IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජනපතිට කොමඩු ගෙඩියක්

(අංජුල මහික වීරරත්න)

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ නව තාක්ෂණය උපයෝගී කර ගනිමින්  වගා කොට සාර්ථක වූ ගොවීහු දෙදෙනෙක් ජනාධිපති  කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු හමුවූහ.

අක්කර භාගයක මිරිස් වගාවෙන් මාස නවයකදී රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් ඉපැයූ අනුරාධපුර තිරප්පනේ පුලියන්කුලම ග්‍රාමයේ තරුණ බන්දුල මුණසිංහ සහ අක්කරයක කොමඩු වගාවෙන් මාස දෙකකින් රුපියල් ලක්ෂ 40ක්  ඉපැයූ ගල්කුලමේ  බුද්ධික සුදර්ශන මහත්වරුන් ජනපති හමු වීමට පැමිණියේ තම අස්වැන්නෙන් කොටසක්ද රැගෙනයි.

බන්දුල මුණසිංහ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය විසින් හඳුන්වා දී තිබෙන අධි ඝනත්ව වගා ක්‍රමය භාවිතා කරමින් අක්කර භාගයක මෙම මිරිස් වගාව සිදු කර තිබේ. 

සාම්ප්‍රදායික ක්‍රමය යටතේ අක්කර භාගයක වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමාණය පැළ 6000ක් පමණ වුවත් මෙම අධි ඝණත්ව වගා ක්‍රමය යටතේ වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමාණය 13,000ක් දක්වා ඉහළ ගොස් ඇත. එම නිසා ලබාගත හැකි අස්වැන්න කිහිප ගුණයකින් ඉහළ නැංවීමට මෙම නව ක්‍රමය යටතේ හැකිවූ බව මුණසිංහ මහතා සඳහන් කළේය.

අනුරාධපුර තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කුලමේ බුද්ධික සුදර්ශන ගොවි මහතා නවීන තාක්ෂණය යොදා ගනිමින් අක්කරයක සිදු කළ කොමඩු වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බවත් කොමඩු කිලෝ එකක් රුපියල් එකසිය අසුවක පමණ මුදලකට අලෙවි කිරීමෙන් තමන්ට මෙම ඉහළ ආදායම ලබා ගැනීමට හැකි වූ බවත් සඳහන් කළේය. 



අදහස් (13)

ජනපතිට කොමඩු ගෙඩියක්

Athula Tuesday, 19 March 2024 04:15 PM

මුන් ඇයි ඉතින් මේවා මේ කාලකන්නියට දෙන්නෙ මුන් පුදුම නිවටයෝ.

:       50       29

sameeraTuesday, 19 March 2024 05:19 PM

ඒක එයාලාගේ කැමැත්ත. දාඩිය මහන්සියෙන් පොළව ජයගත්තු වීර්යවන්ත මිනිස්සුන්ට බනින්නේ නැතිව තමුන් වවාගෙන තමුන්ට ඕනෑ විදිහට ඕනෑ දෙයක් කරගන්න...

:       0       4

Dilruk DasanayakeTuesday, 19 March 2024 07:34 PM

අස්වැන්න ගන්න, පොහාර ටික, තෙල් ටික ගන්න, මිනිස්සුන්ට සල්ලි දීලා බඩු ගන්න, සංචාරකයෝ ටික රටට එන විදිහට අරගල නැතිකරලා අවශ්‍ය පහසුකම් ටික හදලා දීපු නිසානේ හොයාගෙන ඇවිත් අස්වැන්නෙන් ටිකක් දීලා කළගුණ සලකන්නේ... අනුර මහත්තයා කෘෂිකර්ම ඇමැති වෙලා අවුරුදු 1 1/2 ක් හිටියා මිනිස්සුන්ට මොනවාද කළේ? ඕවා දකිනකොට ඔච්චරම දරාගන්න බැරි නම් සද්ද නොකරවත් ඉන්න තිබුණා.

:       2       4

SAM Tuesday, 19 March 2024 05:13 PM

කොමඩු වගාවෙන් නිසි ප්‍රයෝජන ගැනීමට නම් කොමඩු වගාව ආරම්භ කළයුතු වන්නේ වියළි කාලය ආසන්නව හෝ වියළි කාලය තුළ අස්වනු නෙලීමට හැකිවන ආකාරයට වේ. නිසි ජාල කළමනාකරණයක් තිබේ නම් සැලසුමකට අනුව වගා කරන්නේ නම් නිසි ප්‍රයෝජන ලබාගත හැකිවේ.

:       0       2

saman Tuesday, 19 March 2024 05:43 PM

හම්බ කරගත්තා නම් කටවහගෙන ඉන්න. නිකන් අඬබෙර ගහන්න ගිහිල්ලා ඉල්ලන් කන්නේ නැතුව...

:       3       0

Pina Tuesday, 19 March 2024 06:23 PM

ඔය හද්ද පිටිසර ගොඩේ බයියෝ අරන් එන එක එක ඒවා අල්ලන්න අපේ රනිල් හාමු කැමති නැහැ දැක්කනේ එතුමාගේ මුණ

:       4       0

chandima Tuesday, 19 March 2024 08:28 PM

හෙට බලන්න පුළුවන් මහජරතුමා පැණි කොමඩු ගෙඩිය කයි කියලා. කනකොට කොහුලණුවක්වත් ගැටගහගෙන ඉන්න.

:       1       0

chandima Tuesday, 19 March 2024 08:30 PM

සාර්ථක වුණාම පැණිකොමඩු පූජා කරනවා වගේ සාර්ථක වුණාම කුණු එළවළු පූජා කරන්නත් ඕනෑ.

:       1       0

Chandima Wednesday, 20 March 2024 12:19 AM

අඩේ අප්පා, අත් දෙකෙන්ම කොමඩු ගෙඩිය අල්ලගෙන. එතකොට කලිසම අල්ලන් ඉන්නේ කවුද? වැටුනොත් මලා. එතකොට මේ කොමඩු ගෙඩිය නිසා මෙච්චරකල් හන්ගන් හිටපුවා එළිවෙනවනේ..!

:       3       0

prasanka Wednesday, 20 March 2024 01:50 AM

ඕකට කීයක් වියදම් කරන්න ඇතිද?

:       0       0

swene Wednesday, 20 March 2024 05:50 AM

එයා ඇවිල්ලනේ මෙම නවීකරණ ක්‍රම යෙදුවේ !

:       1       0

NIHAL Wednesday, 20 March 2024 08:50 AM

නිවට ජාතියක් සිටින රටක් කිසිම දවසක දියුණු වෙන්නේ නෑ

:       4       0

Bunny Preena Wednesday, 20 March 2024 09:16 AM

ජනපති එක්ක පින්තුරයක් ගන්න තියෙන ආසාව

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site