IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ජනපතිට අමතර දෙවසරක් රට බාර දෙමු

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කොවිඩ් නිසා ජනාධිපතිවරයාට නැතිවූ  වසර දෙකක කාලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ලබාදීමට යෝජනාවක් ගෙන ආ යුතු බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී  ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (21) පැවසුවාය.

ඒ සමගම  පාර්ලිමේන්තුවේ කාලයද  වසරකින් දෙකකින්  දීර්ඝ කිරීමට යෝජනාවක් ගෙන ආ යුතු බව ඇය සඳහන් කළාය.

ගමගේ මහත්මිය මෙසේ පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

කොවිඩ්  නිසා  අහිමි වූ කාලය තිබුණේ නම්  සියලු අධිවේගී මාර්ග සාදා නිම කිරීමට හැකියාව තිබූ බවත් මේ රටේ අධිවේගී මාර්ග හැදුවේ රාජපක්ෂවරුන් බවත්  ඇය කීවාය.

"අපි ඉන්නකන් ජනාධිපතිතුමාට  ෆේල්  වෙන්න ඉඩ දෙන්නේ නැහැ" යැයිද  ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කළාය.

කොවිඩ්  අර්බුදය නිසා  මුළු ලෝකයම ගැටළුවලට මුහුණදී සිටින බවත්   එංගලන්තයේත් අද පෝලිම් පවතින බවත් ඇය සඳහන් කළාය.

ඒ රටවලත් අද ආහාර හිඟයක් පවතින බව  මන්ත්‍රීවරිය  වැඩිදුරටත් කීවාය.



අදහස් (79)

ජනපතිට අමතර දෙවසරක් රට බාර දෙමු

sharm warn Friday, 21 January 2022 04:50 PM

මේ අවුරුදු 2කට කරපු අපරාධ බලාගෙන තව අවුරුදු 2 ක් දෙන්න අම්ම අප්පගේ බූදලය කියලා හිතුවද?

:       8       424

AJITHFriday, 21 January 2022 11:30 PM

ඉදිරි වසර දෙක සජිත්ව අගමැති කරමු, රටේ ජනතාව මුහුණ දෙන අර්බුධ විසඳමු

:       68       27

සලීම්Saturday, 22 January 2022 07:41 AM

හිටපු විගණකාධිපතිතුමා කියලා තිබුණා ලංකාවේ ජනාධිපති පුටුවේ හොරකම්, දූෂණය, නාස්තිය, පවුල් පාලනයක් නැති අවංක මොන යම් කෙනෙක් පත්වුණත් මේ රටේ තියෙන සම්පත්වලින් රට ගොඩ ගැනීම කළහැකියි කියලා. ඉතින් දැන් කවුරු මොනවා කිව්වත් ඊළඟට රටේ නායකත්වය ලැබෙන්නේ සජිත්ට පමණමයි. මොකද පහුගිය ජනාධිපති ඡන්දෙන් රනිල් UNPය නොදී මාස දෙකේ අලුත් පක්ෂයෙන් ඡන්ද ලක්ෂ 56ක් අරගෙන රටේ දෙවෙනියා වුනේ එතුමායි. අනික පාර්ලිමේන්තු අවුරුදු 26ක පළපුරුද්ද සහ මහජන මුදල් සත පහක් හොරකම් නොකරපු, දුප්පතාගේ දුක හඳුනන, ඊළඟ රටේ නායකත්වයට සුදුසුම එකම කෙනා එතුමාම පමණයි.

:       20       19

Dr. Vajira FernandoSaturday, 22 January 2022 10:11 AM

මේ අර්බුදයට විසඳුම් හොයන්න තියා අර්බුදය තේරුම් ගන්නවත් සජිත්ට බෑ. මීළඟ ඡන්දෙන් අනුර ජනාධිපති කරන්නත් ජවිපෙට බලය දෙන්න රටේ මිනිස්සු දැනටම තීරණය කරලා ඉවරයි.

:       15       53

Prabha Friday, 21 January 2022 04:50 PM

ඒත් ඒ රටවල නායකයෝ නැතිවුණු කාලය ඉල්ලලා ඇද වැටෙන්නේ නැහැ.

