IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 29 අතුරුදන්: ප්‍රවාහන අධ්‍යක්ෂකත් නොදනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රුපියල් කෝටි ගණනාවක් වටිනා යතුරුපැදි 12 ක් ඇතුළු වාහන 29 ක් අස්ථානගතවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් අනුව ජනාධිපති කාර්යාලයේ ප්‍රවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගෙන් පැය හය හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

වර්තමාන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පොලිස්පතිවරයාට ලිඛිතව කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇතැයි එම ආරංචි සඳහන් කරයි.

මෝටර් රථ නවයක් යතුරුපැදි 12 ක් කැබ් රථ 6 ක් හා ට්‍රැක්ටර් දෙකක් එම වාහන අතර වේ.

2022 වසරේ විගණන දෙපාර්තමේන්තුව මගින් සිදු කළ විගණනයකදී ජනාධිපති කාර්යාලයේ භාවිතය සඳහා ලබා දී තිබූ වාහන 800 කට අධික ප්‍රමාණයකින් 51 ක් අස්ථානගතවී ඇති බවට වාර්තාවකින් අනාවරණය වී ඇති අතර ඉන් අනතුරුව වාහන 22 ක් සොයා ගැනීමට කටයුතු කර තිබිණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ මහේෂ්. හේවාවිතාරණ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා පැය හයහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත්ත ද අස්ථානගතව තිබෙන වාහන සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාමට තරම් වැදගත් තොරතුරක් ඔහුගේ ප්‍රකාශවලින් අනාවරණ වී නැතැයි ද දැනගන්නට ඇත.

ඔහු ප්‍රවාහන අධ්‍යක්ෂවරයා ලෙස එවකට වැඩ භාර ගත් දිනයේ සිට ගොනු නිසියාකාරව පවත්වාගෙන යන බවත් පැරණි ගොනු කිසිවක් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති බවත් එනමුත් සති තුනක කාලයක් ඒ සඳහා ලබා දෙන මෙන් ඔහු ඉල්ලීමක් ද කර ඇතැයි දැනගන්නට ඇත.

ප්‍රවාහන අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශයෙන්, අස්ථානගතව තිබෙන වාහන සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් අනාවරණය නොවුණත් එලෙස අස්ථාන ගත වී තිබෙන එම වාහන විකල්ප ක්‍රමවේද ඔස්සේ විමර්ශන සිදු කර සොයා ගැනීමට කටයුතු කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 



අදහස් (8)

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 29 අතුරුදන්: ප්‍රවාහන අධ්‍යක්ෂකත් නොදනී

මැක්ස් Wednesday, 23 October 2024 05:16 AM

මෙය සැබෑවක් නම් වහාම ඒ ගැන පරීක්ෂා කර වැරැදිකරුවන්ට දඬුවම් දිය යුතුමයි. එම වාහන නැවත සොයා ගත යුතුමයි. මෙය කොට්ටහච්චි නෝනාගේ උගන්ඩා ඩොලර් වැනි නාටක පිටපතක් නොවනු ඇතැයි ද අපි විස්වාස කරමු.

:       0       3

බකල ජයා Wednesday, 23 October 2024 05:36 AM

හැංගි මුත්තං සෙල්ලම ඉවරවුණා කියලා දන්නැතුව තාම හැංගිලා ඉන්න විසිනමයක්...

