IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජනපති අප්‍රිකා කලාප රාජ්‍ය නායකයින් හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රිකා කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් කිහිප පළක් සමඟ  ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා (Cyril Ramaphosa) මහතා අතර හමුවක් ද පැවැත්විණි.

මෙහිදී දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා සුහදශීලිව පිළිගත් අතර අනතුරුව නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූහ. 

මේ අතර ටැන්සානියාවේ අග්‍රාමාත්‍ය කසීම් මජලිවා ( Kassim Majaliwa ) මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළේය.

එමෙන්ම බහමාස් අග්‍රාමාත්‍ය පිලිප් ඊ. ඩේවිස් ( Philip E. Davis) ,  ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය අබේ අහමඩ් (Abiy Ahmed) , බෙනින් ජන රජයේ උප ජනාධිපති මාරියම් චාබි තලතා (Mariam Chabi Talata) මහත්ම මහත්මීන්  ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා වල නිරත විය.



අදහස් (5)

ජනපති අප්‍රිකා කලාප රාජ්‍ය නායකයින් හමු වෙයි

ගමේ එකාලා Saturday, 20 January 2024 04:27 PM

උගන්ඩාවට ගිය වෙලේ මහින්ද හන්ගපු ඩොලර් ගැන හොයලා බැලුවොත් නරකද?

:       0       0

Asank Saturday, 20 January 2024 10:22 PM

මෙයා 1977 ඉදලා රාජ්‍ය නායකයින් හමුවෙන්න පිටරට යනවා මොනවද අපට උන වාසිය කියන්නකෝ එහෙම වාසි උනා නම් අද මේ රට මේ තත්වයේ තියෙන්න විදිහක් නැහැනේ. අපේ බදු සල්ලි වලින් මේගොල්ලෝ කෝටි ගණන් සුද්දෝ වගේ වියදම් කරලා කාලා බීලා සැප අරගෙන හිස් අතින් ලංකාවට එනවා. ලංකාවේ දේශපාලනය කරනවා කියන්නේ නිධානයක් ලැබුණා වගේ තමයි. මේගොල්ලෝ එදා ඉදල කලේ අපිව ඇන්දුව එක තමයි මේගොල්ලෝ ගැන දැන් අපට හොදට තේරෙනවා.

:       0       0

chandima Saturday, 20 January 2024 10:51 PM

ඉතියෝපියාවෙන්, සෝමාලියාවෙන් එහෙමත් ණය ගන්න වගේ යන්නේ...!

:       0       0

nihal Sunday, 21 January 2024 12:25 AM

මෙ සියලුම රටවලින් තමුන් නය ඉල්ලුවද ටයි කොට් ඇඳගෙන ....

:       0       0

චතුරි Sunday, 21 January 2024 03:20 AM

මුන් සේරම හොරු. හොරු හොරු එකතුවෙලා. වැදගත් රටක නායකයෙක් මේ විදියට ඉදගන කතා කෙරුවද. ලගින් යනකොට හරි. පස්සෙන් ගිහින් හරි තමයි ඒවගේ. කට්ටිය සමග කතා කරන්නෙ අසරන මිනිසුන්ගෙ සල්ලි වලින් රට සවාරි ගහන කාලකන්නි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site