(+++ සුජිත් හේවාජුලිගේ)
පසුගිය ජනාධිපතිවරණ සමයේ දී රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කරන ලදැයි කියන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින් තිදෙනකුට විරුද්ධව විමර්ශන පවත්වන්නැයි මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇත.
මේ නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් මූලික විමර්ශන පවත්වා ඒ පිළිබඳ විස්තර වාර්තා ද ජනාධිපති ලේකම්වරයාට බාරදී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙක් ‘ලංකාදීප’ යට ඊයේ පැවැසීය.
රාජ්‍ය දේපළ අවභාවිත කරන ලදැයි කියන සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් මේ නිලධාරින් තිදෙනාට විරුද්ධව චෝදනා එල්ල වී තිබෙන බව මැතිවරණ කොමිසම පවසයි.
මේ අතර ජනාධිපතිවරණ සමයේ දී රාජ්‍ය දේපළ අවභාවිත කරන ලදැයි කියන ආයතන කිහිපයක නිලධාරින් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්නැයි මැතිවරණ කොමිසම ඒ ආයතන ප්‍රධානීන්ට මෙයට පෙරද දැනුම් දී තිබිණ. මේ අනුව සමෘද්ධි අධිකාරිය පමණක් ඊට අදාළ විස්තර වාර්තා මැතිවරණ කොමිසමෙන් දැනටමත් ලබාගෙන තිබෙන බව එහි නිලධාරීහු කියති.
රාජ්‍ය ආයතනවල මෙවැනි චෝදනා එල්ලවන අවස්ථාවලදී මැතිවරණ කොමිසමට කළ හැක්කේ ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්නැයි අදාළ ආයතන ප්‍රධානීන්ට දැනුම් දීම පමණකැයි පැවැසේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ජනාධිපති කාර්යාලයේ තිදෙනකුට එරෙහිව විමර්ශනයක් ඕනා
ලුම්බිණි Tuesday, 10 December 2019 06:59 AM
බලමු ජනාධිපතිතුමා මොකද කරන්නේ කියලා.
Mahee Tuesday, 10 December 2019 07:41 AM
19 කැලේට විසිකළහම ඔය ටිකත් නවතී. ඒකත් එක්කම රජයේ සේවකයෝ මොනවා කළත් ඒවා සද්භාවයෙන් හින්දා ඔවුන් නිදහස් බව කියන පනතත් සම්මත කර ගත්තාහම නෝ කතා නෝ සිනා.
සනත් ඉතාලිය Tuesday, 10 December 2019 08:42 AM
ඔන්න පටන්ගත්තා මඩ බලකාය අදහස් ලියන්න. මෙතන අදහස් ලියන්නන්ගෙන් 99% ක්ම කුලීහේවායෝ.
Dil PereraTuesday, 10 December 2019 09:27 AM
සනත්, ඔබ හරියටම හරි. එම මඩ බලකායේ සේනාදිනායක වන්නේ "මහි" තමා.
athuraTuesday, 10 December 2019 12:47 PM
සනත් මහත්මයො ඔබ තුමා ඉන්නේ ඉතාලියේ මම ඉන්නෙ ලංකාවෙ දැන් අපි කොහොමද ඔය කුලී හේවායෝ හදුනා ගන්නෙ.
MaheeTuesday, 10 December 2019 12:20 PM
සනත්, පෙරේරා, සෑම වහලෙක්ම තමන්ගේ ස්වාමියාට එරෙහි බව පෙනෙන කොලයක් සෙලවීමට පවා නිග්‍රහ කරනවා. සියලුම අදහස් ඔවුන්ට පෙනෙන්නේ එක්කෝ වහලුන්ට පක්ෂ නැත්නම් විපක්ෂ හැටියටයි. සත්‍යය දකින්න ඔවුන්ට හැකියාවක්වත්, උවමනාවක්වත් නැහැ, ඔබ දෙදෙනාට මඩ වශයෙන් පෙනෙන්නේ රටේ යහපත වෙනුවෙන් තිබෙන සම්මතයන් දෙකක් විකෘති කිරීම වැරදි බව පෙන්වන්න ලියු දෙයක්. මොනවා කරන්නද, පාට කන්නාඩි ගලවන තාක් ඔහොම තමයි.