:       0       3

ගුණරත්න Wednesday, 23 October 2024 07:42 AM

පරණ හොරකම් දූෂණ අල්ලන එක ඉතා හොඳයි, එත් ඔය වාහන රෙද්ද්දවල් නෙවේ මේ රටේ මූලිකම ප්‍රස්නය. ආනයන සීමා නිසාත් අධික බදු නිසාත් නොවටිනා ගණන් වලට මෙහෙ වාහන විකිණෙනවා තමයි නමුත් ඔය තරම් අවධානයක් ඒ සඳහා දිය යුතුද? සහල් මාෆියාව, එළවලු මාෆියාව, බිත්තර මාෆියාව, අස්වනු බෙදාහැරීමේ ප්‍රස්න, පාස්කු ප්‍රහාරය, ණය අර්බුදය ආදී නොයෙකුත් ප්‍රස්න තියෙනවා. කෝ ඒවාට විසඳුම්. මිනී මැරුම් ආදීයත් වැඩි වී තිබෙනවා. ඒවාට හේතු සොයා විසඳුම් දිය යුතුයි

:       8       4

Lsa Wednesday, 23 October 2024 08:27 AM

වාහන 800කින් රටට කරපු සේවය තමා අපේ බදු මුදලින් වාහනයි ඉන්ධනයි පුද්ගලයන් 800 කට වඩායි නඩත්තු කරපු එක. ඉතිං අපි මෙහෙම හරි ඉතුරු උන එකයි පුදුමේ

:       2       11

Priyantha Dissanayake Wednesday, 23 October 2024 09:42 AM

බොහෝම අපූරුයි බලධාරීන්ගේ ක්‍රියා කලාපය. හරියට ඉදිකටු වගේ හරි සියුම් දේවල්නේ එනිසා ඔය හැම එකක් ගැනම කොහොමද අවදානෙන් ඉන්නේ, ඔය කොහේ හරි මඟහැරිලා ඇති.

:       0       9

monaravila Wednesday, 23 October 2024 10:11 AM

ප්‍රවාහන අධ්‍යක්ෂක පඩි ගත්තේ ජිල් ගහන්නද ?

:       0       9

don Wednesday, 23 October 2024 10:35 AM

ට්‍රැක්ටර් 2 ක්ද v8 දෙකක්ද ?

:       0       5

don Wednesday, 23 October 2024 10:39 AM

වහාම ගරාජ් නම්බර ටහනම් කර විදිමත්ව වාහන ලියාපදිංචි නම්බර ගන්න කිව්වා නම් ඔය වාහන පමණක් නෙමෙයි තව ගොඩක් හොර වාහන අල්ලගන්න පුළුවන්

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලංගමේට බස් 500ක් අරන් කෝටි 301ක් පිනට දීලා
2025 මැයි මස 05 56 0

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාවෙන් බස් රථ 500 ක් මිලදී ගැනීමට මුල් ඇස්තමේන්තුගත වටිනාකමට වඩා වැඩි මුදලක් වැය කිරීමෙන් මණ්ඩලයට 2023 වර්ෂයේදී රුපියල්


පුංචි ඡන්දය නිරීක්ෂණයට 4450ක්
2025 මැයි මස 05 28 0

පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සඳහා දේශීය නිරීක්ෂකයෝ 4450 දෙනෙක් හෙට (6) යෙදෙවෙති.


ජනපති වියට්නාම ජනපති හමුවෙයි
2025 මැයි මස 05 142 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong)මහතා විසින් උණුසුම් අයුරින් අද (05) පිළිගනු ලැබී


ජනපතිගෙන් වියට්නාම් ව්‍යවසායන්ට ආරාධනා
2025 මැයි මස 05 179 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


ඌව පළාත් ප්‍රධාන ලේකම්ට ඇප
2025 මැයි මස 05 366 1

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කර රජයට රුපියල් කෝටි 130කට අධ


දෙදරු මවගේ සිරුරේ කොටසක් දින 8කට පසු හමුවෙයි
2025 මැයි මස 05 872 0

සැමියාගේ අමානුෂික පිහි ප්‍රහාරයට ලක්ව බෑනා විසින් මළසිරුර දෙකට කපා පොහොර උර තුනක දමා ගෑන්ඩ්පාස් ස්ටේට් පුර කුණු ඇළට දැමූ කාන්තාවගේ සිරුරේ උඩු කොටස දි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 697 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 181 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1217 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site