:       3       209

Nuwan Friday, 21 January 2022 05:03 PM

කෙනෙක්ගේ නොහැකියාවට කෝවිඩ්වලට දොස් කියන්න එපා. අපිට වඩා දුප්පත් රටවල් මේ වගේ වැටුණේ නැහැ. මොකද ඒ රටවල පාලකයෝ නාස්තියෙන්, දූෂණයෙන් තොර බුද්ධිමත් තීරණගත් නිසා..

:       7       372

vidura Friday, 21 January 2022 05:05 PM

එංගලන්තයේ පෝලිම් තිබුණේ භාණ්ඩ හිඟවෙලාවත්, ආර්ථිකය කඩාවැටිලාවත් නෙවෙයි හලෝ..!!!

:       5       290

ArunaSaturday, 22 January 2022 04:38 AM

හරියට හරි. අලුත් යුරෝපියන් වීසා ක්‍රමය නිසා රියදුරන් හිඟයක් ඇතිවුණා. නමුත් ආණ්ඩුව ඒක සති දෙක තුනක් ඇතුළත විසඳුවා. අද වෙනකොට කිසිම හිඟයක් නෑ. ලංකාවට වඩා බඩු ලාබයි මෙහේ...

:       0       32

Pradeep Friday, 21 January 2022 05:07 PM

ආයේ කවදා පාර්ලිමේන්තු එන්නද? නේද?

:       6       201

Dr, Vajira FernandoSaturday, 22 January 2022 10:08 AM

මීළඟ ඡන්දෙන් අනුර ජනාධිපති කරන්නත් ජවිපෙට​ බලය දෙන්න රටේ මිනිස්සු දැනටම තීරණය කරලා ඉවරයි...

:       13       40

Lalith M Friday, 21 January 2022 05:07 PM

ඉවරෙටම ඉවරයි. රට නොවේ. රාජපක්ෂ නාමය. 1975 - 77 වුණු දේ නැවතත්...

:       7       188

vikum Friday, 21 January 2022 05:08 PM

කෝවිඩ් ලක්ෂණ නැතිවත් සමහරක්ට කොවිඩ් තියෙන්න පුළුවන් කියන්න හොඳ සාක්ෂියක්...!

:       6       137

Chandima Friday, 21 January 2022 05:19 PM

හොඳ වෙලාවට එතුමා බැඳලා උන්නේ. එහෙම නොවෙන්න මොන මොන යෝජනා ගෙනෙයිද දන්නේ නැහැ.

:       8       162

RaveendraFriday, 21 January 2022 06:28 PM

අනේ මන්දා අපිටත් දැන් අවුරුදු 100 ලබන්න තව එක අවුරුද්දයි තියෙන්නේ... ඒ නිසා මුකුත් ඒ ගැන කියන්න බැහැ.

:       8       42

chandimaSaturday, 22 January 2022 12:49 AM

ට්‍රම්ප් වගේ හිතන්න පුරුදු වෙන්න. 100න් පටන් ගන්න.

:       0       3

sapumal Friday, 21 January 2022 05:19 PM

නියමයි... අපි එහෙම කරමු. හැබැයි අපේ අතිගරු ජනාධිපති ශ්‍රීමතාණන් පැරදුණොත් එවෙලේම ඉල්ලා අස්වෙලා ඡන්දෙකට යන්න ඕනේ. එයා දින්නොත් අපි බලමු අවුරුදු දෙක ගැන. එහෙම නම් හා...!!

:       3       92

ලක්සිරි පැරිස් Friday, 21 January 2022 05:35 PM

මම ඉන්න රටේ නම් පොලිම් නැහැ... බොරු කියන්න එපා.

:       5       115

ලංකෝනිස් Friday, 21 January 2022 05:39 PM

1975 මැතිවරණය පැවැත්වීමට තිබුණත් එය වසර දෙකක් කල් තැබීම නිසා එවකට හිටපු අගමැතිණියට වසර 7ක් ප්‍රජා අයිතිය අහිමිවුණා. ජනතාවගේ ඡන්ද අයිතිය රකිනවා කියමින් එම අයිතිය අහිමි කරන්න යෝජනා කරන අයටත් එය අනුමත කරන අයටත් එසේම කළයුතුයි.

