මෛත්‍රීපාල සිරිසේන ජනපති සහ රනිල් වික්‍රමසිංහ අගමැති එක්ව විදුලි පුටුවක් පිළිබඳ වූ භීතියත් රට බෙදන බවට ඇති කර තිබූ භීතියත් අවසන් කළ බව අක්කරෙයිපත්තුව ආලෛයඩිවෙම්බු ප්‍රදේශයේ පැවති පිළිගැනීමේ උත්සවයක් අමතමින් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පරාජිත සන්ධානය විසින් පතුරවා තිබූ අසත්‍යය මේ වන විට මුළු ලෝකයටම විවර වී ඇති බවත් එක්සත් ජාතික පක්ෂය හා රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි තැබූ විශ්වාසය තවදුරටත් සනාථ කර ගැනීමට එජාප ආණ්ඩුව සමත්ව ඇති බවත් ඔහු කීවේය.
මේ අතර ඛණිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය පැමිණි සිටි පිරිස අමතමින් කීවේ එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමේ නාම යෝජනා සකස් කිරීමේ දී 25%ක් කාන්තාවන් වෙනුවෙන් ලබා දීමට කටයුතු කරගෙන යන බවයි. එසේම රැකියාවක් ලබා ගැනීමට හෝ වෙනත් යම් සේවාවක් ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයකුට කිසිදු සන්තෝසමක් හෝ අල්ලසක් ලබා දීමෙන් වළකින ලෙස ද අනෝමා ගමගේ මහත්මිය ඉල්ලීමක් කළාය.
2025 දෙසැම්බර් මස 18
378
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ජනපතියි අගමැතියි විදුලි පුටු භීතිය නැති කළා‘
රොහාන් දයාදර පැරිස් Monday, 05 October 2015 02:38 PM
දයා ගමගේ මැතිතුමාට ජයවේවා! (නි)
පෙරුමාල් Monday, 05 October 2015 03:13 PM
ජාත්‍යන්තර අධිකරණයක් මඟින් කාවවත් විදුලි පුටුවට යවනවාට අපි විරුද්ධයි. එ් වුණාට දේශීය අධිකරණයක් මඟින් කමක් නැහැ. (නි)
ධනුකේ Monday, 05 October 2015 03:20 PM
මට මෙතුමාව මුණගැහිලා තිබෙනවා. ඉතාමත් නිහතමානී චරිතයක්. (නි)
බමුණු Tuesday, 06 October 2015 06:31 AM
ජනපතියි අගමැතියි විදුලි පුටු භීතිය නැති කළා ඊට කලින් මහින්ද මහතා ත්‍රස්තවාදය නැතිකළා. ත්‍රස්ත වාදය නැතිකළ නිසානේ ඔය විදුලි පුටු භීතිය ආවේ. ඒගොල්ලන්ට ත්‍රස්ත වාදය නැති කොරන්න බැරි වුනානේ. (බ)
ලසන්ත Monday, 05 October 2015 06:27 PM
දැන් රටේ ජනතාව බුද්ධිමත්.... (නි)
ප්‍රනාන්දු Monday, 05 October 2015 09:15 PM
ලංකාවේ මිනිස්සු ගැන මොනවද දන්නෙ නැහැ හිතාගෙන ඉන්නේ? (නි)
කැනඩා දිසා Tuesday, 06 October 2015 01:15 AM
මුව සිනහවෙන් බර... හදවත දයාවෙන් පිරි... මනුස්සයෙක් ඔබ දයා... (නි)
බමුණු ආරච්චි Tuesday, 06 October 2015 01:36 AM
ඉස්සරහට බලමු මොනවද කරන්නේ කියලා (නි)
බමුණු ආරච්චි Tuesday, 06 October 2015 01:37 AM
දැන් රටේ ජනතාව බුද්ධිමත් කියලා කිවුවට ඒ කවදා ඉඳලද දන්නෙ නැහැ (නි)
චානක Tuesday, 06 October 2015 01:41 AM
ජය වේවා! (නි)
බමුණු ආරච්චි Tuesday, 06 October 2015 01:43 AM
දේශීය අධිකරණයක් මඟින් කමක් නැත්නම් ඒකට එතකොට කාවද යවන්න හදන්නේ? (නි)
මොහාන් Tuesday, 06 October 2015 02:23 AM
කුමාර්, සදාම් හුසේන් වගේ අය ගැන එහෙම පොඩ්ඩක් හොයලා බලන්න. (නි)
විජේතුංග Tuesday, 06 October 2015 02:58 AM
දැන් රට සුබ මාවතක යන බව පැහැදිලියි (නි)
සොපි Tuesday, 06 October 2015 03:15 AM
ඔහොම යමුකෝ! (නි)
පාර්වතී Tuesday, 06 October 2015 03:23 AM
රාජපක්ෂ ආණ්ඩුව සමඟ ජාත්‍යන්තරයට තිබුන ලොකුම තරහව යුද්ධය ජයගැනීම බව ජනතාව දන්නවා. (ම)
තිළිණ Monday, 05 October 2015 12:35 PM
ඔබතුමාට ජයවේවා! (නි)
කුමාර් (ගල්ෆ්) Monday, 05 October 2015 12:35 PM
ජාත්‍යන්තර අධිකරණය කිසිම කෙනෙකුට මරණ දණ්ඩනය දෙන්නේ නැහැ. අපි ඒ ගැන දැනුවත් (නි)
ක්‍රිෂාන්ත Monday, 05 October 2015 12:50 PM
අපිටද මේවා කියන්නේ? (නි)
දුමින්ද Monday, 05 October 2015 12:59 PM
රටක් දරුවන්ට ඉතිරි වේ නම් ඕනෑම දෙයක් කැපකරමු (නි)
අමල් Tuesday, 06 October 2015 05:14 AM
කතාවල් පස්සට දාලා වැඩට බැස්සනම් තමයි හොඳ. (බ)
බද්‍රනි Monday, 05 October 2015 01:37 PM
ඒ වුනාට පහුගිය කාලේ අපිව බිය වද්දපු හැටියට, ඔය විදුලි පුටුව කියන නම ඇහෙද්දීත් තවම මාව බයටම වෙව්ලනවා...දැන්වත් ඔය මරබිය දැනෙන වචන භාවිතයෙන් ඉවත් වෙන්න අපි උත්සහ කරමු. (බ)