IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ජනාධිපති නියෝගයට පිටින් තුන්දෙනෙක් රට යවලා

සුජිත් හේවාජුලිගේ සහ  ඩයනා උදයංගනී

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ජනාධිපතිවරයාගේ නියෝගයට පිටින් පිටස්තර පුද්ගලයන් 3න් දෙනෙකු විදේශ සංචාරයකට පිටත් කර යවා ඇතැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (06) පිළිගත්තාය.

රාජ්‍ය ඇමතිවරිය මේ බව පිළිගත්තේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මේ පිළිබඳව මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු බලා දෙමිනි.

ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය මෙසේද පැවසුවාය.

  ‘‘විදේශ අධ්‍යාපන චාරිකාවට යවනවා නම් පළාත් සභාවේ මහජන නියෝජිතයින් හා මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් පමණක් යොදා ගන්නැයි ජනාධිපතිතුමා නියෝග කරලා තිබුණා.

නමුත් මහ ඇමතිතුමා ආණ්ඩුකාරවරයාගේ අවසරය අරගෙන බාහිර පුද්ගලයින් සිවු දෙනෙකු අරගෙන ගොස් තිබෙනවා.

ජනාධිපතිතුමාගේ නියෝගය ක්‍රියාත්මක වෙන්ව ඕන. නමුත් ඒක වෙලා නැති බව පිළිගන්නවා.‘‘

 



අදහස් (27)

ජනාධිපති නියෝගයට පිටින් තුන්දෙනෙක් රට යවලා

සතයපාල Wednesday, 06 June 2018 04:12 PM

ගුරුවරියක් දණ ගස්සවපු වෙලාවේ ජනාධිපතිවරයා මෙයාව හුරතල් කළානේ... ඒකට කෘතගුණ සලකන්නත් එක්ක ජනාධිපති නියෝග කඩ කරලා පෙන්වන්න ඇති. දැන් ඊලගට කියයිද දන්නේ නැහැ මේ මනුස්සයව ඌවේ මහ ඇමති කළ එක ආණ්ඩුව කල මෝඩ වැඩක් කියලා.

:       0       1

Samathasena A . Aluthgama Wednesday, 06 June 2018 04:16 PM

මේ මහ ඇමති මීට පෙර මට්ටු කරන්න නිසි පියවර ගත්තේ නැහැ. ඔන්න ඒ පාර ඇමතියා ජනාධිපතිවවත් මායිම් නොකරපු හැටි හරිම අපූරුයි.

:       24       676

faizer Wednesday, 06 June 2018 04:42 PM

ජනාධිපතිගේ හැකියාව බලමු දැන්. මට්ටු කරනවද කර අරිනවද කියලා. අපේ සල්ලි අනිසි විදිහට පරිහරණය කරනවා. මාද්‍යයට ගොඩක් පින් මෙවැනි පුවත් පලකරනවට...

:       0       71

aseThursday, 07 June 2018 04:49 AM

ගනු කඩුව යනු සටනට !! හා , හා

:       0       1

sirimal Wednesday, 06 June 2018 04:42 PM

මෙතරම් ගරු ගාම්භීර තනතුරක් බාරගත්තාට පස්සේ තමන් හදාගත් ජනප්‍රියත්වය බාල්දු වෙලා ඇති තරම අර කතාවේදී අත් දෙකම දික්කරල රඟදක්වලාම පෙන්නුවානේ නේද? කාටවත් දොස් කියල වැඩක් නැහැ වැරැද්ද තියෙන්නේ තමන්ගේ නොන්ජල් කමේ නම්.

:       0       80

Raveendra Wednesday, 06 June 2018 04:51 PM

හරකුන්ට හෙල්මට් දැම්ම කියන්නේ ප්‍රතිපල අති විශිෂ්ටයි.

:       0       67

nihal Wednesday, 06 June 2018 09:14 PM

ගස් ගොන්නු මහා ඇමතිකම් ලෙස පත් කලාම මෙහෙම වෙනවා ...නිස්සෝ සුදුස්සෝ ඉද්දි නුසුදුස්සෝ යයි ඉහලට සෙතක් වෙයිද එහෙම රටකට ඔයි

:       2       607

abaaris Thursday, 07 June 2018 12:33 AM

ඔයා අපේ ගමේ ජනතාවගේ හිත දිනාගත් වඩේ අය්යාට ඔයාකාරව අපහාස කරනවානම් ඔබතුමාගේ ආසනයේ ඉන්න ය ගැනත් කල්පනාකාරීව වචන පාවිච්චි කරන්න....නීතියට පිටින් ඕන තරම් දේවල් කරලා හම්බ කරන එක ඇත්ත...කොහොම වුනත් අපේ පළාතෙන්ම ඉහල චන්ද ප්‍රමාණයක් ගත්තු නිසා කොන් කරන්නට එපා....බැරිවෙලාවත් ඔය හරියාකාරව, නීත්‍යානුකූලව, වැඩ කටයුතු කරන ජෙනුයින් පොරක් ආවොත් අපි කිහිප දෙනා ගස් නේද ?