:       3       153

Nihal Friday, 21 January 2022 05:40 PM

ඒ කියන්නෙ ඊළඟ පාර ඉල්ලුවොත් පරදිනවා කියලා තේරිලානේ. ඊළඟ පාරත් ආයේ ඉල්ලුවා නම් තව අවුරුදු 5ක්ම ලැබෙනවනේ... ඔය කියන එංගලන්තය වගේ රටවල අගමැතිවරු, මන්ත්‍රීවරුත් කෝවිඩ් නිසා තමන්ට වැඩකරන්න බැරිවුණා කියලා මැතිවරණයකට නොයා කාලය දික්කරගන්නවාද...?

:       4       177

සමිත සේනක අලුත්ගමගේ. Friday, 21 January 2022 05:40 PM

මේවා මේ නිකං රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය හෝ නොදන්නා අය කියනා කතා. එහෙම කරනාතුරු අනෙකුත් පක්ෂ බලාගෙන ඉඳියි එහෙනම්.. මේ වගේ කැපී පෙනෙන්නට දඟලපු, පැත්තෙන් පැත්තට පැන්න බොහෝ දේශපාලන චරිත අතීතයේත් තිබුණා. ඒත්, ඒ අය පිරිහුණා මිසක් සාර්ථක ගමනක් ගියේ නැහැ. නිසල ගැඹුරු සයුර කිසි හැල හොල්මනක් නැහැ. ඒත්, ගොඩ රළ කොයි වෙලෙත්, මහා සද්දෙන් හෝ හෝ ගානවා. ඒත්, ගැඹුරක් නම් නැහැ.

:       1       99

TAR Friday, 21 January 2022 05:42 PM

ඇත්තටම හොඳ යෝජනාවක්..

:       377       16

සොරිසේනSaturday, 22 January 2022 09:34 AM

කරුණාකර ඔබේ ඔළුව පරීක්‍ෂා කරගන්න.

:       0       34

nimelenSaturday, 22 January 2022 12:59 PM

පිස්සන් කොටුවෙන්ද පැන්නේ?

:       0       19

රටවැසියා Friday, 21 January 2022 05:45 PM

අනේ මේ වගේ මෝඩ මන්ත්‍රීවරු ඉන්න රටකනේ අපිත් ඉන්නේ.. මේ අයගේ පෝලිම විතරයි එංගලන්තයෙන් ආදර්ශයක් ගන්නේ. රට දියුණු කරගන්නේ නැහැ..

:       2       108

chathuri Friday, 21 January 2022 05:47 PM

අමු කැවිලාද...? රටට කෙලවලා.. තවත් තියාගන්න? ඕනෑම නම් " කරුණාව" ගෙදර නවත්වා ගන්න ආයෙත් වතාවක්...

:       4       116

සමන්ත Friday, 21 January 2022 06:04 PM

මේ කාන්තාව බ්‍රිතාන්‍ය පුරවැසි බව සහිත මැතිවරණ වෙලාවේ ද්විත්ව පුරවැසි බව හෝ නොතිබූ බවට චෝදනා ලද​, යු.ඇන්.පී ඡන්ද දායකයන්ට පොලු තැබූ තැනැත්තියක්... කන්න බොන්න ආදායම් මාර්ගයක් නැත්නම් නම්බුකාර විදිහට හිඟාකන එක ඔයිට වඩා නම්බුයි. එහෙම එක එක්කෙනාට ඕනේ ඕනේ විදිහට බලයේ ඉන්න මේක මොකක් කියලාද හිතාගෙන ඉන්නේ? 1982 දී ජේ.ආර්. කලගෙඩි ලාම්පු සෙල්ලම දාලා අන්තිමට මොකද වුනේ? අන්තිමට හැම පාර්ශවයෙන්ම ලක්ෂයක් විතර නැතිවුණා. රට ලේ ගංගාවක් වුණා. එදා අපි අන්ත දුක් වින්දා. අදටත් ඒවා අපේ ජීවිත තුල හොල්මන් කරනවා. ඒ දුර්දාන්ත යුගය නිමා කරන්න අපි ලේ දහදිය කඳුළු වගුරලා 1994 අලුත් ආණ්ඩුවක් ගෙනාවා. ඔය අද පම්පෝරි ගහන එකෙක් එදා හිටියේ නෑ. අඩුම ගානේ මහින්ද හිටියේත් පාද යාත්‍රා ගිහින් පැත්තකට වෙලා කකුලෙන් ඇද ඇද... ඒ කාලේ ඔබලා ඉන්න ඇත්තේ එංගලන්තයේ. ඒ නිසා මේ මෙතන ෆේල් මිනිහෙක් එක්ක එකතු වෙලා ආයේ රට ගිනි ගොඩකට ඇදලා දාලා කනවෝ කනවෝ ගාන්න ලෑස්ති වෙන්න එපා...

