IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජනාධිපති ශිෂ්‍යත්ව දීමනා මැයි මාසයේ සිට

(අංජුල මහික වීරරත්න) 

2022/2023 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් ආර්ථික අපහසුතා ඇති සිසු දරුවන් 6000ක් සඳහා උසස් පෙළ හැදෑරීමට ශිෂ්‍යත්ව ලබා දීමට අදාල කටයුතු  අවසන් අදියරේ පසුවන බවත්, ඒ අනුව 2024 මැයි මස සිට මාර්තු, අප්‍රේල් මාසවල හිඟ වාරික ද සහිතව එම ගෙවීම් සිදු කිරීමට කටයුතු සුදානම් කර ඇති බවත් ජනාධිපති අරමුදල දැනුම් දෙයි. 

ඒ අනුව 2024 මාර්තු මස සිට ක්‍රියාත්මක වන පරිදි  මසකට රුපියල් 6000 බැගින් වාරික 24ක් සඳහා මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරේ.‍ෙ

තෝරාගන්නා ලද සිසුන්ගේ නාමලේඛන පළාත් වශයෙන් ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති අරමුදලේ නිල වෙබ් අඩවියේ (www.presidentsfund.gov.lk) පල කිරීමට කටයුතු කරනු ලබන අතර වැඩිදුර විස්තර සඳහා ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව (www.facebook.com/president.fund) like/follow කර තබාගන්නා මෙන් ද ජනාධිපති අරමුදල දැනුම්  දී සිටි. ෙ

තවද 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ආර්ථික අපහසුතා සහිත සිසුන් ලක්ෂයක් සදහා පිරිනැමෙන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනේ අයදුම්පත් භාර ගැනීම මේ වන විට අවසන් වී ඇති අතර ශිෂ්‍යත්වලාභීන්ගේ නාමලේඛන කලාප මට්ටමින් ඉදිරි මාසය තුළ ජනාධිපති අරමුදල වෙත ලැබීමට නියමිතව තිබේ.

එම නාමලේඛන ලද පසු අදාළ සිසුන් සදහා ශිෂ්‍යත්ව දීමනා වශයෙන් මසකට රුපියල් 3000 බැගින් මාසික වාරික 12ක් ගෙවීමට කටයුතු කෙරෙන අතර මෙම ශිෂ්‍යත්ව මුදල්ද 2024 මැයි මස සිට ලබා දීමට නියමිතව ඇත.

 



අදහස් (1)

ජනාධිපති ශිෂ්‍යත්ව දීමනා මැයි මාසයේ සිට

අරවින්ද මොනරවිල Monday, 08 April 2024 11:46 AM

ඕක ටික ටික පස්සට දාලා ඡන්දය කිටිටු වෙනකොට දෙන්න පටන් ගනියි, ඡන්දයෙන් පස්සේ ශිෂ්‍යාධාර දීමනා, අස්වැසුම, වැඩිහිටි දීමනාව සියල්ලට ම වැඩේ දෙනවා රනිල් රාජපක්ෂ කල්ලිය.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 388 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site