
(ටී.කේ.ජී.කපිල)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, චීනයේ සිදු කළ සිව් දින නිල සංචාරය නිමා කර කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (17) රාත්‍රීයේ පැමිණියේය .
එතුමා සමග මෙම සංචාරය සදහා අමාත්‍ය විජිත හේරත් සහ බිමල් රත්නායක යන මහත්වරුන් ද සහභාගී වී සිටියහ .
මෙම සංචාරය නව රජය බලයට පත් වූ පසු චීන රජයේ ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් සිදු කළ ආරාධනයකට අනුව සංවිධානය කර තිබුණි .
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිය සසංචාරය නිමා කරමින් චීනයේ චෙන්ඩු නුවර සිට , චීන ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (17) රාත්‍රී 09.05ට පැමිණ තිබුණි .
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස ඉකුත් 13 දින රාත්‍රී සිය චීන සංචාරය සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් චීනය බලා පිටත්ව ගොස් තිබුණි .
COMMENTS
අනුර කුමාර දිසානායක 2015 පෙබරවාරි 8 වන දින "ලංකාවේ පළවෙනි වතාවට කොළඹ ගෝල්ෆේස් පිට්ටනිය ඉදිරිපිට අක්කර 575ක් චීනයට ගොඩ කරලා චීන දූපතක් හදන්න දුන්නා. අක්කර 575ක් ගොඩට එන්න පතුලේ අක්කර 1000ක්වත් තියෙන්න ඕනේ... ගල් විතරක් කියුබ් කෝටි 12ක් ඕනේ. ඕකට නෙවෙයි රාජපක්ෂලා පරාජය කළේ. මහ මුහුද ගොඩකිරීම නතර කළ යුතුයි. නතර කිරීම සඳහා වන බලපෑම ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපි සිදු කරනවා,"
අම්මෝ ඉවරයි... තව බේගල් ටිකක් අහගන්න ලෑස්ති වෙමු.
ඔබලා ඔක්කොම කතා කරන්නේ චීනයට ගිය අය ගැන විතරයි. ජපානයට ගිය රන්වල ගැන එක ජෙබයියෙකුට මතක නෑ නේද? එයා එහෙ නැහෙනවා.
පොරෝලිස් උන්නැහේ ඔය මම කියපු එකක් නෙවෙයි. ඔහේගේ දෙයියා ඔහෙලා වගේ ගල් මෝඩයෝ අන්දන්න 2015 පෙබරවාරි 8 වෙනිදා තංගල්ලේදී කිව්ව එකක්...!
පව් අනේ.. පොරෝලිස්ට මොනවත් මතක නෑ.
අනේ පොරෝලිසෝ...!
සීයා ඉංග්‍රීසියෙන් කරද්දී විකිණීමක්, අයියා සිංහලෙන් කරද්දී ආයෝජනයක් වී ඇති අපූරුව... නූගත් ජෙබයියෝ...