IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපතිගෙන් සඳුදා විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමේ තීරණය සම්බන්ධයෙන් හා මහමැතිවරණය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන සඳුදා (13) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව බීබීසී සංදේශය වාර්තා කරයි.

හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා යෝජනා ලබාදීම සම්බන්ධයෙන් මේවනවිට ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වී තිබෙන අතර,  දිවයිනේ විවධ පුරවැසි සංවිධාන  මෙම තීරණය ගැන දැඩි විරෝධයක් පළ කිරිමත් ජනාධිපතිවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට හේතුවී ඇතැයි බීබීසී වාර්තාවේ දැක්වේ.



අදහස් (0)

ජනපතිගෙන් සඳුදා විශේෂ ප්‍රකාශයක්

සුලෝචන Sunday, 12 July 2015 09:52 AM

මම නම් ආසාවෙන් බලාඉන්නේ ඔය කතාව අහන්න. (නි)

:       0       0

නුවන් Sunday, 12 July 2015 10:06 AM

මට හිතෙනවා මහින්ද තනිවම ආවා නම් හොඳ බලයක් ගන්න තිබුනා කියලා (නි)

:       0       0

යහම්පත් Sunday, 12 July 2015 10:08 AM

ඔබතුමා ගැන තමයි දැන් විශ්වාසය තියෙන්නේ (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 12 July 2015 10:20 AM

අපි බලමුකෝ... (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 12 July 2015 10:38 AM

කරපු මෝඩකම , පාවාදුන් ඡන්ද දායකයන් , මේ සියල්ල කතාවෙන් සදා ගන්න බැහැ (බ)

:       0       0

යහපාල Sunday, 12 July 2015 10:42 AM

තවත් මොනවද ප්‍රකාශ කරන්න ඉතිරිවෙලා තියෙන්නේ? පළමුව පක්ෂය,දෙවනුව රට. (බ)

:       0       0

විමුක්ති Sunday, 12 July 2015 11:09 AM

එතුමා තීරණයක් ගන්නවා නම් ගන්නේ දෙපාරක් හිතලා (නි)

:       0       0

රන්ජිත් Sunday, 12 July 2015 11:20 AM

සඳුදාට මොනවා වෙයිද? අපි බලමු (නි)

:       0       0

යසපාල Sunday, 12 July 2015 11:51 AM

ඇත්ත. එතුමා කවදත් ගත්තේ බුද්ධිමත් තීරණ (නි)

:       0       0

මධුක Sunday, 12 July 2015 12:06 PM

ඔබතුමා කුමන තීරණය ගත්තත් අපි ඔබතුමා සමඟ ඉන්නවා (නි)

:       0       0

දේශප්‍රිය Sunday, 12 July 2015 12:12 PM

ඔබතුමාට නිවැරදි තීරණයක් ගන්නා බව අපි දන්නවා (නි)

:       0       0

විපුල Sunday, 12 July 2015 12:16 PM

අනේ මන්දා මොනවා සිද්ධවෙයිද කියලා (නි)

:       0       0

ඇන්ඩෲ Sunday, 12 July 2015 12:16 PM

මමත් බලාගෙන ඉන්නේ කියන්නේ මොනවද කියලා දැනගන්න (නි)

:       0       0

ටිකිරි Sunday, 12 July 2015 12:23 PM

අපි බලමු එතුමා මොනවද කියන්නේ කියලා (නි)

:       0       0

ලාල් Sunday, 12 July 2015 04:32 AM

දැන් මොන ප්‍රකාශයක් කලත් එයට තමන් නිවැරදි බව කියන්නවත් කොහෙත්ම ඉඩක් නැහැ. ඒ නිසා වැඩිය හොඳ දේ තමයි නිශ්ශබ්දව සිටීම. රටේ ජනතාව දන්නවා කල යුතු දේ මොකක්ද කියලා. .(නදී)

:       0       0

අශාන් Sunday, 12 July 2015 04:32 AM

දැන්නම් අපි ඔය බයිලා අහන්නේ නැහැ. නිහාල් නෙල්සන්ගේ වගේ හොඳ බයිලයක් අහල ජොලියේ ඉන්නවා. හැමදාමත් මිනිස්සුන්ව රවටන්න බැහැ මහත්තයෝ. (නදී)

:       0       0

රණවීර Sunday, 12 July 2015 04:38 AM

පින් පව් එනවා අප පසු පස්සේ හය හතර නොදන්නා බවයි වැටහෙන්නේ. (නදී)

:       0       0

මාරි Sunday, 12 July 2015 05:04 AM

දැන් ඉතින් ඕවායින් වැඩක් නැහැ සියල්ල වෙලා ඉවරයි (නදී)

:       0       0

දයාන් Sunday, 12 July 2015 05:29 AM

මතු පිටින් අපැහැදිලි වූ කටු සටහනක් වගේ පෙනුනට, මෙහි අන්තර්ගතව ඇත්තේ පැහැදිලි රුප සටහනක්.(ම)

:       0       0

අැඩ්ඩින් Sunday, 12 July 2015 05:34 AM

සුදර්ශනී පුල්ලේ හොරු සමග හෙළුවෙන්. මීගමුවේ තියෙන අවන්ද්‍රා එක කාගේද...?ජෙයරාජ්ගේ ගජ මිතුරු අයගේ...එතකොට ලන්සාගේ කුඩු...පුල්ලේ මුන් සමග හෙළුවෙන්..(බ)