:       6       107

යෝගා Friday, 21 January 2022 06:07 PM

ආප්ප කන උකුස්සා නම් ඔය වගේ දේකට කැමති වෙන්න තිබුණා. මෙයා වගේ ආඩම්බරකාරයෙක් මං හිතන්නේ නෑ කැමති වෙයි කියලා...

:       3       52

පිටරැටියා Friday, 21 January 2022 06:08 PM

ඔය කියන විදියට පෝලිම් නම් මේ රටේ නැහැ. එතුමියට උඩ යට මාරුවෙලා? සමගි ජන බලවේගයෙන් ඇවිත් පැතිමාරු කරපු කෙනා ගැන මොන කතාද?

:       5       80

C.K.Lankaputhra Friday, 21 January 2022 06:12 PM

මේ නෝනාගේ මොලේටම කෝවිඩ්වල හොඳම එක ඇතුල්වෙලා වගේ...!

:       3       82

ganegoda Friday, 21 January 2022 06:13 PM

හොඳ ජරාවක් කාලා වගේ...!

:       4       88

Surain Friday, 21 January 2022 06:14 PM

විරුද්ධ පක්ෂයෙන් ඇවිල්ලා පක්ෂයෙන් පෙන්නුවාම නීතියේ සිදුරුවලින් තවදුරටත් ඉඳිමින් ජනතාවට පාඩම් උගන්නන්න එන්න එපා. ඒවා අසික්කිතයි.

:       2       129

amara Friday, 21 January 2022 06:24 PM

මේ වගේ අය පත් කළේ ජනතාව නෙමේ..

:       2       68

JimpoSaturday, 22 January 2022 01:25 AM

මේ ගොල්ලෝ අර පිටිපස්සේ දොරෙන් ආපු අයනේ...

:       0       8

Don Friday, 21 January 2022 06:27 PM

ජනාධිපතිතුමනි, මෙයාව පශු සම්පත් ඇමැති කරන්න. මිල්කෝ එකේ සභාපති කමටත් පත්කරන්න..

:       3       66

පිටිගල මිලානෝ Friday, 21 January 2022 07:22 PM

ප්‍රශ්නේ කෝවිඩ් නෙවෙයි, එයාගේ සහෝදරයා බරගාණක් රටට ගත්ත ණයවලින් වැඩි ප්‍රමාණයක් අතුරුදහන් වීමයි. ඒ දරාගන්න බැරි ණය කන්දරාව ගෙවනකොට රටේ ඩොලර් සංචිත ඉවර වෙනවා. වර්තමාන ජනාධිපති කළයුත්තේ සහෝදරයෝ, බෑනලා අත්අඩංගුවට අරන් එම විදේශ මුදල් රටට නැවත ලබාගන්නා එකයි...

:       3       183

Bamunuarachchi Friday, 21 January 2022 07:28 PM

බාර දෙමු නොවෙයි අවුරුදු 5 කට ගමු. ජේ.ආර්ට පුළුවන් වුණා නම් 2/3ක බලයක් ඇති අයට කරන්න බැරි ඇයි? කට ඇරියොත් ජෙප්පන්ගේ කටේ පාන්කඩ, පොල්මුඩු ඔබලා ටයර් එකක් බෙල්ලට දාලා පැත්තකින් තියමු. මොකද ජෙප්පන් කරන්න හදන වැඩේ අපි දන්නවා. ජෙප්පන්ට රට කොමියුනිස්ට් කරන්න ඇමරිකාව ඉඩ දෙන්නේ නැහැ...

