IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනපති අගමැති කතරගම

රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ තෝරාපත් කර ගැනීමේ ක්‍රමය වෙනස් කිරීමට රජය අදහස් කරයි. අද (22) අලුයම කතරගම ගිය මෛත්‍රිපාල සිරිසේන ජනපතිට, රනිල් වික්‍රමසිංහ අගමැතිට හා බුද්ධ ශාසන ඇමැති කරු ජයසූරියට රුහුණු මාගම්පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස හිමියන් පැවසූවේ විහාර දේවාලගම් ආඥාපනත සංශෝධනය කර දේශපාලනයෙන් තොර ස්වාධීන පුද්ගලයකු බස්නායක නිළමේ තනතුරට පත් කිරීමට ක්‍රියා කළ යුතු බවයි.

බස්නායක නිළමේ පත් කරගැනීම සඳහා දැනට ඡන්දය හිමි 17 දෙනා වෙනුවට ඌව පළාතේ සියලු විහාරස්ථාන වෙත ඡන්ද අයිතිය ලබා දුන්නොත් දැනට පවතින ප්‍රශ්න රැසකට විසඳුම් ලැබෙන බව සරණතිස්ස හිමියෝ කීහ.

කතරගම බස්නායක නිළමේ පත් කිරීම සඳහා දැනට ඡන්ද බලය හිමිවී ඇත්තේ ඌවේ ප්‍රාදේශිය ලේකම්වරු 11 දෙනාටත්, කතරගම පන්සල් 4කටත් (කිරිවෙහෙර, අභිනවාරාමය, වැඩිහිටිකන්ද හා මහසෙන්), වැඩබලන බස්නායක නිළමේටත් හා බිබිල කොටබෝව දේවාලයටත්ය.

බුද්ධ ශාසන ඇමැති කරු ජයසූරිය මහතා පැවසූයේ එම යෝජනාව ඉදිරි සංශෝධනයකදී සලකා බලන බවයි. කිරි වෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද, වැඩිහිටිකන්ද විහාරාධිපති කිරින්දේ ඥානානන්ද, වැඩබලන බස්නායක නිළමේ යසසිරි කස්තුරිආරච්චි හා පළාත් සභා මන්ත්‍රී දයා ගමගේ මහත්වරුද මේ සාකච්ඡාවට එක්වූහ.

ජනපති හා අගමැති අද අලුයම කතරගම කිරිවෙහෙර හා මහ දෙවොලේ ආගමික වැඩසටහන්වලට ගියේය. 

1 2 5 8 13



අදහස් (0)

ජනපති අගමැති කතරගම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 914 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 625 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site