ...?

:       4       25

අරවින්ද මොනරවිල Thursday, 26 October 2023 07:02 PM

සභාවෙන් සිනහා! සභාවෙන් තදින් සිනහා !! සභාවෙන් නොනවත්වා සිනහා!!!

:       7       25

chinthana Friday, 27 October 2023 12:13 AM

මෝඩ පිස්සෙක් !!!

:       3       4

Perera Friday, 27 October 2023 12:19 PM

අවුරුදු 45ක් පාර්ලිමේන්තුවේ, 6 පාරක් අගමැති, කරපු දෙයක් නැහැ මෙයා...

:       1       4

Rata Perata Friday, 27 October 2023 01:46 PM

ඔය රහස් මෛත්‍රීට කියන්න. අපිට ඕවා මොන්ටිසෝරි කතා විතරයි.... දැන්නම් මෙයා කප් එක ගහයි වගේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site