:       12       33

RaveendraThursday, 07 June 2018 02:23 AM

නිහාල් මයා වෙත, ඔබ ඉතාමත්ම නිවැරදිය. ගස් ගෝන්නු පමණක් නොවේ බුරුවන්ද මහජන නියෝගිතයන් ලෙස තෝරා ගැනීමත් එක හා සමානය.දැනටත් මේ මොහොතේත් " බූරු හරක් " රටේ මහජන සේවයට පැමිණ ඇති බැවින් රටේ දියුණුව කෙසේ වෙතත් රට වලපල්ලට යාම සක්කරයටවත් වැලැක්විය නොහැක.

:       0       67

Sunil Thursday, 07 June 2018 12:40 AM

ජනාධිපතිත් පම්බයෙක්ගේ ගානට වැටි ඇත.

:       26       88

rocky Thursday, 07 June 2018 01:07 AM

මේ මිනිහාගේ තක්කඩිකම පාලනය කරන්න ජනාධිපති තුමාටත් බැරිද? මේකා ඊට වඩා ලොක්කෙක් නම් ලබන ජනාධිපති වරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන්න . වහාම මේ දුර්දාන්තයාව එළවිය යුතුය.

:       0       34

ChandimaThursday, 07 June 2018 02:51 AM

අනේ ජනාධිපතිට දැන් එච්චර බලයක් නැහැ අනේ.

:       0       22

DilaanThursday, 07 June 2018 03:46 AM

තවම පත්තරේ බැලුවේ නැහැ.

:       0       16

රාජුන් Thursday, 07 June 2018 02:38 AM

ඕක මොකක්ද අනේ? ඔන්න ඔහේ ඇනුමක් ඇරලා, කාට හරි වැරැද්ද පටවල අමතක කරලා දාමු.

:       0       15

Chandima Thursday, 07 June 2018 02:43 AM

එකක් මේ යුගය අපේ රටේ දෙසපාලනයේ අඳුරු යුගයක් කියන එක. මොකද එක්කෝ ගොන්නු තක්කඩි අමනයෝ මැරයෝ නැතිනම් උගත් උන් උනත් රට ගැන නොහිතන ලෝක හොරු. අනික තමයි ඔය පිටරට වැඩමුළු පුහුණු සෙල්ලම.ඔය දෙසපලකයෝ ගිහින් එන වැඩමුළු බොහොමයක් පරික්ෂා කලොත් ඒවා ජාත්‍යන්තර ආයතන වල නම් අනුකරණය කරමින් සංවිධානාත්මකව කරන ව්‍යාජ ඒවා. ලොකු හෝටල් කුලියට අරන් කරන්නේ. මේ උදවිය රංචු පිටින් ගිහින් ඒවායේ විනෝද වෙලා සවාරිත් ගහල දෙන බොරු සහතිකේ ආණ්ඩුවට පෙන්නලා සල්ලිත් කපාගෙන ඔහේ ඉන්නවා. මේ සෙල්ලම තාම රටේ වැඩිදෙනා දන්නේ නැහැ.

:       3       21

dasun Thursday, 07 June 2018 03:35 AM

ගොඩක් දුරට බැලුවාම මේ ප්‍රශ්නවලට මුල සිරිසේන ජනාධිපතිතුමාගේ දුර්වල නායකත්වය. වෙනත් තැනක එතුමා පොලිතින් ප්‍රශ්නය ගැන රටටම දොස් කියපු එක ගැන කමෙන්ට් එකක් තිබුනා එතුමා කරන්නේ කාට හරි දොස් කියන එක පමණයි කියල. තව තැනක කියලා තිබුනා ජයවර්ධන, ප්‍රේමදාස සහ රාජපක්ෂ ජනපතිවරුන් අනුන්ට ඇඟිලි දික්කරේ නැහැ හැබැයි වැඩේ කෙරෙන තැනට ගෙනාවා කියලා. සිරිමා බණ්ඩාරනායක අගමැතිතුමියත් එහෙමයි. ඒ තමයි අපි පුද්ගලයන්ව වෙන වෙනම අනුමත කරත් නොකරත් නියම නායකත්වය. අද අපේ රටේ උඩම තැන එය ඇත්තෙම නැහැ. හරි ලුලෙක් පොකුණට නැති නිසා කනයෝ විතරක් නෙවෙයි කාවයියොත් බඩ පිනුම් ගහනවා. හෙට අනිද්දා වෙනකොට දියබරියෝ ඇවිත් ටිකිරිලියාව ගිල්ලා කියාවි.

:       0       32

ලුම්බිණි Thursday, 07 June 2018 03:37 AM

ගුරුවරියකට ඉතාම කැත විදියට අපහාස කරපු එකට කිසි දඬුවමක් නොදුන්න එකේ මේවට මොන දඬුවම්ද? නියම විදියට මේකට ගිහිපු සියලු වියදම් පුද්ගලිකව ගෙවන්න කියන්න ඕන..........