:       0       0

ප්‍රදීප් Sunday, 12 July 2015 05:35 AM

ඔබතුමාට ඡන්දේ දුන්නේ අපිට කහනවාට නොවේ. හොරකම පවුල් පාලනය ලෝකෙට ණය වීම නවතාගන්න. ජනතාවගේ බලාපොරොත්තු පාවා දීපු එවුන් ලබන ආත්මේ පෙරේතයෝ වෙලා උපදිනවා ජනාධිපතිතුමෝ (බ)

:       0       0

අරුණි Sunday, 12 July 2015 05:38 AM

අපි ඔහු කෙරෙහි විශ්වාසයක් තිබ්බේ රට යහපත් කිරීම සඳහායි, ඒ විශ්වාසය එලෙසම තබමු, අපි හිතනදේම ඔහු කළයුතු නැත කළ යුත්තේ සුදුසුම දෙයයි එ් නිසා ඉවසීමෙන් බලාසිටිය යුතුය (බ)

:       0       0

සමීර Sunday, 12 July 2015 05:50 AM

කලේ අනිත් පැත්ත හරවල වතුර දානවා වගේ තමයි (ම)

:       0       0

රෝහණ Sunday, 12 July 2015 06:11 AM

ඔබතුමා මොනවා ප්‍රකාශ කළත් මහින්දගේ පළමු වෙඩිමුරය ඔබතුමාට.(ම)

:       0       0

අචිනි Sunday, 12 July 2015 07:48 AM

මට නම් හිතාගන්න අමාරුයි (නි)

:       0       0

නවරත්න Sunday, 12 July 2015 07:56 AM

ජනාධිපතිතුමනි, මුළු රටම බලා ඉන්නවා (නි)

:       0       0

මහේෂිකා Sunday, 12 July 2015 07:58 AM

අපි බලමුකෝ ‍මොනවද කියන්නේ කියලා (නි)

:       0       0

ගගන් Sunday, 12 July 2015 08:06 AM

ඔබට ජයවේවා ජනපතිඳුනි! (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස්.. Sunday, 12 July 2015 02:30 PM

යහපාල මහත්තයෝ, පළමුව පක්ෂය දෙවනුව රට? ඒ කියන්නේ පක්ෂය තිබුනොත්ද රට ඉතුරුවෙන්නේ?එතකොට කට්ටිය රට පාවාදීලා රටට මොනවා වුණත් කමක් නැද්ද? (නි)

:       0       0

ලාල් Sunday, 12 July 2015 08:07 AM

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියන්නේ පරිනත හා බුද්ධිමත් දේශපාලඥයෙක් බව අමතක නොකල යුතුයි.(නදී)

:       0       0

බණ්ඩා Sunday, 12 July 2015 08:09 AM

දේශපාලනය කියන්නේ මේකට. රට ගැන කවුරුවත් හිතන්නේ නෑ තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමට ඕනෑම පාවාදීමක් කිරීමට දේශපාලුවන් සුදානම් (නදී)

:       0       0

ප්.ම. ධර්මප්‍රිය Sunday, 12 July 2015 08:41 AM

සිංහලයා මෝඩයා කැවූම් කන්න යෝදයා (නදී)

:       0       0

රෝහණ Monday, 13 July 2015 05:14 AM

ජනාධිපතිතුමනි ඔබතුමා ජනවරම පාවාදුන්නා. එකේ ප්‍රතිපල ඔබතුමාට වැඩි ඈතක නොවේ.(ම)

:       0       0

චමින්ද කොඩිකාර Sunday, 12 July 2015 09:01 AM

ලාල් හරියටම හරි (නදී)

:       0       0

හුසේන් මොහමඩ් Sunday, 12 July 2015 09:04 AM

ඔය කියන්න යන්නේ රට බල්ලට ගියත් පක්ෂය බේරගන්න ඕනා කියන එකද..? ඔබතුමාත්, අපේ රටේ දේශපාලඥයෙක් කියන එක රටට තේරෙනකොට පරක්කු වැඩීයි. (නදී)

:       0       0

මුදිත Sunday, 12 July 2015 09:29 AM

ඔබතුමා ඔබතුමාගේ තීරණය කියන්නකෝ (නි)

:       0       0

සහන් Sunday, 12 July 2015 09:31 AM

රටේ ඡන්දදායකයාට පැහැදිලි තීරණයක් ගන්න අවස්ථාව ලබාදුන් ඔබතුමාට අපේ ආචාරය! (නි)

:       0       0

නිමාෂා Sunday, 12 July 2015 03:22 PM

මට නම් හිතෙන්නේ මැතිවරණයේදී මොන විවෙචන කලත් නිවැරදි යහපාලනයක් කරන්න පුළුවන් වෙන්නේ ශ්‍රී ලනිපය මුල් වෙච්චි සන්ධානයකින් කියල එතුමාට තේරුම් ගිහින්. අවරුදු 45 ක දේශපාලන ජීවිතේ අත්දැකීම් මත යහපාලන පෙරමුණු කරුවන් එතුමාව නටවන්න උත්සහා ගත්ත බව තේරුම් අරගෙන. සියල්ල යහපතටම හේතුවේවි. (නදී)

:       0       0

ශෂිකා Sunday, 12 July 2015 09:41 AM

හොරු ගැන පවසා ඡන්දය හිගා කාපු රනිල්ම කරපු වංචාව නිසයි මහින්දට දුන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site