(රංජන් කස්තුරි)
ජනාධිපතිවරයාගේ නව නියෝගය හේතුවෙන් මැතිවරණ ක්‍රියාවලියට තවත් බාධාවක් එල්ලවී ඇතැයි වාර්තා වේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම මේ වනවිට ලහිලහියේ සූදානම් වන අතර, එහි මූලික කටයුතු සිදුකරනුයේ ණය පදනම මත බවද මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
රාජ්‍ය ආයතන ණය පදනම මත භාණ්ඩ සහ සේවා මිලදී නොගත යුතු බවත් එම නියෝගය කඩ කරන රාජ්‍ය නිලධාරීන් අදාළ වියදම්වලට පෞද්ගලිකව වගකිව යුතු බවටත් ජනාධිපතිවරයා පෙරේදා (31) අලුත් නියෝගයක් නිකුත් කළේය.
නව නියෝගය හේතුවෙන් මැතිවරණ කොමිසමට ණය පදනම මත ඉන්ධන ලබාදීම, මුද්‍රණ කටයුතු සිදුකිරීම, රාජ්‍ය සේවකයන්ගේ සේවය ලබාගැනීම ආදී කටයුතුවලට තවත් බාධාවක් එල්ලවී ඇතැයි ද වාර්තා වේ.
මැතිවරණ කොමිසම මෙතෙක් පැවැත්වූ සෑම මැතිවරණයකදීම භාණ්ඩ හා සේවා ලබාගත්තේ ණය පදනම මත වන අතර ඊට අදාළ මුදල් පසුව විටින් විට නිදහස් කිරීම සිදුකර තිබේ.
ජනාධිතිවරයාගේ අලුත් නියෝගය පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙනම සිදුකළ එකකැයි ඇතැම් පිරිස් සැකපහළ කරති.
COMMENTS
එක මනුස්සයෙකුට පුලුවන්ද ජනතා පරමාධිපත්ය හකුලන්න .එක් පුද්ගලයෙකුට තියෙන්නේ එක චන්දයයි .එක චන්දයකින් කෝටීයක පමණ චන්ද අයිතිය අහුරන්න පුලුවන්ද?
එහෙනම් පසුගිය දින වල කිවුවේ රාජ්‍ය ආදායම මෙන් දෙතුන් ගුණයක වියදමක් තිබුනා කියලා .එතකොට ණය වෙලා නැතිද ?විහිලු කතා
මෙහෙම කිඋව කෙනා කව්ද ඇතැම් පිරිස් කියල තිබුනේ, චන්දෙට අකමැති ඇතැම් පිරිස් මෙහෙම හිතලවත් සතුටුවෙනවා ඇති
එයාට ඕන ඔය පළාත් පාලන ඡන්දෙ නොතිය ඉන්නම තමයි . මොකෝ තිබ්බොත් අන්ත පරාජයක් ලබනවා . ගිය පාර වැටුණු ඡන්ද ටිකවත් ලැබෙන්නේ නැහැ .
ඡන්දය තිබොත් තමන්ගේ තරම ලෝකයටම පෙනෙන නිසා පිං ජනාධිපතිවරයා ඡන්දකඩාකප්පල් කරන්න නොගන්න උත්සහයක් නැහැ.
ආර්ථික අර්බුද මද්‍යයේ උවද පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවට සහ බදු අඩුකළ යුතු බවට SJB සහ NPP සම්බන්ද unions එක්ව ඉදිරියේදී පැවැත්වීමට නියමිත වුර්තිය සමිති වර්ජන නිසා රටේ පුරවැසියන් හට අර්බුද ගණනාවකට මුහුණ දෙන්නට සිදුවන බවක් පෙනෙන්නට තිබේ. යලිත් ඉන්දන නොමැතිව විදුලිය සහ වරායේ වර්ජන නිසා නාවුක කටයුතු නතරවී රටතුල අර්බුදයක් මතු උවහොත් SJB සහ NPP වගකිව යුතුවේ. රටට වෙනසක් ලබාදිය හැකි ජාතික මැතිවරණයක් හැර විපක්ෂ දේශපාලකයන් ඉල්ලා සිටින ප්‍රාදේශීය මැතිවරණ පැවැත්වීම යනු නැවත රට සම්ප්‍රදායික දෙසපාලනය ඉදිරියටත් කරගෙන යාමට හැකිවීම සහ යලිත් කිසි දිනෙක රටට යහපත් වෙනසක් පිළිබද බලාපොරොත්තුවක් තබා ගත නොහැක. ආර්ථික අර්බුද, ජාතික අර්බුද බලය බෙදීම පිළිබද ගැටළු සහ ගෝලීය වසයෙන් බලපාන කරුණු සහ අලුත් පිරිසක් දේශපාලනයට ගෙන්වා ගැනීමට / හදුන්වා දීමට සිදුවීමට නම් ජාතික මැතිවරණයක් පැවැත්විය යුතුම වේ.
ණයවෙලා චන්ද තියන්නේ මොන බම්බුවකටද ? මොකක්ද ප්‍රයෝජනය? ඒ නය ගේවන්න කව්ද? මම අකමැති පාක්ෂයක් බලයට ගෙන්වාගෙ උන්ව ගෙන්නගත්ත නය මම ගෙවන්නේ මොකටද? උදා මම අකමැති ජෙප්පෝ බලයට ගෙන්වාගෙන උන් බලයට ආපු වියදම මම දරන්නේ මොකටද? ඒ නිසා ණයවී කෙරෙන චන්ද එපා.
වාර්තා වේ.? ආරංචි මාර්ග සඳහන් කරයි? වාර්තා වේ? සැකපහළ කරති?