:       177       6

ajithFriday, 21 January 2022 09:47 PM

ඔහේ වගේ අය පොල්මුඩ්ඩක් තරමටවත් මොලයක් නැතිවීම ගැන අපිට කණගාටුයි.

:       4       158

බණ්ඩාSaturday, 22 January 2022 12:29 AM

අවුරුදු පහකටම දෙයි.

:       0       5

BamunuarachchiSaturday, 22 January 2022 07:32 PM

ජේආර් රට පාලනය තව අවුරුදු 5 කට ගත්තේ ඔහෙලගෙන් අහලද? ජෙප්ප්න්ගෙන් අහලද? එතකොට ජෙප්පෝ මීක් කීවාද? ඒ කාලේ ඔහේ ඉපදිලා හිටියාද? වැස්සකටවත් ඉස්කෝලේකට ගොඩ උනානම් ඕවා දැනගන්න තිබුනා.

:       6       0

saman Friday, 21 January 2022 07:31 PM

අනුර ජනාධිපති කරමු. ජේවීපී නඩේ කැබිනට් එකට දාමු. මේකේ කමෙන්ට් කොටන පණ්ඩිතයෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කරමු. රට ගොඩේ ගොඩ...

:       48       18

විපරමා Friday, 21 January 2022 07:59 PM

දූෂිත පවුල් පාලනේ රජ කරපු එක විතරයි සිද්ද වුනේ? මොළ හතා ඇමති වෙලා සිද්ද වෙන්නෙත් ඒකම තමා... නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරලා හමාරයි.

:       4       60

chandimaSaturday, 22 January 2022 12:51 AM

ඒ කියන්නේ චීනක්කණ්ණාඩි කාරයාට රට බාරදෙන්න කියලද? අන්තිමේ ඔක්කොම වලවල්වල වැටි වැටී තමයි යන්න වෙන්නේ..

:       2       0

බද්රානි Friday, 21 January 2022 08:25 PM

අපි නොදන්නා කොහේ තියන එංගලන්තයක් ගැනද මේ කාන්තාව දොඩවන්නේ? පහුගිය කාලේ ට්‍රක් රථ රියදුරන්ගේ හිඟවීමෙන් ඉන්ධන ප්‍රවාහනයේ යම් ගැටළුවක් තිබුණා. නමුත් ඉන්ධන සැපයුම් කරුවන් රාශියක් එංගලන්තයේ සිටින නිසා, එය සාමාන්‍ය ජනතාවට ලංකාවේ මෙන් හිඟකමක් දැනුනේ නැහැ. තවමත් රජ සමයක මනෝවිකාර සිහින දකිමින්, ලංකාවේ සිටින මෝඩයින්ව රවට්ටමින් එංගලන්තය වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් උදාහරණයට ගැනීමත් අපට නම් විහිළුවක්. ඕවා හොඳයි ලෝකය ගැන නොදන්නා ටිකිරි මොළ කාරයින්ට. කෝවිඩ් නිසා ලෝකයේ අනෙක් සියලුම රටවල්වල ආර්ථිකයට යම් බලපෑමක් ඇති වුණත්, ලංකාවේ මෙන් තකතීරු පාලකයින් ඒ රටවල නොසිටි නිසා, ජනතාව මේ වගේ පීඩාවට පත් වුයේ නැහැ. දුරදක්නා නුවණක් නොමැති, උද්දච්ඡ පාලකයින් හා බක පණ්ඩිත උපදේශකයින් නිසා, මේ රටේ සියලුම ජනතාව විපතට පත්වෙලා ඉවරයි. තව අවුරුදු දෙසීයක් කලත් ඔච්චර තමයි...

:       4       68

wimal Friday, 21 January 2022 08:28 PM

ඕවා ඔහොම තමයි... අංගොඩ එන්න ඕනෑ අය පාර්ලිමේන්තු ගියාම ටිකට් ඇදිලා... ඔයවගේ කතා නෑසුවොත් තමයි පුදුමේ...

