(අංජුල මහික වීරරත්න)
රටේ සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේ දී ඒ පිළිබඳව දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු දැනුවත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලිපියක් යොමු කරමින් ජනාධිපති ලේකම්වරයා මේ පිළිබඳ දැනුම් දී ඇත.
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන විසින් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් විවිධ සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු දැනුවත් නොකිරීම හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන අධිකාරිය අතර දුරස්ථභාවයක් ඇති වී තිබෙන බව ජනාධිපති ලේකම්වරයා පවසයි.
දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිරන්තරයෙන් පැමිණිලි ඉදිරිපත් කර තිබෙන අතර දේශපාලන අධිකාරිය හා රාජ්‍ය නිලධාරීන් අතර සම්බන්ධීකරණය අවම වීම හේතුවෙන් විවිධ ගැටලු ඇති වීම නිසා සංවර්ධන කටයුතුවලට එල්ල වී ඇති බාධා සම්බන්ධයෙන් ද ජනාධිපති ලේකම්වරයාගේ අවධානය යොමුව ඇත.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනාධිපති ලේකම්ගෙන් රාජ්‍ය නිලධාරීන්ට ලිපියක්
Mh Mohan Wednesday, 13 September 2023 02:52 PM
සංවර්ධන සැලසුම් තියෙනවද?