:       0       13

SATHYAPALA Thursday, 07 June 2018 03:39 AM

"නිවට ඇම්බට්ටයට එළුවොත් නිකට පානවා" කියල පැරණි කියමනක් තිබුන.

:       0       8

aravinda Thursday, 07 June 2018 04:09 AM

ගුරුවරියක් දන ගැස්සුවා. පළාතේ හැසිරෙන්නේ නරක විදියට. ඔය කිසි එකක් ජනාධිපති තුමාට පෙන්නේ නෑ.

:       0       19

Thushara Thursday, 07 June 2018 04:16 AM

ඔන්න දැන් තමයි ජනාධිපතිතුමා මේක දැනගන්නේ ලංකාදීප පත්තරේ බලල.

:       0       3

nali Thursday, 07 June 2018 04:19 AM

අනේ ! මේක අලුත් කතාවක් නෙමෙයි, පසුගිය අවුරුදු 18 ක කාලයතුල මේ වගේ නුසුදුස්සෝ ගාල් පිටින් ආවා යුරෝපයට විවිධ සම්මන්ත්‍රණ වලට වැඩමුළුවලට දෙශපාලුවන්ගේ හෙන්චයියෝ. ලෝකයේ උත්තරීතර සංවිධානයක් තුල මගේ අත්දැකීම්, මොනවා කරන්නද මිතුරනේ ?

:       0       14

faizerThursday, 07 June 2018 06:07 AM

කරුණාකරලා ප්‍රසිද්ධ කරන්න මින් මතුවට මෙවන් දේවල් සිද්ද නොවෙන්න...

:       0       6

Sapumal Thursday, 07 June 2018 05:40 AM

මෙය කව්රුන් හෝ කෙනෙකුට ටීඑන්එල් චැනලයෙන් වැදුණු පහරකට ඔහු විසින් ප්‍රසිද්දියේ කරන ලද පැහැරීමක් වගෙයි පෙනෙන්නට තියෙන්නේ. ශාන් වික්‍රමසිංහ කියන්නේ නිහඬ බුද්ධිමතෙක්.එතුමා මෙයට නිසි ක්‍රියාමාර්ග ගනීවි.

:       0       1

faizer Thursday, 07 June 2018 06:10 AM

තුෂාර මයා වෙත... ලංකාදීප පත්තරේ බැලුවා. දැන් මතක නැහැ.

:       0       1

Saththaya Thursday, 07 June 2018 06:55 AM

මායිම් කරයිද ? ඒක තමයි රටට තියෙන ලොකුම ප්‍රශ්නය.

:       0       276

kalani Thursday, 07 June 2018 09:37 AM

දේශපාලකයන්ගේ ආකාරය ගැන ඔවුන් ජනතා බදු මුදල් වාෂ්ප කිරීම ගැන, සැබවින්ම ඔබ අසතුටින් නම් ඒවා සම්බන්ධයෙන් දැනුවත්වීම පිරිමි දරුවන්ට වැරහැලි කලිසමක් එලලීම හෝ ගැහැණු දරුවකුට යකඩ වැඩ ඉගැන්වීමට වඩා පහසුවෙන් කල හැකිය. දේශපාලනයට පිවිසීම කිසිදු සුදුසුකම් නො සොයන සමාජයක ' මහා ඇමති විය යුත්තේ කවුද යන්න ප්‍රශ්නයක් නොවේ. ගුරුවරියක දැනගස්විම , ඔහුගේ අනුගාමික මුද්ධයින්ට , උතුර ජයගත් සපුමල් කුමාරයාගේ වීරත්වයට වඩා වැඩි යාමකි. අපේ අනාගත ජීවිතය, ගාල කඩාගත් පට්ටියට වැටුණු කුළු හරකුන්ට බාර දී මොවුන් හැසිරෙන්නේ මෙසේද යන්න විමසීම සරදමකි.

:       2       0

raheemThursday, 07 June 2018 02:49 PM

කළණි ඔබ හරි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මන්ත්‍රී යෝජනා 5ක් සම්මතයි
2025 මැයි මස 09 28 0

පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය


සභා 149ක බලය අල්ලන්න විපක්ෂයෙන් ගේමක්
2025 මැයි මස 09 67 0

ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළද විපක්ෂයට වැඩි බලය හිමිවූ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙ


ලිංගික අල්ලස් ඉල්ලූ දිවිනැගුම නිලධාරි වසර 20කට හිරේ
2025 මැයි මස 09 208 0

දරුවාගේ වකුගඩු සැත්කමට රජයේ සහනාධාර මුදල ගැනීමට අනුමැතිය දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරය


’’තොරොම්බෝල් කඩ’’ පාරේ යන දවස නවත්වන කාලය කියයි
2025 මැයි මස 09 893 1

මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායකයින්ගේ පෙත්සමට දින දෙයි
2025 මැයි මස 09 221 0

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප


මන්ත්‍රීන් බිලිබාන සෙට් එක අල්ලා හිරේ දමනවා
2025 මැයි මස 09 476 3

පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 12 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1289 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 332 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site