(සුජිත් හේවාජුලිගේ )
සමගි ජන බලවේගය පක්ෂය විසින් ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව ඒ ආකාරයටම බාරගැනීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රතික්ෂේප කර ඇත.
ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් මිස විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට නීතිමය ප්‍රතිපාදන නැති හෙයින් යෝජනාව සංශෝධනය කර වෙනත් ගැළපෙන ආකාරයකින් යොමු කිරීමට පියවර ගන්නා ලෙස එම පක්ෂයේ නායකයන්ට දැනටමත් දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.
තමාගේ අදහස ඒ පක්ෂයේ නායකයන් බොහෝ බොහෝදෙනකු පිළිගත් බවත් ඒ අනුව එම යෝජනාව සමගි ජන බලවේගයේ නායකයන් සමඟ එකතුවී ගැළපෙන සහ නීතිමය වශයෙන් ඉදිරිපත් කළ හැකි ආකාරයට සකස් කරන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට උපදෙස් දුන් බවත් හෙතෙම සඳහන් කළේය.
එසේම ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් දැනටමත් උපදෙස් ඉල්ලා ඇති බව පැවසූ කතානායකවරයා එම උපදෙස්ද අද හෙටම ලැබීමට නියමිත බවත් සඳහන් කළේය.
සමගි ජන බලවේගය පක්ෂය විසින් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව එක් විශ්වාසභංග යෝජනාවක්ද ජනාධිපතිවරයාට එරෙහිව තවත් විශ්වාසභංග යෝජනාවක්ද කතානායකවරයාට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජනපතිට එරෙහි විශ්වාසභංගයේ වැරදි පෙන්නයි
fairoos Monday, 09 May 2022 12:29 PM
ඉස්සෙල්ලාම කථානායකට විශ්වාස භංගයක් ගේන්න ඕනේ.