IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජනපතිගේ ජර්මානු සංචාරයේ තෙවන දිනය අද

(අංජුල මහික වීරරත්න)

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) පෙරවරුවේ බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී ජර්මනියේ සංචාරක හා චාරිකා කර්මාන්ත සංගම්වල (Tourism and Travel Industry Associations) නියෝජිතයන්ගේ හමුවකට සහභාගී වීමට නියමිතය.

අනතුරුව, ජනාධිපතිවරයා ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සංගම් මුලස්ථානයේ (DIHK) පැවැත්වෙන ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයට සහභාගී වනු ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් (Reem Alabali-Radovan) මහත්මිය අතර හමුව අද (13) පස්වරුවේ බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී පැවැත්වේ. 

මේ අතර අද පස්වරුවේදී, ජනාධිපතිවරයා ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට ද නියමිතය.

ජනාධිපතිවරයා සමඟ මෙම නිල සංචාරයට එක් වී සිටින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසද මෙම අවස්ථා සඳහා සහභාගී වනු ඇත.



අදහස් (2)

ජනපතිගේ ජර්මානු සංචාරයේ තෙවන දිනය අද

යෝගා Friday, 13 June 2025 01:18 PM

එහෙනම් අද තමයි අරයව හම්බ වෙලා ගනුදෙනු පියවාගන්න දවස.

:       1       4

amare Friday, 13 June 2025 03:50 PM

මේක රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් නොවෙයි. ජර්මන් රජයේ ප්‍රධානියා චාන්සලර් වරයායි. ජර්මන් ජනාධිපති කියන්නේ නාමමාත්‍රික අයෙකු පමණයි. මේක නිකන් ජබයියන්ව රවට්ටන්න ගහපු තවත් ගේමක් විතරයි. බලන්නකෝ අන්තිමට මොනවාද මෙයා ජර්මනියෙන් ගෙනෙන්නේ? එහෙම නැත්නම් කිසියම් රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුමකට එහෙම අත්සන් කළාද කියලා. එහෙම කිසිදෙයක් මෙතැනදී ලැබෙන්නේ නැහැ.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site