:       3       53

duplicate Ralahami Friday, 21 January 2022 08:42 PM

අද ගංජා වවන්න අවසර දෙන්න කිව්වේ මෙයා නේද?

:       0       10

මෝ Friday, 21 January 2022 08:49 PM

හැම කෙනාම බලන්නේ බලයේ එල්ලිලා ඉන්න. හරියට වැඩ කළානම් රටේ ජනතාව අවුරුදු 100ක් වුණත් ඉන්න බලේ දේවි. ඒත් කරුමේ කියන්නේ එන හැම කෙනෙක්ම බලන්නේ තියෙන සේරම කුපාඩි වැඩ කරන්න තමන්ගෙ හෙන්චයියලට ඉඩ දීලා මුලු රටම උලා කාලා තමන් ගැන විශ්වාසය තබපු ජනතාවටත් කොකා පෙන්නලා අන්තිමට තවකල් ඉන්න. මොලයක් තියෙන රට වෙනුවෙන් අභිනිෂ්ක්‍රමණය කරන්න පුළුවන් නායකයෙක් කවදා පහළ වේවිද?

:       0       9

jay Friday, 21 January 2022 09:07 PM

මෙයාට ආයේ බලේට එන්න බැරි අමාරුව තියෙන්නේ...

:       2       45

SiriSunday, 23 January 2022 04:25 AM

මෙයාව කවුරුවත් ඡන්දේ දීලා පත් කරගත්තු කෙනෙක් නොවේ.

:       0       4

Rohana Friday, 21 January 2022 09:41 PM

වාසියට අර පැත්තෙන් මේ පැත්තට පැන්නා මදිවට මැතිවරණයත් කල්දාන්න කල්පනාව. ජනතාව විඳින වේදනාව මේ අයට තේරෙන්නේ නැද්ද? හොඳ හෝ නරක තමන් කැමති පාලන ක්‍රමයක් තෝරා ගන්න ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතියට නම් බාධා කරන්න එපා...

:       2       42

Akila Friday, 21 January 2022 10:31 PM

රටේ තිබෙන්නේ කොවිඩ් නිසා ඇතිවූ ප්‍රශ්න නෙමෙයි, රාජපක්ෂලා රට බංකොළොත් කරලා තිබෙන නිසා ඇති වී තිබෙන ප්‍රශ්න...

:       0       7

Dasa Friday, 21 January 2022 10:37 PM

ඔයිට වඩා හොඳ නැද්ද ඇන්තෝනියෝට කියලා පිහියෙන් ඇනගන්නවා.

:       0       5

සනත් බණ්ඩාර Friday, 21 January 2022 11:14 PM

ගංජා සුරුට්ටුවක් ඉරුවාට පස්සෙ ඔහොම ආතල් කතා කියවෙනවා.

:       3       57

Nandalal DE SILVA - France Friday, 21 January 2022 11:17 PM

මේ නෝනාගේ මොලේටම කෝවිඩ් වල හොඳම එක ඇතුල්වෙලා වගේ

:       3       31

lakvidu Friday, 21 January 2022 11:37 PM

ගංජා ඩෝස් එක වැඩි වෙලාවත්ද ?

:       3       53

Siri Saturday, 22 January 2022 12:36 AM

කිව්වා වගේ මෙයා හොඳයි මිල්කෝ එකේ සභාපතිකමට බව පේනවා. එකපාරට ලීටර 10ක්වත් ගන්න පුළුවන් මට පේන හැටියට.

:       1       5

Ashan Saturday, 22 January 2022 03:18 AM

මේ වගේ ටිකක් හොයා ගත්තා නම් අපේ කිරි නිෂ්පාදනයයි, කාබනික පොහොර නිෂ්පාදනයයි වැඩි කරගන්න තිබුණා..

:       0       9

mp Saturday, 22 January 2022 05:12 AM

ඔවුන්ගේ මූසලකමට සහ පව්කාර කමට රටට මෙහෙම වුනේ... තවත් පව් පුරවන්නේ නැත්නම්, ඔච්චර කැක්කුමක් තියෙනවා නම් සදහටම ගෙදර ගිහින් නවත්ත ගන්න...

