IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ජනපති-ජපාන නිපොන් පදනමේ සභාපති හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපානයේ නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යභාරය වන බවත් එම වැඩපිළිවෙළට සමගාමීව අධ්‍යාපනය නඟාසිටුවීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙම හමුවේදී සඳහන් කර සිටියේය.

මෙරට ජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපනය නඟා සිටුවීමට මෙන්ම ආබාධිත ප්‍රජාවගේ සුබසාධන කටයුතු වෙනුවෙන් මැදිහත් වන බව මෙහිදී නිපොන් පදනමේ  සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා පැවසීය.

විශේෂයෙන් යාපනය ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා සහාය ලබා දීමට තම සංවිධානය අපේක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

එසේම මෙරට ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය තුරන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ නව රජය ගෙන යන වැඩපිළිවෙළ  වෙනුවෙන්  විශේෂ ව්‍යාපෘති ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.

දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කිරීම පිළිබඳවද මෙහිදී අවධානයට ලක් විය. 

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති  ජ්‍යෙෂ්‍ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජපාන තානාපති අකියෝ ඉසොමාටා (Akio ISOMATA) ,  සසකාවා සෞඛ්‍ය පදනමේ සභාපති ආචාර්ය ටකහිරෝ නන්රි (Takahiro Nanri), නිපොන් පදනමේ විධායක අධ්‍යක්ෂ ඉචිරෝ කබසාවා (Ichiro Kabasawa),   යන මහත්වරු ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (1)

ජනපති-ජපාන නිපොන් පදනමේ සභාපති හමුවෙයි

සෙනෙවිරත්න Friday, 07 February 2025 05:34 PM

අනේ අපිට මේවා බලාගෙන ඉන්න බැරියෝ, හාල් පොල් අඩුවට දියෝ, අපරාධකරුවන් මෙරටට ගෙන්වීම, හොරට වන්දි ලබා ගැනීම අපට අදාළ නැතෝ...

:       6       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 407 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 447 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site