IMG-LOGO

ජනාධිපති සමාජ සාධාරණත්වය කණපිට හරවලා

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරයා සමාජ සාධාරණත්වය කනපිට හරවමින් විපක්ෂයට ආණ්ඩුවට එකතු වෙන්නැයි ආරාධනා කිරීම විහිලු සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය  ජී.එල්.පීරිස් මහතා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සම්මත කරගත් ඔන්ලයින් පනත යටතේ  ගනු ලබන නීති ක්‍රියාමාර්ග වල කිසිදු  වලංගු භාවයක් නැතැයි ද මන්ත්‍රීවරයා කීය.

මාර්ගගත ආරක්ෂණ පනත යටතේ ප්‍රථම අත්අඩංගුවට ගැනීම  සිදු වූ කී පීරිස් මහතා මැතිවරණ ඉලක්ක කර ගනිමින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම සඳහා මෙම පනත ආණ්ඩුව විසින් ගෙන ආ බව සඳහන් කළේය.

කොළඹ දී  මාධ්‍ය  හමුවකට සහභාගී වෙමින් මහාචාර්ය පීරිස් මහතා මෙි බව කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  කාර්ය මණ්ඩල යෝජනා වලට විපක්ෂයේ යෝජනා ලබා නොගෙන එවා කුණු කූඩයට දැමු බව කී මන්ත්‍රීවරයා රජයේ වංචා දූෂණ තවත් ඉහල ගොස් තිබෙන්නේ යැයි සඳහන් කළේය.



අදහස් (4)

ජනාධිපති සමාජ සාධාරණත්වය කණපිට හරවලා

පිටරටවැසියා Monday, 12 February 2024 12:45 PM

විපක්ෂයට ආණ්ඩුවට එකතුවෙන්න බැරි මොකද මහත්තයෝ? ඔබතුමා උප කුලපති වෙලා හිටපු කාලෙදී හිටපු ශිෂ්‍ය සංගම් සභාපති, ඔබතුමාගේ දේශපාලන ජීවිතයේ ලේකම් තනතුරකින් පිදුම් ලබා එකමග ගියේ හා නැද්ද?

:       1       9

HafeelMonday, 12 February 2024 01:22 PM

ඇත්තටම කියනවා නම්, දැනට ආණ්ඩු පක්ෂය කව්ද? විපක්ෂය කව්ද හෝ කියලා කියන්න බැරි තරමට පාර්ලිමේන්තුව අච්චාරු වගේ... මිශ්‍ර පක්ෂය වගේ වෙලා. හැබැයි මාලිමාවේ මන්ත්‍රීලා පමණයි... අවංකයි....

:       0       4

abaran Monday, 12 February 2024 02:50 PM

1994 ඉඳන් පාර්ලිමේන්තුවේ හිටියා. කරපු කිසිම ඵලදායි වැඩක් තියෙනවාද? පාර්ලිමේන්තුවට ගෙනාපු හැම පනතකටම අත ඉස්සුවා. කාලයක් චන්ද්‍රිකා සමග.... ඉන්පසුව රනිල් ළඟ. ඉන් පසුව මහින්ද ළඟ. ඊළඟට ගෝඨා ළඟ. දැන් සජිත් ළඟ. ඉතින් කොහේද උන්නැහේ ඔහෙට ප්‍රතිපත්තියක්. ඔහේ වී විද්‍යාලයක හිටපු මහාචාර්ය වරයෙක් වෙන්න ඇති. නමුත් දේශපාලනයේදී කිසිදු ප්‍රතිපත්තියක් නැති කුණුවී ඕජස් ගලන චරිතයක් විතරයි. මේවගේ අය ඊළඟ ඡන්දෙදී අනිවාර්යයෙන්ම ගෙදර තැබිය යුතුයි...!

:       0       4

සකලසිරි පීරිස් Monday, 12 February 2024 06:51 PM

මට මහළු වයසේ... හැකිය ඇමැතිකම් ඉස්සරට වඩා හොඳිනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 13 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 349 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 821 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site