:       0       7

Perera Saturday, 22 January 2022 05:46 AM

ජෙප්පන්, බයියන්, ටොයියන් එකරොත්තේ කුළල් කාගන්න අතරේ චීන්නු, ඉන්දියන්, ඇමෙරිකන් කාරයින් රටට රිංගගෙන රට නැත්තටම නැති කරනවා. ඕවා නිසා මම ලංකාවේ පදිංචිය අතඇරලා දැම්මා.

:       0       3

rocky Saturday, 22 January 2022 06:40 AM

ව්‍යවස්ථා විරෝධී අදහස් ගෙනෙන අය ජාති ද්‍රෝහීන් ලෙස සැලකිය යුතුය..! මෝඩ කේවට්ට බමුණන්ගේ හණමිටි කරගසා ගත්තු අය දුරින්ම දුරුකළ යුතුය.

:       0       4

චන්දිම ෆොන්සේකා Saturday, 22 January 2022 07:19 AM

රටේ ජනතාව සෙල්ලමකට අරන්ද මේ බහුබූත දොඩවන්නේ? මොන ප්‍රශ්නේ ආවත් දීපු කාලෙට වඩා එක විනාඩියක් වත් දෙන්න බැහැ. මේ ජනාධිපතිට ඔය ලැබිච්ච කාලෙට ඕක කරගන්න බැරි වෙන්නේ ගොන් වැඩ කරකර හොරකම්, බදු, වංචා වගේ දේවල් නොදැක්කා වගේ කර බාගෙන ඉන්න නිසා. අපි ඔක්කෝටම හොඳට පේනවනේ වැඩ කරන හැටි...

:       0       4

Menaka Saturday, 22 January 2022 07:29 AM

කෝවිඩ් ආපු කාලේ ඔට්ටු නැද්ද?

:       0       2

saman Saturday, 22 January 2022 07:32 AM

මේ වගේ අය මොකට පාර්ලිමේන්තු යැව්වද? 

:       0       4

SiriSunday, 23 January 2022 04:30 AM

මෙයාව කවුරුවත් යැව්වේ නැහැ. සජිත් ලා දාගත්තු කෙනෙක්.

:       0       4

නිමල් Saturday, 22 January 2022 07:42 AM

මේ ගංජා ප්‍රවර්ධනය කරන්න කියන තුමීනේද?.

:       0       4

Bunny Preena Saturday, 22 January 2022 08:51 AM

මා මීට පෙර දිනයක සඳහන් කළ පරිදි කාලය දීර්ඝ කිරීම, ජනමත විචාරණයකින් තීන්දු කළ යුතුයි. එය වැරැදි දෙයක් නොවේ. ඕනෑම පුද්ගලයෙකුට තම අදහස ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රකාශ කිරීමට තිබෙන හොඳම ක්‍රමය එයයි. ද්වේශ සහගතව අදහස් ප්‍රකාශ කරනවට වඩා..

:       3       5

RohanaSaturday, 22 January 2022 11:25 AM

මෙයා හිතාගෙන ඉන්නේ ආණ්ඩු බලය තියාගෙන ඉතාමත් සර්ව සාධාරණව ජනමත විචාරණය තියනවා කියලද? මතකනේ 1982 ජනමත විචාරණය. ජනමත විචාරණය කියන වචනය ඇහෙන කොටත් මතක් වෙන්නේ බලහත්කාරයෙන් ඡන්දය උදුරා ගැනීමක්. 88-89 භීෂනයෙන් රට විනාශවුනේ ඔය කියන ප්‍රෝඩාකාරී ජනමත විචාරනය නිසයි...

:       0       1

Asela Saturday, 22 January 2022 09:35 AM

ඩයනාව ජනාධිපති කරමු....

:       1       5

Soma dubayi Saturday, 22 January 2022 09:45 AM

වසර 2ක් නොවේ.. එතුමා වසර 20ක් වුණත් රට බාරගන්නවා නම් අපි කැමැතියි.

