IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජනාධිපති අපේක්ෂක අභියෝගය ගන්න සූදානම්

(යොහාන් භාසුර)

ජනාධිපති ධුර අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට ආරාධනාවක් ලැබුණ හොත් අභියෝගය භාරගන්නා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

දේශය වෙනුවෙන් එක්වන පියවරක් මත පදනම්ව පුළුල් දේශපාලන සන්ධානයක් ඇතිකිරීම අපේක්ෂාව බවත් පොදු එකඟතා හරහා දේශපාලන සන්ධානය පවත්වාගෙන යාම අරමුණ බවත් ඒ මහතා කීය.

 ඒ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සහ අපේක්ෂකයා තෝරාගැනීම සිදුවනු ඇතැයි පැවසූ රණවක මහතා රටේ අර්බුද විසඳීමට ඉදිරිපත්ව, ජනාධිපතිධුරාපේක්ෂකයා වෙන්නැයි සාමූහික නායකත්වය ඉල්ලා සිටියහොත්, අභියෝගය භාර ගැනීමට සූදානම් බව ද සඳහන් කළේය.

එහිදී ලැබෙන වගකීම කුමක්ද යන්න තමන්ට අදාල නොවු බව පැවසු රණවක මහතා මෙවර ද පොදු අරමුණක් සඳහා තමන්ගේ දායකත්වය තිබෙන බව ද කීය.


සුදුසු ඕනෑම ජනාධිපති අපේක්ෂකයකුට තමන්ගේ සහාය හිමිවන බවත් සාමුහිකය සිතන්නේ තමන් එයට සුදුසු ලෙසට නම් තමන් එම අභියෝගය භාර ගැනීමටද සුදානම් බව පාඨලී චම්පික රණවක මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (3)

ජනාධිපති අපේක්ෂක අභියෝගය ගන්න සූදානම්

nimal Tuesday, 20 February 2024 09:06 PM

ජනාධිපති ධුර අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට ආරාධනාවක් ලැබුණ හොත් අභියෝගය බාරගැනීමට පෙර හදිසි අනතුර අවස්ථවේ සිදුවූ සිදුවීම පිළිබදව පොලිස් වාර්තාවක් රැගෙන එන්න

:       0       0

kotiya Wednesday, 21 February 2024 07:32 AM

කවුරුවත් බුලත් දෙනකන් ඉන්නැතුව සන්ධානේ හදාගෙන ජනාධිපති කමට ඉල්ලන්න. මොකක්ද? අර අන්දරේ ගල අයින් කළා වගේ කට්ටිය එකතු වෙලා මෙයාගේ කරේ තියන්න ඕනේ ගල. මෙයා ජනාධිපති වුණොත් කරන්න තියෙන ඒවාටත් කියයි කට්ටිය එකතු වෙලා කරගන්න මාත් එන්නම් අත ගහන්න කියලා...

:       0       2

ලියනආරච්චි Wednesday, 21 February 2024 07:35 AM

බලය අයුතු ලෙස භාවිතය, නිසි කළමනාකාරීත්වයක් නොපෙන්වීම, දාමරිකයෙකු වීම, දේශපාලන අදූරදර්ශී භාවය වැනි කරුණු රැසක් නිසා චම්පික මන්ත්‍රිවරයා ජනාධිපති ධූරය සදහා නුසුදුස්සෙකු වී ඇත.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site