IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජනපතිගෙන් ධීවර ඇමතිට පොරොන්දුවක්

 

(සුජිත් හේවාජුලිගේ )

භූමිතෙල් ඇතුළු ඉන්ධන වෙනුවෙන් ධීවර ජනතාවට සහනාධාරයක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට පොරොන්දුවී ඇත.

ජනාධිපතිවරයා තමාට  දුරකතනයෙන් මේ බව දැනුම් දුන් බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවසීය.

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා රටපුරා ධීවර නායකයන් කැඳවා ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව ඊයේ (23) දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.

මේ සාකච්ඡාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, එම අමාත්‍යාංශයේ ලේකම්  ඉන්දු රත්නායක,ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්තකහවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගිවූහ.

තමන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ධීවර නියෝජිතයෝ මෙහිදී  ධීවර  අමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කළහ. මේ අවස්ථාවේදී ධීවර අමාත්‍යවරයා ජනාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරා ඇති අතර ජනාධිපතිවරයා හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමකට සහභාගි වී සිටි හෙයින් එය ව්‍යාර්ථ විය.

පසුව ජනාධිපතිවරයා එදින රාත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා ට මහතාට දුරකතන ඇමතුමක් ලබාදී ඉහත පොරොන්දුව ලබාදී ඇති බව වාර්තා වේ.

එසේම ධීවර ගැටලු සම්බන්ධයෙන් ධීවර නියෝජිතයන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද  ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත්  දැනුම් දුන්නේ යැයි ධිවර අමාත්‍යවරයා  ප්‍රකාශ කළේය.



අදහස් (3)

ජනපතිගෙන් ධීවර ඇමතිට පොරොන්දුවක්

Thilak Wednesday, 24 August 2022 12:31 PM

හොඳ පියවරක්, ක්‍රියාමාර්ගයක්

:       0       13

De silva Wednesday, 24 August 2022 12:44 PM

මුලින්ම මාළුවලට පාලන මිලක් නියම කරන්න. ඉන්පසු ධීවරයාට තෙල් සහන දෙන්න. තෙල් සහන අරන් ධීවරයා මාළු මිල ඉහළ දැම්මට පස්සේ පාරිභෝගික අපට වැඩක් නොමැත.

:       1       5

චන්දන Wednesday, 24 August 2022 03:45 PM

මෙයාලා භූමිතෙල් අරගෙන බස්කාරයින්ට විකුණලා දාන්න...

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site