:       18       1

Yugantha yukthika Monday, 24 January 2022 01:46 PM

වහල්ලු කියලා හැමෝම කිවුවට අම්බ අපත වහලෙක් දැකලා තියනවද.මෙන්න .වැහි නැති හෙන ගහන්නේ මෙහෙම ගොන් ජාතික වස්තු වලට

:       0       1

sena Saturday, 22 January 2022 10:38 AM

බැරි කෙනාට කොහොමත් බැහැ... හරිනම් කරන්න ඕනේ දැන්මම අස්වෙලා ගෙදර යනඑක...

:       0       9

pakeer Saturday, 22 January 2022 11:59 AM

කිසිම පුදුමයක් නැහැ මේ රටට වෙලා තියෙන දේ දැක්කාම. මේ වගේ කාලකණ්ණි ඉන්න කාලේ ඉපදුණු එක අපේ කරුමේ... නිකන් නෙමෙයි බුදුන් වහන්සේ කාලය, දේශය බැලුවේ...

:       0       6

Shan Saturday, 22 January 2022 01:59 PM

අනේ මේ... රට ගැන අපි බලාගන්නම්.

:       0       3

කාටද සැප? Saturday, 22 January 2022 04:12 PM

අපේ රටේ ණය ජනතාවට ගෙවන්න තියලා සැපගන්න පාර්ලිමේන්තු ගිය අය දන්නවා අප රට චීනෙට තියෙන ණය ගෙවාගන්න බැරි තරමට වැඩිවෙලා කියලා මේ කාලේ ඇමරිකාවේ විදේශ මාධ්‍යවලින් පවා මෙය දැනුවත් කරනවා. අපරාදේ කොවිඩ් හින්දා ඇවිදින මංතීරුවලින් ගොඩයන්න හිටි කට්ටියට ඒකත් කරන්න බැරිවුණා. ජනාධිපතිතුමාටයි, බැසිල් මහත්තයාටයි නම් පුරවැසිභාවය හේතුවෙන් ලෝකයේ ප්‍රබලම රටට පැනගන්න පුළුවන්. අනිත් අයට නම් රට චීනෙට දීලා නීති ඉහළ කට්ටියට වාසි වෙන්න හදන්න හිතෙයි. මොකද කිව්වොත් චීන රටේ දුප්පතුන්ට නම් දෙවියන්ගේම පිහිට විතරයි. චීන බඩු ඔච්චරටම ලාභ බලහත්කාරෙන් ගන්නා ශ්‍රමය කියලා තමයි මාධ්‍යවලින් කියැවෙන්නේ...

:       0       10

චන්දිම Sunday, 23 January 2022 07:25 AM

කවදාහරි රට චීනෙට ගිහින් කොලනියක් වුනහම තේරේවි රඟේ. චිනේ නිතිය හැටියට 365 දවසෙම දිනකට පැය 10ක විතර වැඩ. සති අන්ත නිවාඩුවක් වත් නැහැ. දවල් කෑමට පස්සේ ලැබෙන පැය දෙකක විවේකය පමණයි එකම සහනය. මේ කියනදේ බොරුනම් චිනේ ගිය කෙනෙක් ගෙන් අහන්න.

:       0       5

fairoos Sunday, 23 January 2022 01:37 PM

ළඟදීම ස්වභාවධර්මයෙන් දඬුවම් ලැබේවි

:       0       6

Yugantha yukthika Monday, 24 January 2022 01:22 PM

දෙවසරක් ඔයාට වටේ යන්න පුලුවන්ද?අපේ පැත්තටත් එන්න

:       0       3

Saman weerasekara Monday, 24 January 2022 01:24 PM

තවත් රට කන්නද ..මේ මෝඩ හැතිරියන්ව මේවාට යවපු උන්ට රට භාර දෙමු දෙවසරක්

:       0       2

Nimal fernando Monday, 24 January 2022 01:24 PM

ප්‍රභූ ගණිකාවන්

:       1       5

හෂාන් සචින්ත Monday, 24 January 2022 01:44 PM

කවුරු මොනවා කිවුවත් කොරෝනා අර්බුධයත් එක්ක සියල්ල නතර උනා .මෙම කතාවේ ඇත්තකුත් නැතුවාම නොවේ

:       6       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 635 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1181 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1385 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 767 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 730 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 239 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site