IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ජනපතිගේ අයැදුම්පත පිළිබඳ තීන්දුව ඉදිරියේදී ජනපති වෙතටම

(  තිලිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  )
 
සීමා නිර්ණය කමිටු වාර්තාව ඉදිරිපත් කර නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මතය විමසා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කර ඇති අයැදුම්පත පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ඉදිරියේදී ජනාධිපති වෙත දන්වා යවන බව අද (23)  නිවේදනය කළේය.
 
ජනාධිපතිවරයාගේ මෙම අයදුම්පත අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ගේ සභාපතිත්වයෙන් , බුවනෙක අළුවිහාරේ , සිසිර ද ආබෘ , ප‍්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ  අධිකරණය හමුවේ විභාගයට ගැණුනි.
 
නඩු විභාගය ආරම්භයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පවසා සිටියේ මෙම මත විමසීමට අදාළව විවිධ පාර්ශව වලින් ලිඛිත දේශන 13 ක් ඉදිරිපත් වී ඇති බවයි.
 
ජනාධිපතිවරයාගේ මෙම මත විමසුම පිළිබඳ විභාගයේ නීතිපතිගේ ස්ථාවරය වන්නේ සීමානිර්ණ වාර්තාවක් නොමැතිව පළාත් සභා මැතිවරණයක් පැවැත්විය නොහැකි බවත් , පැරණි පනත අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බවද නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය අධිකරණයට දැන්වීය.
 
ඇය වැඩිදුරටත් කියා සිටියේ නීතිපතිවරයා සහ අනෙකුත් පාර්ශවකරුන් එකම ස්ථාවරයක සිට කරුණු දැක්වූ ප‍්‍රථම අවස්ථාව මෙය වන බවය.
 
ජනාධිපතිවරයාගේ මෙම අයැදුම්පතට අතරමැදි පෙත්සම්ද කිහිපයක්ද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර  ඇල්ලේ ගුණවංශ , අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් , අමාත්‍ය රාවුෆ් හකීම් , පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ.සුමන්තිරන් , මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර , සත්‍ය ගවේෂකයෝ සංවිධානය , විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය, නීතීඥ දසුන් නාගසේන , ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස සහ නීතීඥ කල්‍යානන්ද තිරාණගම යන මහත්වරුන් මේවා ඉදිරිපත් කොට තිබිණි.
 
එම අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥවරු කරුණු දැක්වූ අතර ඔවුන් සියලූ දෙනා සඳහන් කර සිටියේ  පළාත්සභා වල සීමා නිර්ණය පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව මඟින් සම්මත කර නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණයක් පැවැත්විය නොහැකි බවය.
 
නමුත් අතරමැදි පෙත්සම්කාර නීතීඥ දසුන් නාගසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ සීමානිර්ණය වාර්තාව නොමැතිව පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි වුවත් , එය පැරණි ක‍්‍රමය යටතේ පැවැත්වීමේ නීතීමය ප‍්‍රතිපාදන පවතින බවය.
 
 අතරමැදි පෙත්සම්කාර පාර්ශව වල කරුණු දැක්වීමෙන් අනතුරුව නීතිපති වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය කියා සිටියේ ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ මත විමසුම පිළිබඳ ප‍්‍රශ්න තුන සමබ්නධයෙන් නීතිපතිගේ පිළිතුර වන්නේ සීමා නිර්ණය වාර්තා නොමැතිව පළාත් සභා මැතිවරණ පැවැත්විය නොහැකි බවත් , මීට අමතරව පැරණි පනත අනුවද මැතිවරණය පැවැත්විය හැකි බවය.



අදහස් (3)

ජනපතිගේ අයැදුම්පත පිළිබඳ තීන්දුව ඉදිරියේදී ජනපති වෙතටම

Amila Friday, 23 August 2019 12:37 PM

රටට ආදරය කරන මිනිස්සු පළාත් සභා ඉල්ලන්නේ නෑ. ඕක ඔහොම්ම නැතිවෙලා යන එක රටට හොඳයි. යන එන මන් නැති.. රටේ මුදල් සූරාකමින්.. මිනිස්සු තව තවත් වලපල්ලට අරන් යන්න ඕනෑ... දේශපාලුවන්ට තමයි මේ වැඩකට නැති පළාත් සභා මේ මොහොතේ ඕනෑවෙලා තියෙන්නේ. හොඳින් එවැනි චරිත හඳුනාගෙන ඊළඟ ඡන්දයකදී ඔවුන්ව පරාජය කළයුතුයි.

:       0       204

samitha Friday, 23 August 2019 06:37 PM

නාගානන්ද මහත්මයා බලයට පත්වුනොත් පළාත් සභා අහෝසියි. ඒවා වල ඉන්න චණ්ඩි, මංකොල්ලකාරයෝ, හොරු, දූෂකයෝ.. ඔක්කොම දොට්ට.. පෙන්ෂනුත් දේශපාලකයින්ට නැහැ.

:       0       223

de silva berlin Saturday, 24 August 2019 02:34 AM

පලත්සබහ ඕනෙද එපාද ? කියල ජනමත විචාරණයක් තියන්න එතකොට ජනතාව තම මතය ප්‍රකශ කරාවි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 25 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 732 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site