ඕක කරන්න මුදල් නොමැති නම් විශේෂ ගිණුමක් ආරම්භ කරලා කරන්න .අපි පුරවැසියෝ අපට පුළුවන් විදිහට අරමුදලට මුදල් එවන්නම් .අපට සල්ලි වලට වැඩිය ප්‍රජාතන්ත්‍රවාදය වටිනවා .අන්තර්ජාතික මූල්‍ය අරමුදල වුනත් රටකට උපකාර කරන්න කලින් එහි ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවාද කියලා සලකලා බලනවා
එදා ඉඳන් අපේ රටට කෙනෙහිලිකම් කරපු හා තවමත් කරන උන්ගෙන් එකෙක්
අති විශේෂ කැපිල්ල
රනිල් ට දැන් තමයි මොලේ පෑදී ගෙන එන්නේ .ඕවා කලින් කරානම අපේ රට අද සිංගැප්පූරුවක් වෙලා ඉවරයි
නැතුව නැතුව හදිසියේ මෙහෙම තීන්දුවක් ගත්තෙ ඒකට කියලා තමයි හිතන්නේ .ඕකට ඉස්සර මුතුන් මිත්තෝ කිව්වෙ කන්න ඕන වුනාම කබරගොයා තලගොයා වෙනවා කියලා
අදින්න පුළුවන් හැම අන්චියක්ම අදින්න බලනවා. පෙරලන්න පුළුවන් හැම කුණු බාල්දියක්ම පෙරලන්න හදනවා. දාන්න පුළුවන් හැම ලෙඩක්ම දාන්න බලනවා. ෂිට් විතරක් ඒ එකක්වත් තාම නම් හරිගියේ නැහැ නේද බෑනො?
මේ මනුස්සයා රට විනාශ කරලා නවතින්නේ
මෙහෙම ගියොත් ළඟදීම මහජනයා විසින් රනිල් ගේ කෝට් එකයි කලිසමයි ගලවනවා. කරන්නෙම මැතිවරණ වලට අකුල් හෙලීම. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේකද?
රනිල් අරගෙන නියම තිරණයක්. රටක් පාලනය වෙන්න ඕනි විදිය එහෙම නැතුව ණයට අරගෙන ආයතනවල ප්‍රධානීන්ට ඕන විදියට ජනතාවගේ බදු මුදල් විදයම් කරන්න දෙන්න හොඳ නෑ. එතකොට තමයි නිලධාරීන් වගකීමෙන් වැඩ කරන්නේ. ඡන්දය පවත්වන්න එපා කියලා නෑ. හොරා කන්නේ නැතුව ජනතාවගේ බදු මුදල් නිවැරදිව පාවිච්චි කරන්න කියන්න ඒකයි ඔතන අදහස. ඡන්ද තියලා කවුරු හරි දින්නා කියලා අපේ රට පැය 24 න් සුරපුරටයක් වෙන්නේ නෑ. මෙතන කමෙන්ට් දාලා තියන ජනතාවගේ එකම අරමුණ ඡන්දය. පැහැදිලිවම පේනවා අපේ රටේ මිනිස්සුන්ට කිසිම දැක්මක් නෑ. තමන්ගේ පක්ෂය දිනවන එක තමයි දැක්ම. රටේ පරිපාලනය දුර්වල වෙලා තියෙන්නේ කියලා කිසිම කමෙන්ට් එකක නෑ. මගේ රටට බුදුසරණයි.
නිදහස් උත්සවය පවත්වන්නෙත් ණය පදනමින්
80000 කට වඩා අපේක්ෂකයෙ තැන්පත් කරපු ඇප මුදල් වලින් වියම් කරන්න. එකත් පිල්ලිය ගහන්නෙ නැතුව.
කිසිම ජනපදනමක් නැතිව හොරෙන් ජනාධිපති පුටුවට පැනගත්ත මේ උද්දච්ච ,පට්ට මෝඩයා අනිවාර්යයෙන්ම හිරගෙට යනවා !!! එදාට ඔය මිනිහාවටේ ඉන්න ජාත්‍යන්තරයේ කියන යාලුවෝ එකෙක්වත් එන්නේ නැහැ මිනිහාව බේරාගන්න. ඔහුගේ ඉරණමේ අවසාන පරිච්චේදය බොහෝවිට ඔහුගේ පට්ට මාමට අත්වුන දෙයටත් වඩා ශෝචනියවේවි. මේ යන විදිහටනම් බොහෝදුරට මහා පාරේදීම ........
අපේ රටේ දේශපානය කරන 70 පැනපු මහල්ලෝ බොහොදෙනෙකුට පිස්සු.
වහල්ලු එක එක මුට්ටි දාලා බලනවා. දැන් මුට්ටි කීයක් දැම්මද? යහපත් දේවල් කරන්නනම් ඡන්දෙට බය වෙන්න අවශ්‍ය තාවක් නැහැනේ.
ලෝ වාර්තාවක් තියන්න පුලුවන් වේ. පුංචි චන්දයක් පරදින්න බයෙ වැඩිපුරම කුමන්ත්‍රනය කරපු රට විදියට
ලෝකේ එකම පින් ජනාධිපති .චන්දෙ තියා ගෙදර යන්න දුක ඇති
බමුණුආරච්චි..ට ඖ, ඒක හරි එදා මෙදා තුර ඒ පාපතරයින් මේ රට ටිකෙන් ටික විනාසයට ඇද දැම්මා .ඒ පාපය නෙවද මේ දසක 5 ක සිටම ඒ ත්‍රස්තයින්ම විඳ වන්නෙ එක තැනම පල් වෙවී